මගේ කිරුළ රටට අභිමානයක්
මේ සුමුදු ප්‍රසාදිනී ඔබට මතකද? එදා ‘‘පාරා වළලූ’’ ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ඇය පසුව විකාශයට නියමිත ‘‘හිම පියලි’’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. එලෙසින් ක්ෂේත්රයට ආ ඇය නිරූපණ ශිල්පිනියක ලෙසත් වඩා ජනප්‍රිය වුණා. 2011 දී සුමුදු මේ විදියට ක්ෂේත්රයට ආවේ මිස් පර්ෆෙක්ට් කිරුළ දිනා ගැනීමෙන් අනතුරුවයි. පසුගියදා පැවැති 2018 විවාහක රූ රැුජිණ කිරුළ හිමිකරගත්තේ ඇයයි. මීළඟට ඇය සූදානම් වන්නේ චීනයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැුජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටයි. ඒ අතරවාරයේදී ඇය සඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.
‘‘සුමුදු’’ දිග නමක් නේද තියෙන්නෙ?
විජේසිංහ මුදියාන්සේලාගේ සුමුදු ප්‍රසාදිනී අබේසේකර.
ඇයි දිගටම රඟ නොපෑවේ?
පළමුනාට්යයේ රඟපාද්දීත් සමහර දිනවල පාන්දර තුනට විතර යන්න තිබුණා. මම ගියේ අම්මා එක්ක. පාන්දරම ගිහින් සමරදාට ෂූටිං ඉවර වෙනකොට රාත්‍රී එකොළහ දොළහ විතර වුණා. ඒ විදියට දිගින් දිගටම කාර්යබහුල වෙන්න මට ඕනෑ වුණේ නැහැ. මගේ සැමියාත් කාර්යබහුල කෙනෙක්. ඉතින් මටත් කාර්යබහුල වෙන්න ඕනෑ වුණේ නැහැ. ඒ වගේම මම ආසා කරන චරිත මට ලැබුණෙත් නැහැ. ඒ කාරණා නිසා තමයි දිගටම රඟපෑවෙ නැත්තෙ.
සැමියාත් නිරුපණ කටයුතුවල යෙදුණාද?
නෑ. ඒත් එයා සම්පත් රජු ලෙස තේරුණා. 2011 දී මම තරග කළ ඉසව්වේ පිරිමි අංශයෙන් තරග කරලා ජය ලැබූවේ එයා. ඒවා කළේ විනෝදාංශයකට. එයා බැංකු ක්ෂේත්රයේ කළමනාකාරවරයෙක්.
සැමියාගෙ නම?
මිතිල අබේසේකර. බැංකු ක්ෂේත්රයේ කළමනාකරුවකුට අමතරව එයා නාලන්දාවෙ පැසිපන්දු පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.
ඔබගෙ පවුලෙ විස්තර කිව්වොත්?
අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි, මමයි. තාත්තා සහ අයියා ව්‍යාපාර අංශයේ නිරතවනවා.
රූ රැජිණ තරගවලට සහභාගී වෙමින් ඔබ බලාපොරොත්තු වන්නෙ?
හැමෝටම මේ වගේ රූ රැුජිණ තරගවලට එන්න බැහැ. කැපවීම සහ අවංකව ඊට දායකත්වය ලබාදීම වැදගත්. අන්තිමට එහි අවසන් ප්‍රතිඵලය වන්නෙ රටට ගෞරවයක් ගෙන දීමයි. 1985දී රෝසි සේනානායක මහත්මිය ශ්‍රී ලංකා රූ රැුජිණ වෙලා පසුව ලෝක විවාහක රූ රැුජිණ තරගයට ගිහින් රටට ජයග්‍රහණයක් ගෙනාවා. එයින් පසුව රටේ කිරුළ දිනලා ලෝකයේ කිරුළ සොයා යන දෙවන අවස්ථාව තමයි මේ. ඒ වෙනුවෙන් රට නියෝජනය කිරීමට ලැබීම ඇත්තටම ගෞරවයක්.
දැන් ලැබී තිබෙන අවස්ථාවෙන් රටට ජයක් ගෙනෙන්න නම්?
උපරිම මහන්සි වෙන්න ඕනෑ. අද රටවල් 122ක විතර විශාල තරගකාරියන් පිරිසක් සහභාගී වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෑ. නමුත් රටෙන් සහ රජයෙන් ඊට ලැබෙන දායකත්වය හරි අඩුයි. මේ වගේ තරගයකට යද්දී අධික වියදමක් දරන්න වෙනවා. මතුපිටින් පෙනෙන දේට වඩා මෙය හරි සංකීර්ණ අවස්ථාවක්.
මේ වගේ තරගයක් වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ කිව්වෙ?
මේක තරගයක්. සිරුරේ හැඩය පවත්වා ගන්නට ඕනෑ. ඒ වෙනුවෙන් අපි ව්‍යායාම් වගේම ආහාර පාලනය කරලා ඒ කැප කිරීම කරන්න වෙනවා. ඒ වගේම ලෝක රූ රැුජිණ තරගයක් තියන්නෙ එකවරම වේදිකාවට ගෙනැල්ලා සුරූපිණියක් තෝරා ගැනීම නෙවෙයි. සීමාසහිත කාලපරාසයකදී තමුන් රටේ ජාතික ඇඳුම අඳින අවස්ථාවේ සිට උප කිරුළු සඳහා අදියරෙන් අදියර ඉසව් පැවැත්වෙනවා. ඒ සියල්ල ගැන අවබෝධය වගේම පුරුදු පුහුණුවීම් සියල්ල කරන්නත් වෙනවා. රටේ අභිමානය රැුකෙන පරිදි කටයුතු කරන්නත් වෙනවා. මේ වගේ දෙයකට සහභාගී වීමට නම්, කැපවීම අවශ්‍යයි.
අද රඟපෑම ගැන හිතෙන්නෙම නැද්ද?
එහිදී මම බැලූවේ මට ගැලපෙන දේ ගැන විතරයි. දිගින් දිගටම රඟපානවට වඩා මම මේ ඉන්න විදියත් එක්ක මට දෙයක් ලැබුණොත් බාර ගන්නවා. අනෙක මම සල්ලි පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට පවුල තමයි අංක එක.
ඉස්සර ඔබ දක්ෂ මලල ක්‍රීඩිකාවක් නේද?
පාසල් සමයේදී දිවයිනේ දක්ෂතම ක්‍රීඩිකාවන් පස්දෙනා අතර මාත් හිටියා. නමුත් අනතුරකට මුහුණදීමත් එක්ක එය අතරමග නතර වුණා. නමුත් එදා ඉඳලම මගේ අරමුණ වුණේ රට නියෝජනය කිරීමයි. මට රිදෙන සහ වැටෙන තැන්වලදී ජීවිතේ ශක්තියක් කරගෙන නැගී සිටීමේ අරමුණ තිබුණා. අරමුණක් ආවොත් ඒ අරමුණ කරා යාම තමයි මාගේ ඉලක්කය. ගමේ පාසලේදී ශිෂ්‍යත්වයක් ලබා ගෙන මලියදේව බාලිකාවට එන්න ලැබුණා. එහිදී මලල කී‍්‍රඩා අංශයේ සෑම අංශයකින්ම දක්ෂතා පෙන්නුවා.
කොහොමද විවාහ ජීවිතේ?
හරි සතුටුයි. මගේ වාසනාවට මට හොඳ මහත්තයෙක් ලැබුණා. එයා නිසා තමයි විවාහක රූ රැුජිණ ලෝක තරගය නියෝජනය දක්වා මට යාමට පුළුවන් වී තිබෙන්නෙ. අපි දෙන්නට පුංචි පුතෙක් ඉන්නවා. ජීවිතේ සතුටුයි.
මේ විදියට කටයුතු කරන සුමුදුට ගෙදර උයනxපිහන වැඩත් කරන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ඔව්. මම හදන කෑමට තමයි සැමියා වඩාත් කැමති. පුතාගෙ කෑම වේලත් මම හදන්න ආසයි. එයගේ පෝෂණය ගැන හිතන අම්මා කෙනෙක් මම.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස 2018 අභිෂේක ලැබීම වෙනුවෙන් පැළැඳි ඔටුන්නේ වටිනාකම ඉහළයි නේද?
ඔව්. එය ලක්ෂ 300ක් වෙනවා. ඊළඟ වසර දක්වා එහි හිමිකාරිය මම. කිරුළේ ස්වභාවය එහෙමයි.
විවාහක රූ රැජිණ වීම නිසා මුදල් ත්‍යාගයක් ලැබුණාද?
උප කිරුළු පහක ජයග්‍රහණත් ඊට අමතරව ලැබුණා. ඒ නිසා ලක්ෂ හතර හමාරක විතර ත්‍යාග මුදල් ලැබුණා. මේ මුදල ලැබූවේ අවංකවම හදවතින්ම මම මේ රූ රැුජිණ තරගය වෙනුවෙන් කැපවී කටයුතු කළ නිසයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ