මගේ කියලා දෙයක් කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා
වෘත්තීම වශෙයන් රූපලාවාන්‍ය ශිල්පිනියක් වන ඇය බුද්ධිමා මදුෂානි වෙයි. ඇයගේ ඉදිරි ගමන පිළිබඳව ‘සාරවිට’ අප සමග මෙලෙස කතා බහ කරනු ලැබීය.
ඔයා ගැන මුලින්ම හැඳින්වීමක් කළොත්?
මගෙ නම බුද්ධිමා මදුෂානි හෙට්ටිආරච්චි. මම සැලූන් එකක් කරගෙන යනවා මගේම කියලා. මම ඉන්නෙ මවුන්ට් ලැවීනියාවල. මගෙ පවුලෙ හතර දෙනෙක් ඉන්නවා. මමයි, තාත්තයි, අම්මයි, අයියයි. දැනට ඉතින් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.
ඔබ නිරූපණ ක්ෂේත්රයට එන්නෙ කොහොමද?
නිරූපණ ක්ෂේත්රයට කැමැත්තක් නැහැ. මම සැලූන් එකක් තමයි කරගෙන යන්නෙ. ඉදිරියටත් රූපලාවණ්‍ය ක්ෂේත්රයේ වැඩකටයුතු කරන්න හිතාගෙන ඉන්නෙ.
රූපලාවණ්‍ය කටයුතුවල නිරතවීම පොඩි කාලෙ ඉඳන් ඔබට තිබුණු ආසාවක්ද?
පොඩි කාලෙ ඉඳන් සැලූන් එකක් දාන්න ආසාවක් තිබුණා. මගේ කියලා දෙයක් කරලා ඉදිරියට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ. දැනට මම සාමාන්‍ය විදියට සැලුන් එක කරගෙන යනවා.
ගෙදර අය මොකද හිතන්නෙ ඔබ තෝරාගත් වෘත්තීය පිළිබඳව?
මට තීරණයක් අරන් හොඳ දෙයක් කරන්න ගෙදරින් මට අවසර දීලා තියනවා. කෙනෙක් යටතේ වැඩ කරනවට වඩා මගෙම දෙයක් කරගන යනවට එයාලා කැමතියි.
මෙම ව්‍යාපාරය පටන් ගෙන දැන් කොපමණ කාලයක් වෙනවාද?
මම ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 2 ක් විතර වෙනවා
ආපු දුරත් එක්ක කොහොමද මේ ක්ෂේත්රයේ තැනක් තියනවද?
ආපු දුරත් එකක් සාමාන්‍යයෙන් කරගෙන යනවා. දැනට මම සැලුන් එක කරගෙන යන්නෙ ගෙදර තව ගොඩක් අලුත් දේවල් ඉගනගන දැන හඳුනගෙන මේ ක්ෂේත්රයෙන් උපරිම දුරක් යන්න තමයි මම හිතාගෙන ඉන්නෙ.
මේ ක්ෂේත්රය තුළ අද වනවිට ලොකු තරඟකාරීත්වයක් පවතිනවා. මෙම තරඟකාරීත්වයත් එක්ක ඔබ ඉදිරියට යන්නෙ කොහොමද?
ඔව්, ඇත්තටම ලොකු තරඟකාරීත්වයක් තියනවා. අපි අද පාරට බැස්සොත් හැමතැනකම වගේ සැලූන් තියනවා.
ගොඩක් අය පොඩි තැනකින් පටන් අරන් තමයි ඉදිරියට එන්නෙ ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
අපි සැලූන් එකක් දාන්න කලින් ඒ දේවල් ගැන හොඳට ඉගනගන්න ඕනෙ. ඊට පස්සෙ exam තියනවා ඒවගෙන් පාස් වෙන්න ඕනෙ. ඒ වගේම හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනෙ. තමන්ගෙම කියලා සැලූන් එකක් පටන්ගන්න කලින්. මුලින්ම beauty cultuer course එකක් කරලා NVQ level 1,2,3,4 පාස් වුණාම තමයි සැලුන් එකක් දාන්න පුළුවන් වෙන්නෙ.අද කාලෙ ගොඩක් අය පොඩ්ඩක් ඉගෙනගෙන සැලුන් එකක් දානවා.එහෙම නෙවෙයි මූලික දැනුම හොඳට තියෙන්න ඕනෙ. පොඩ්ඩක් දැනගෙන දැම්මට ඇත්තටම සැලුන් එකක් දියුණු කරගන්න අමාරුයි. මම වුණත් තව තව දේවල් ඉගෙනගන්න ඕනෙ ඇත්තටම රූපලාවණ්‍ය ක්ෂේත්රයේ නිතර නිතර හැමදේම අලුත් වෙනවා ඒක නිසා අපට ඉගෙනගෙන ඉවරයක් කරන්න බැහැ. beauty cultuer කෙනෙක්ට අලුත් අලුත් දේවල් තියනවා ඉගෙනගන්න. රටවල්වල වුණත් එක එක hair styles ෆේෂල් වර්ග වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා. මමත් ඉගනගන යනගමන් තමයි සැලූන් එකත් කරගෙන යන්නෙ.
ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?
මගෙ ඉදිරි බලාපොරොත්තුව තමයි සැලූන් එක දියුණු කරගෙන හොඳ තැනකට එන එක. ඒ වගේම මගේම කියලා තව සැලුන් එකක් විවෘත කරන්නත් බලාපොරොත්තු වෙනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha