මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය වුණේ 'සෙනාලි ටීචර්'
දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයේ 'සොනලි ටීචර්' ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර සමගින් අද 'සාරවිට' තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධව සිටින හිමායා ඒ පිළිබඳව අපිට අදහස් දැක්වුයේ මෙලෙසිනි.
කොහොමද හිමායා?
ගොඩක් හොඳයි.
'සෙනාලි ටීචර්' නිසා මේ දවස්වල ඔබ ගොඩක් ජනප්‍රියයි නේද?
ඔව්, දැනට මම ටෙලි නිර්මාණ බොහෝමයකට දායක වුණත් මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය වුණේ 'සෙනාලි ටීචර්' කිව්වොත් හරි. මේ චරිතයට මේ දවස්වල විවිධ රසික ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි කවුරුත් කියන්නේ මේ චරිතය මම හොඳට කරනවා කියලයි.
'සොනලි ටීචර්' මේ තරම් ජනප්‍රිය වෙයි කියලා ඔබ හිතුවද?
'දෙවැනි ඉනිම' අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් මට මේ චරිතය ලබා දෙන කොට ඇහුවා මේක හිමායා ඔයාට ගැලපෙන චරිතයක්ද කියලා. මම කිව්වා ඔව්, මේක මට කරන්න පුළුවන් චරිතයක් කියලා. මම දැනට රඟපාපු චරිතත් එක්ක බැලුවාහම මේක ටිකක් වෙනස් චරිතයක්. ඒ හින්දා ලොකු කැමැත්තකින් තමයි මම මේ චරිතය භාරගත්තේ. නමුත්, 'සොනලි ටීචර්' කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හීනෙකින් වත් මම හිතුවේ නැහැ.
මේ වසරේ අලුත් වැඩ මොනවද?
කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබී තියෙනවා. ඉන් කිහිපයක් සඳහා දැනටමත් මම රංගනයෙන් එකතු වෙන්න කැමත්ත දීලා තියෙනවා. ඉතින් වසර ආරම්භයේදී මම කලා කටයුතු එක්ක ටිකක් විතර කාර්යබහුල වෙයි.
පසුගිය කාලේ එක දිගට විදේශ සංචාරවලට සහභාගි වුණා නේද?
ඔව්, 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යය කණ්ඩායමත් එක්ක විදේශ සංචාර කිහිපයකටම යන්න අවස්ථාව ලැබුණා. මේ වසරේදීත් ගොඩක් ආරාධනා ලැබීලා තියෙනවා විදෙස් ප්‍රසංග සඳහා සම්බන්ධ වෙන්න. මම ගොඩක් ආසයි පිටරට සංචාරය කරන්න. ඒක මගේ ජීවිතේ තියෙන ලොකුම 'හොබි' එකක්. ඒ හින්දා මේ වසරේ මගේ පෞද්ගලික විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ව්‍යාපාරයකුත් කරන්න අදහසක් තියෙනවා නේද?
දැනට ඒ සම්බන්ධව වැඩ කරගෙන යනවා. රූපලාවණ්ය්ය සම්බන්ධව ව්‍යාපාරයක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. බියුටි සැලොන් එකක් කරනවා නෙමෙයි මම. රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවි කරන තැනක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඔබ දායක වුණ 'සාම' චිත්‍රපටය?
ඒ ගැන එහි නිෂ්පාදකවරු, අධ්යක්ෂවරු කතාවක් නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වේවිද නැද්ද කියලාවත්.