මගේ ඉලක්කය ramp model කෙනෙක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-10-ent-89

නිරූපණය ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට සැරසෙන ඇය මේ දිනවල කාර්යය බහුල වී සිටින්නීය. ෆියෝනා ප්‍රනාන්දු නම් වන ඇගේ මූලික ඉලක්කය වනුයේ ramp model කෙනෙක් වීමටයි. ඒ හා ඇගේ ඉදිරි කලා කටයුතු සම්බන්ධයෙන් තොරතුරු පැවසීමට ‘සාරවිට’ ආලින්දටය ගොඩවැදුණේ මෙලෙසිනි.

 

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

2016-10-10-ent-94මේ දවස් වල ටිකක් කාර්යය බහුල වුණා. පහුගිය දවස් ටිකේ ෆොටෝ ෂූට් කිහිපයක් සඳහා දායක වුණා.

 

නිරූපණය තුළ ආපු දුර ගැන කොහොමද දැනෙන්නේ?

මේ ආපු දුර ගැන ඇත්තටම හරිම සතුටුයි. ගොඩක් කැපකිරීම් කළා. මගේ මූලික ඉලක්කය වුණේ ramp model කෙනෙක් වෙන්න. ඒක මම යම්තාක් දුරක් සාර්ථක කරගත්තා.

 

ගෙදරින් ලැබෙන සහයෝගය? සාමාන්‍යයෙන් පෙම්වතෙක් ඉන්න කොට නීති දානවානේ, ඔයාට ඒවා බලපාන්නේ නැද්ද?

නැහැ. කවදාවත් නැහැ. මට ඇත්තටම එයා තමා සහයෝගයක් ලබා දෙන්නේ. මං එක්ක හැමවෙලාවෙම එයා ඉන්නවා. ළඟ නැති වුණත් කෝල් එකෙන් දීලා හරි මාව ශක්තිමත් කරනවා. මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් බය වෙන්න එපා කියලා මාව දිරිගන්වනවා. මම හිතන්නෙ එයා වගේ කෙනෙක් ලබන්න මම ගොඩක් වාසනාවන්තයි කියලා.

 

ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මගේ වයසත් එක්ක මට කාලය තියෙනවා. මම මේ පාර මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ෆෝ ඉන්ටර්නැෂනල් තරගය සඳහා ඉදිරිපත් වුණා. එහිදී මම හොඳම 05 අතරට එන්න අවස්ථාව ලැබුණා. මම හිත්නේ ජාත්‍යන්තරව හොඳ අත්දැකීමක් ලැබුණා කියලා.

 

විලාසිතාවන් තෝරා බේරාගෙනද කරන්නේ?

ඔව්, මම හරිම සිම්පල් විදිහට තමා අඳින්නේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මම මගේ මූලික ඉලක්කය වෙනුවෙන් තමා මහන්සි වෙන්නේ. ඉදිරියේදීත් එහෙම තමයි.

 

මතක් කරන්න පිරිසක් ඇතිනේ?

මම අද මේ තැන ඉන්නේ මිස් රොසෑන් ඩයස් ලියනගේ සහ ජයමාලි එරංගිකා හින්දයි. එයාලා මට හොඳ පුහුණුවක් දුන්න මට මේ ගමන එන්න.

 

Dilan Chryshantha / Pix - Malaka Weligodapola

 

2016-10-10-ent-98
2016-10-10-ent-97
2016-10-10-ent-96
2016-10-10-ent-95
2016-10-10-ent-93
2016-10-10-ent-92
2016-10-10-ent-91
2016-10-10-ent-90
2016-10-10-ent-88
2016-10-10-ent-87
2016-10-10-ent-86
2016-10-10-ent-85
2016-10-10-ent-84