මගෙ මුළු ලෝකයම ඕලිත පුතා
සිහිනයක් පාට පාටින්, හඳපාන, මීට ටික කාලයකට පෙරදී විකාශය වූ ඒ නාට්‍ය නැවත විකාශය කෙරෙනවා. මංජුලා කුමාරි හෙවත් බොහෝ දෙනා අතර ‘ ඕලූ’ ලෙස ජනප්‍රිය වී සිටින ඇය මේ දිනවල නැවතත් පේ්රක්ෂකයින් අතරට එන්නේ එම නාට්‍යවල චරිත සමගයි. ඒ හැර ඇය දැන් රඟපෑමෙන් ඉවත්වෙලාද? කලෙකට පසුව මංජුලා ඒ ගැන කීමට සඳැල්ලට පැමිණියේ මේ විදියටයි. හැබැයි මෙවර ඇය පැමිණ සිටින්නේ තිනිවම නම් නෙවෙයි. ” ඕලිත” එක්කයි.
කවුද මේ ඕලිත?
”මගෙ පුංචි පුතාගෙ නම ඕලිත. දැන් එයාට අවුරුදු දෙකයි. එයාගෙ අවුරුදු දෙකේ උපන් දින සාදය ඉවරවුනා විතරයි.
පුතාට ඕලිත කියලා නම යෙදුවේ බොහෝ දෙනෙක් ඔබට ‘ ඕලූ’ කියන නිසාද?
අක්ෂර ලැබුණු විදියට ඒ ‘ ඕ’ අක්ෂරයට අපි ආසා වුණා.
මේ දිනවල මංජුලාගෙ වැඩ කටයුතු?
මුළු කාලයම වැය වන්නෙ පුතා වෙනුවෙන්. බබා එක්ක ගෙවන ඒ ජීවිතය හරිම සුන්දරයි. උදේ සිට රාත්‍රිය දක්වා ගෙවෙන ඒ කාලය ඇත්තටම ගෙවෙන බවවත් දැනෙන්නෙ නැහැ. වෙන කෙනෙක්ට බබාව බාරදීලා හදන්න මම අකමැතියි. පුංචි පැළයක් වුණත් අපි හදන්න ඕනෑ හොඳට පොහොරදාලා සාත්තු සප්පායම් කරලයි. පුංචි දරුවෙක් විශේෂයෙන්ම මව්පිය රැුකවරණය යටතේ හැදෙන්න ඕනෑ. විශේෂයෙන්ම මවගේ රැුකවරණය ලබාදිය යුතුමයි. කොහොමටත් වෙන කෙනෙකුට දරුවා බාර දීලා හදන්න මම කැමතිම නැහැ.
මවක වූ පසු ඔබට රඟපෑමට ලැබෙන ආරාධනා එහෙම කොහොමද?.
එදා ‘ ඕලූ’ නාට්‍යයේ රඟපාද්දි එක දිගට නාට්‍ය කීපයකම රඟපෑමට ආරාධනා ලැබුනා. ඒක බොහොම කාර්ය බහුල අවදියක් වුණා. නමුත් ඒ විදියට එදා ආරාධනා බොහොමයක් ලැබුණත් එදා ඉදලාම මම රගපෑවේ නාට්‍ය දෙක තුනක විතරයි. අතිශය කාර්යබහුල වෙලා නාට්‍යය ගොඩක් බාර ගැනීමේ පුරුද්දක් මට තිබුණෙ නැහැ.
රඟපෑමට අද දවසේ ලැබෙන ආරාධනා මොනවගේද?
විවාහයට පෙරත්, ඉන්පසුවත්, මවක වු පසුවත් ලැබෙන ආරාධනාවල අඩුවක් නම් වුනේ නැහැ. නමුත් මම එදා ඉදලා තෝරා බේරා ගෙනයි රඟපෑවේ.
අද කොහොමද ලැබෙන පේ්රක්ෂක ප්‍රතිචාර?
විශේෂත්වයක් නැහැ. නමුත් ඕලූ ගැන මතකය අදටත් මිනිසුන්ට තිබීම මම ලබපු ලොකු භාග්‍යයක්. ඒ ආදරයට මම අදටත් ගරු කරනවා.
‘ ඕලූ’ හැර වැඩිපුර කතා වෙච්ච වෙනත් චරිත ගැනත් කිව්වොත්?
ඊට පසුව වංකගිරිය නාට්‍යයේ ‘පුණ්‍යා’ චරිතය ගැන බොහෝ දෙනා කතා වුනා. එය හොඳම නිර්මාණයක් ලෙස උළෙල කීපයකදීම නිර්දේශ වූ නාට්‍යයක්.
මෑතකදී ලැබුනු නිර්මාණය මෙකක්ද?
අනුරාධපුරයේදී රූගත කිරීම් සිදුකෙරෙන ටෙලිනාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබුනා. නමුත් දුර නිසා බාර ගත්තෙ නැහැ. පුතාව දාලා කොහොමටත් යන්න බැහැ. පුතාගේ සහ සැමියාගේ මෙන්ම ගෙදර වැඩ නිසා මම කාර්ය බහුලයි. නමුත් හොඳම නිර්මාණයක් නම් සහභාගී වීමට උත්සාහ ගන්නවා.
හොඳ නිර්මාණයක් කියලා ඔබ හිතන්නෙ?
මට රඟපාන්න තියෙන චරිතය ගැන විතරක් නෙවෙයි. සමස්ත නිර්මාණයම හොඳ විය යුතුයි. මම හිතන්නෙ එහෙමයි.
මංජුලා ටෙලිනාට්‍යය නරඹනවාද?
බබාගේ වැඩ කටයුතු ටික කළාම වෙන කිසිම දෙයක් කරන්න ලැබෙන්නෙ නැහැ. කිසිම විවේකයක් නැහැ. ඒ නිසා ටෙලිනාට්‍යය නරඹන එකත් සීමාවෙලා. මම හිතන විදියට දරුවකුගේ පුංචි අවදිය කියන්නෙ අත්තිවාරම වැටෙන අවදියයි. ඒ අවදියේදී අම්මා කියන චරිතයට කරන්න තියෙන දේ බොහොමයි. මවගෙන් දරුවකුට ලැබෙන අත්තිවාරම හරියට ලබාදුන්නොත් ඒ දරුවා කවදාවත් වැරදි මගක යන එකක් නැහැ. ඒ කොයි හැටි වෙතත් අද මම කලා ෙක්ෂත්රයේ රඟපෑම් x නැරඹීම් ගැන ලොකුවට හිතන්නෙ නැහැ. මගේ ලෝකයම වෙලා තියෙන්නෙ පුතා ඕලිතයි.
”අම්මා” කියන භූමිකාවට ඔබ බොහොම කැමතියි වගෙයි. දැනෙන්නෙ?
සහතිකෙන්ම ඔව්. මම ඒ වගකීමට ආසයි. සමාජයේ සමහර අම්මලා දරුවෝ දාලා යනවා. දරුවන් ගඟට මුහුදට විසිකරනවා. අනේ මන්දා ඒ අම්මලා ඒවා කොහොම කරනවාද කියලා. අම්මෙක් කියන්නෙ මොන තරම් නම් අර්ථාන්විත චරිතයක්ද? මට ඒ අරුත වඩා වැටහෙන්න පටන් ගත්තෙත් මම අම්මෙක් වූ පසුවයි.
අද ඔබට ජීවිතේ දැනෙන්නෙ කොහොමද?
දියණියක, බිරිඳක, මවක ලෙස ලොකු සතුටක් ලබන්නෙ. චූටි පුතා නිසා ජීවිතේ සම්පුර්ණ වුනා. මට ජීවිතය දැනෙන්නෙ එහෙමයි.
අද කාලයේ අම්මලා එක දරුවෙක් හෝ දෙන්නෙක් විතරයි හදන්නෙ. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
ළමයින් කියන්නෙ සම්පතක්. ළමයින් කීප දෙනෙක් හදන්න පුළුවන්නම් හොඳයි. නමුත් විනයානුකූලව නොහදනවා නම් ඇති වැඩැක් නැහැ. රටට වැඩදායි, යහපත් ළමුන් බිහි කිරීම යහපත් මව්පියන්ගේ වගකීමක්. ඒ යහපත් පරිසරය තමුන්ට තිබේ නම්, ළමුන් කියන්නේ ඇත්තටම සම්පතක්.
රඟපෑමේ යෙදී සිටින නිළියන් අද නිතරම කියන්නේ හරිම කාර්ය බහුලයි කියලයි. එය ඔබ දකින්නේ මොන විදියටද?
වෘත්තීය මට්ටමින්ට ඒ කර්තව්‍යයේ නියැලෙද්දී ඔවුන් කාර්ය බහුලයි. ඔවුනට වැඩ නැතුව සිටියදී කවුරුත් අහන්නෙ නැහැනෙ. කෑවද? බිව්වද? කියලා ඉතින් ඒ නිසා වෘත්තියක් ලෙස රඟපෑමේ යෙදෙන විට කාර්ය බහුල වෙන්න වෙනවා තමයි.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ