මං නිරූපණයට වඩා නිවේදනයට දැඩි කැමැත්තක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-01-ent-62

නිරූපණයට හා නිවේදනයට එක ලෙස දස්කම් දක්වන මෙම රුවැත්තිය නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී සිටිමින් නිර්මාණ සඳහා දායකවී තිබේ. ඉසුරි හෙට්ටිආරච්චි නම් වන ඇය ඇගේ ඉදිරි කලා තොරතුරු පිළිබඳ පැවසීමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

 

ඔබ ගැන පුංචි හඳුන්වාදීමක් කළොත්?

2017-02-01-ent-61මගේ නම ඉසුරි හෙට්ටිආරච්චි. මගේ පදිංචිය බත්තරමුල්ලේ.

 

ඔබේ රැකියාව?

මම වෘත්තීමය නිරූපිකාවක් සහ නිවේදිකාවක්.

 

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවෙන්නේ කොහොමද?

මම නිරූපණ ක්ෂේත්‍රය එන්නේ දැනට අවුරුදු 4 කට කලින්. ඒ මියුසික් වීඩියෝවකින්. නමුත් එතැනින්ම ඒ ගමන නැවතුනත් දැනට මාස 8කට පමණ පෙර සිට නැවතත් නිරූපණ ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු කරනවා.

 

ඔබ මේ වෙනකොට දායක වී තිබෙන වැඩකටයුතු පිළිබඳව කතා කළොත්?

ඉදිරියේදී මියුසික් වීඩියෝ 2ක් ප්‍රචාරය වීමට නියමිතයි.

 

නිවේදන කටයුතු පිළිබඳවත් සඳහන් කිරීමක් කළොත්?

ලක්නද රේඩියෝ කියලා ඔන්ලයින් රේඩියෝ චැනල් එකක නිවේදන කටයුතු කරනවා.

 

ඔබේ වැඩි කැමැත්ත නිරූපණයටද? නිවේදනයටද?

මගේ ගොඩක්ම ආසාව තියෙන්නේ නිවේදනය පැත්තෙන් ඉදිරියට යන්න. ඉදිරියට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණොත් භාරගන්න කැමතියි.

 

නිවේදනය පිළිබඳව හැදෑරීමක් කරනවාද?

මම විශේෂ හැදෑරීමක් නම් කරලා නෑ. ඒක මගේ හැකියාව. ඒක මට අහම්බයෙන් ලැබුණ අවස්ථාවක්.

 

ඔබ රංගනයට කැමැත්තක් දක්වනවා කිව්වා. කුඩා කාලයේ සිටම ඒ ආසාව තිබුණද?

ඔව්. මට පොඩිකාලයේ සිටම ආසාවක් තිබුණා. දැනට ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා.

 

මේ සඳහා පවුලේ අයගෙන් ලැබෙන සහාය මොනවගේද?

අම්මයි, තාත්තයි මේ දේවල්වලට ගොඩක් උදවු කරනවා.

 

‍මේ දක්වා ඔබ ආව ගමනේ ඔබට උදවු උපකාර කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මුලින්ම මගේ පවුලේ අයව වගේම මගේ යහළුවන් අසල්වාසීන් ඇතුළු මට වචනයකින් හෝ උදවු කළ පිරිස ආදරෙන් මතක් කරනවා. මම ක්ෂේත්‍රයට ආවේ ප්‍රදීප් රංගනගෙ පළමුවැනි මියුසික් වීඩියෝවෙන්. ඒකට මට ආරාධනා කළේ නිමන්ත වර්ණකුලසූරිය කියලා අයියා කෙනෙක් ඔහුව තමයි විශේෂයෙන්ම මතක් කරන්න කැමති.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-02-01-ent-55
2017-02-01-ent-60
2017-02-01-ent-59
2017-02-01-ent-58
2017-02-01-ent-57
2017-02-01-ent-56