'බෙන් ටෙන්' කාටූනයේ 'ගුවෙන්' චරිතයට හඬදුන් සරණි
වර්තමානයේ රූපවාහිනි නිවේදිකාවක් ලෙස කටයුතු කරන සරණි හංසිනි පෙරේරා සමගින් %සාරවිට^ අපි අද කතා බහ කළේමු. රූපවාහිනි නිවේදිකාවකට අමතරව හඬකැවිම් ශිල්පිනියක් ලෙසද කටයුතු කරන සරණි ළමා රූපවාහිනි ප්‍රේක්ෂයන් අතර අතිශය ජනප්‍රිය වු "බෙන් ටෙන්" කාටුන් කතා මාලාවේ "ගුවෙන්" චරිතයටද සිය හඬ එක්කොට තිබුණි. මේ අපි සරණිට යොමු කළ ප්‍රශ්නවලට ඇය ලබාදුන් ප්‍රතිචාර.
ඔබ නිවේදිකාවක් වුණේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම පාසලේ මාධ්‍ය ඒකකයේ නිත්‍ය සමාජිකාවක් ලෙස කටයුතු කළා. පාසලේ උදා රැස්වීමේ සිට සුසර ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදනය, විවිධ වැඩසටහන්පිටපත සහ ඉදිරිපත් කිරීම් ආදිය කළා. ඒ තමයි නිවේදිකාවක් විදිහට මගේ මූලාරම්භය.
හීනයක් තිබුණද නිවේදන වෘත්තියට එන්න?
පාසල් කාලේ ඉඳන්ම පාසලේ පැවැති විවිධ වැඩසටහන් නිවේදන කරන්නට මට අවස්ථාව ලැබුණා. බොහෝ විට එය තමයි මාව නිවේදන වෘත්තියට යොමු කරන්න අඩිතාළම වුණේ. පාසලේ වගේම පාසලෙන් පිටතදීත් මම විවිධ වැඩසටහන්වල නිවේදිකාවක් විදිහට කටයුතු කළා.
මෙතෙක් ඔබ දායක වුණ වැඩසටහන් මොනවද?
2016 නොවැම්බර් මස සිට 2018 ඔක්තෝබර් 26 දා තෙක් කාලය තුළදී මම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සේවය කළා. අයි.ටී.එන්. එෆ් එම් එකේ අලුත් උදෑසන වැඩසටහන නාරද බක්මීවැව අයියා සමග තමයි ඉදිරිපත් කළේ.මේ දිනවල %පියෝ ටි.වි.^ සැටලයිට් නාළිකාවේ විකාශය වන %රිසිර ටී.වී^ හී වැඩසටහන් කිහිපයක් මම ඉදිරිපත් කරනවා.
සරණි කියන්නේ නිවේදිකාවක් පමණක් නොවෙයි?
ඔව්, මම වෘත්තිමය හඬකැවිම් ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "ඉක්කයි මායි" හී ප්‍රවෘත්ති අධ්‍යක්ෂිකාවක්, "රාශි චක්‍රය" කාටුනයේ "හා පැංචි",හිරු රූපවාහිනි නාළිකාවේ දිග හැරෙන %සිහිනයක සේයා^ ඉන්දීය නාට්‍යයේ %නන්දනී^, % හීනයක්ද මේ^ නාට්‍යයේ "ගයාත්‍රි රැජිණ", "ජෝදා අක්බර්" නාට්‍යයේ "සුභන්‍යා", දෙරණ රූපවාහිනියේ %මුතු අහුර^ නාට්‍යයේ "ඇලීනා", "දඟ ළමයා" කාටුනයේ "සොනාලි ටිචර්" යන වැඩසටහන්වලට හඬකැවිම් ශිල්පිනියක් විදිහට දායක වුණා. බොහෝ දෙනෙකු අතර මාව ගොඩක්ම ජනප්‍රිය වුණේ %බෙන් ටෙන්^ කාටුනයේ %ගුවෙන්^ කියන චරිතය හරහා.
ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න හැදෑරිම අත්‍යවශ්‍යයි. ඔබත් එහෙමද?
අනිවාර්යෙන්ම මම හැමදාම හැදෑරීම සමඟින් ඉදරියට යන්න කැමති කෙනෙක්. මොකද, කුමන වෘත්තියක නියැළුණත් ඒ කටයුතු සාර්ථකව කරගන්න හැදැරීම වගේම අත්දැකීම් කියන දේ ගොඩක් වැදගත්. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලේඛකත්ව හා ජන සන්නිවේදනය පිළිබඳව හදාරලා තියෙනවා. 2009/2010 වසරවල නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පැවැත්වූ මොහාන් ලාල් ග්‍රේරෑ පදනමේ යූත් ස්කූල් එකට සහභාගි වෙලා එහි ජනමාධ්‍යය පාඨමාලාවකුත් කළා. නිසි හැදෑරීමකින් තොරව ප්‍රසිද්ධිය උදෙසා ගුවන් කාල පුරවන අයට වඩා මම හිතන්නේ උනන්දුවෙන්, උත්සහයෙන් යන ගමන ගොඩක් වටිනවා කියලා.
ඉදිරි සැලසුම් මොනවද?
කිහිපයක්ම තිබෙනවා.දැනට මගේ යූ ටියුබ් චැනල්ස් දෙකක් කරනවා. ගොඩක් අය Travel with Saara කියන යු ටියුබ් චැනලය නරඹනවා. මේ කටයුතු කරන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථය ප්‍රධාන කරගෙන නෙමෙයි. වැඩදායී යමක් කිරීමේ බලාපොරොත්තුවෙන් සහ විනෝදය සඳහා පමණයි.
නිවේදිකාවක් නොවුණා නම් ඔබ?
බොහෝවිට වෘත්තීය උපදේශිකාවක් හෝ අලෙවිකරණ නිලධාරිනියක් වීමට ඉඩ තිබුණා. ඒ වගේම සමහරවිට රංගන ශිල්පිණියක් වෙන්නත් තිබුණා. ඒ වගේම මම සමාජ සේවයටත් ගොඩක් ලැදියි. දැනටත් මම ඒ කටයුතු සිදු කරනවා. වෘත්තීය උපදේශිකාවක් හෝ අලෙවිකරණ නිලධාරිනියක් නොවුණා නම් මම සමාජ සේවා කටයුතුවල බොහෝ විට නිරත වේවි.
නිවේදිකාවක් විදිහට වැඩ කරද්දි ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඉතාම ඉහළයි. විශේෂයෙන් මගේ රුවට වගේම හඬට නොකඩවා ලැබෙන ප්‍රතිචාර මට ආශිර්වාදයක්. මොකද, මම රූපවාහිනි ළමා නිවේදිකාවක් ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹුවත් පාසල් කාලයෙන් පසුව ගුවන් විදුලි නිවේදිකාවක් වෙන්න ලැබුණා. ඒක නම් අහම්බෙන් ජිවිතේට ලැබුනු වටිනම අවස්ථාවක්.
උදව් කළ අය?
මගේ අයිය රොෂාන්, සැමියා හිරාන්, මුලින්ම සිරසට එක්කන් ගිය නැන්දි ඉනෝකා, ධනික මාමා,ඒ වගේම ප්‍රදීප් මහේෂ් ලියනගේ මාමා තමයි මේ ගමනේ මුල්ම ශක්තිය. (මාව සිරස කිඩ්ස් වීඩියෝ ටීම් එකට අරන් %හංසි^ කියන ළමා නිවේදිකාව කළේ එතුමා) සිරස, ශ්‍රී එෆ්.එම්., හිරු, දෙරණ, ජාතික රූපවාහිනි, ශ්‍රී ටීවී සහ ස්වාධීන රූපවාහිනි ඇතුණ සියලුම මාධ්‍ය නාලිකාවල මා හට අවස්ථාව දුන් සහ මගේ අවස්ථාවන් උදුරගන මාව වට්ටන්න හඳලා වක්‍රාකාරයෙන් මගේ ගමනට දිරිය දුන් හැමෝම සහ හැමදාම මට මගේ හඬට ආදරේ කරන ප්‍රේක්ෂක, ශ්‍රාවක සියලු දෙනාවත් වචනයකින් පවා මාව දිරිමත් කළ සැමවත් මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර