බිනූ රහල් අල්විස්ගෙන් ගුටිකෑවා ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-19-ent-152


ක්ෂේත්‍රයට ඇය නවකයෙකි. මේදිනවල සමාජ ජාල තුළ බොහෝ කතාබහට ලක්වුණ කෙනෙක් ඇය. ඒ ගායක රහල් අල්විස්ගෙන් ගුටි කෑමට හේතු වීමයි. මේ ඇයගේ ‘සාරවිට’ කතාබහයි.

 

ඔබ ගැන හැඳින්වීමක් කරන්න.

2017-10-19-ent-153මම බිනූ රියැන්ඩා. හැමෝම මාව දන්නේ ඒ නමින් . මම තාම ඉගෙනගන්නවා. ඒ අතරතුර නිරූපණ වැඩකටයුතු කරමින් ඉන්නවා.

 

මොනවද ඒ වැඩකටයුතු?

මියුසික් වීඩියෝ එකක් කළා.

 

මේ දවස්වල කතාබහට ලක්වෙනවා රහල් අල්විස්ගෙන් ගුටිකෑවා කියලා. ඇත්තටම ඒ මොකකද වුනේ?

ඒක ඇත්තට වෙච්ච සිද්ධියක් නෙවෙයි. ඒක අපි ප්ලෑන් කරලා කරපු දෙයක්. ඒක සිංදුව ප්‍ර‘මෝට් කරන්න කරපු දෙයක්.

 

කතාකරපු ඔබේ ඒ මියුසික් වීඩියෝව පිළිබඳව?

වීඩියෝ ප්‍රඩක්ෂන් එක රහල් අයියාගේ. එයාලගෙ ගමේ පන්සලේ තමයි වීඩියෝ එක කළේ. රහල් අයියලා තමයි ඒ පන්සල හදන්න මුල්වෙලා වැඩකටයුතු කරලා තිබුනේ. ඉතින් ඒ නිසා ඒ පන්සලම මේ සඳහා යොදා ගත්තා.

 

නිරූපණය කියන දේද ඔබ වෘත්තය ලෙස තෝරාගන්නේ?

නැහැ. එහෙම නෑ. මම තාම ඉගෙන ගන්නවා. ඉගෙනීම් කටයුතුත් කරගෙන භාහිරව තව වැඩක් විදියට තමයි මේ දේවල් කරන්නේ.

 

ඉගෙනීම් කටයුතු සිදුවෙන්නේ කොහොමද?

මම දැනට උසස් පෙළ හදාරමින් ඉන්නවා.

 

තවමත් ඔබ ඉගෙන ගන්නා නිසා ගෙවල් වලින් මේ සඳහා අවසර දුන්නාද?

මම හොඳ දෙයක් වුනොත් විතරයි ඒ දේ කරන්නේ. මියුසික් වීඩියෝ, පොටෝ ෂූට් ගොඩක් ආවත් මම ඒ දේවල් භාරගන්නේ නැහැ. ඉතිං හොඳ දෙයක් වුනෙත් විතරයි මම ඒ දේවල් භාරගන්නේ.

 

සමාජ මාධ්‍ය තුළ කතාබහ වෙන දේවල් එක්ක ක්ෂේත්‍ර‘යේ ඉන්න බයක් නැද්ද?

මම දන්නවා මම හිතනවා මම වරදක් කරන්නේ නැහැ.

 

නිරූපණ කටයුතු සඳහා පවුලේ අයගෙන් ලැබෙන දායකත්වය මොනවගේද?

මම මොකක් හරි වැඩකට යනවානම් ගෙදරින් කවුරු හරි එනවා. හොඳ වැඩක්නම් ඒ ගොල්ලෝ මට බලපෑම් කරන්නේ නැහැ.

 

ඔබේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

හොඳ විදියට ඉදිරි කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-10-19-ent-149   2017-10-19-ent-151 2017-10-19-ent-150