බැන්දට පස්සේ ලස්සන වෙලාලූ
ඇය හඳුන්වාදීමට අමුතුවෙන් අටුවාටිකා අවශ්‍ය නැත. ජ්‍යෙෂ්ඨ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ ආදරණීය එකම දියණිය මාධවී වත්සලා ඇන්තනි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස මෙන්ම නිවේදිකාවක්, ගායිකාවක්, රංගන ශිල්පිනියක් ලෙසින් වෘත්තියෙහි නියැළෙන ඇයගෙන් බොහෝ දේ දැනගන්නට ඇතත් අපි අද ඇය හමු වූයේ දින දින ලස්සන වීමේ රහස දැනගැනීමටය.
මාධවී වත්සලා ඇන්තනි?
”ඔව්...”
ගොඩක් ලස්සන වෙලා?
”ඔව්. වෙඩින් එකෙන් පස්සේ මම එන්න එන්න ලස්සන වෙනවා කියලා දකින හැමෝම කියනවා. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මිලාන්ට. ඇත්තටම මිලාන් මගේ ජීවිතේට ලැබුණාට පස්සේ මගේ ජීවිතය ගොඩක් එළිය වැටුණා. ඒකට හේතුව තමයි සතුට, ආදරය, සෙනෙහස, රැුකවරණය මිලාන්ගෙන් ලැබෙන අතරම, ඔහු මාව සතුටින්, නිදහසේ ඉන්න අවශ්‍ය වටපිටාව ඕනෑවටත් වඩා අපේ කැදැල්ලේ නිර්මාණ කරලා තියෙනවා. මට අවශ්‍ය ආලේපන, පර්ෆියුම් වර්ග, ක්‍රීම් වර්ග වගේම මට ගැළැපෙන ඇඳුම්, සපත්තු, සෙරෙප්පු මේ හැමදේම මට දැන් ගේන්නේ මිලාන්. එයාට හොඳ තේරීමේ හැකියාවකුත් තියෙනවා. මේ හැමදේම එක්ක මට හිතෙනවා මිලාන් නිසා මම නැවත ඉපදුණා කියලා.”
ඔබ ලස්සන වෙලා ඉපදුණේ?
”මම හිතන්නේ මගේ අප්පච්චිගෙයි, අම්මාගෙයි ජාන නිසා. රූපය විතරක් නොවේ මේ හැමදේම අද මට ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ උරුමයෙන්.”
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
”ම්... මගේ අම්මා. මම අදටත් හිතනවා ඇයි මම අම්මා තරම් ලස්සන නොවුණේ කියලා. අම්මාගේ ඇස් දෙක, අම්මාගේ නහයේ හැඩය මට ලැබුණා නම් හොඳයි කියලා දැනටත් හිතනවා.”
ලස්සන වෙන්න ගෙදරදි කරන දේවල් ටිකක් දැනගන්න ආසයි?
”මෙහෙමයි වෘත්තීමය රාජකාරිවලදී ගොඩක් මේකප් වර්ග නිතර දාන්න වෙන නිසා රාජකාරිවලින් තොර අවස්ථාවලදී පිරිසිදුව සම නිදහසේ තියාගන්න මම උත්සාහ කරනවා. මම හිතන අනිත් දේ තමයි ලස්සන කියලා කෙනකුගෙන් ඉස්මතු වෙන්නේ නිරෝගීකම කියන එක. ඒ නිසා මම නිරෝගීකම ආරක්ෂා කරගන්න මුල් තැන දෙනවා. පෝෂණයයි, පිරිසිදුකමයි තමයි නිරෝගී බවේ රහස. මම ගෙදරදී කෑම ගන්නවා නම් පලා වර්ග, එළවළු වැඩිපුර ආහාරයට එක්කරගන්නවා. එළවළු සලාද විදිහට හදලා කන්න ගොඩක් ආසයි. පලතුරුවලින් අලිගැටපේර, කොමඩු, ගස්ලබු වගේ පලතුරුවලට ගොඩක් ආසයි. බෙලි, දිවුල්, ආත්තා, දෙළුම් වගේ පලතුරු වර්ග යුෂ විදිහට පිළියෙළ කරලා බොන්න ගොඩක් ආසයි. එළියට ගියාම මේ පලතුරුවලින් බීම වැඩිපුර බොනවා. ප්‍රධාන කෑම්වලදී කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩියෙනුත් ගන්න උත්සාහ කරනවා. රාජකාරි බහුල වීමත් සමග සියලූ පෝෂණ කොටස් දෛනිකව නොලැබී යන අවස්ථා තිබෙන නිසා පෝෂණ අතිරේකයකුත් දිනපතා පාවිච්චි කරනවා.
මීට අමතරව එළිමහනේ හිරු එළියට වැඩිපුර සිට නිවසට පැමිණෙන වෙලාවට සම පිරිසිදු කරන කෝමාරිකා මදය මුහුණේ, ගෙලේ ආලේප කරලා විනාඩි 20ක් විතර ඉඳලා පිරිසිදු වතුරෙන් සෝදා හරිනවා.
නිවසේ විවේකීව ඉන්න දවසට කඩල පිටි, කස්තුරි කහ, වෙනිවැල්ගැට කුඩු, සුදු හඳුන් කුඩු එකට කළවම් කරලා තක්කාලි යුෂ හෝ අර්තාපල් යුෂ දමා කළවම් කර මුහුණේ ආලේප කරනවා. මෙම ස්වභාවික ආලේපනය මුහුණට වගේම මුළු ඇඟටම භාවිත කරන්න පුළුවන්. මෙයින් මැරුණු සම ඉවත් වෙලා දීප්තිමත් පෙනුමක් ලැබෙනවා.
ම්.. තව ස්ක්‍රබ් එකක් මම කරනවා කෝපි කුඩුයි, පොල් තෙලූයි, ලූණු කුඩු ටිකකුයි දාලා හොඳට මිශ්‍ර කරලා හදාගන්න පැක් එකක්. මේක වඩාත් ප්‍රතිඵලදායක වන්නේ ව්‍යායාම කරලා හොඳට සිරුර වෝම්අප් වෙලා තියෙන වෙලාවට. මෙයින් සෙලියුලයිට්ස් කියන සමේ තත්ත්වය ඉවත් වෙලා සමට තෙතමනය සහිත පෝෂණයක් ලැබෙනවා. දීප්තිමත් නිරෝගී සමක් ලබාගන්නත් මෙය ඉතාම ප්‍රතිඵලදායකයි.
මගේ නිරෝගීකමේ අනිත් රහස තමයි ව්‍යායාම කිරීම. සතියකට දින තුනක් ව්‍යායාම කරනවා. අනිත් දිනවල වෙලාව ලැබෙන විදිහට යෝග ව්‍යායාමයක නිරතවෙන්න උත්සාහ කරනවා. ඇත්තටම යෝග ව්‍යායාම කියන්නේ භාවනාවක්.
කෙනකුට හිතෙන්න පුළුවන් ව්‍යායාම කිරීමෙන් අපිට ලැබෙන්නේ ඇඟ හැඩවීම විතරක් ද කියලා. නැහැ ව්‍යායාම කියන්නේ කායිකවත් මානසිකවත් අපිට ප්‍රතිඵලදායක වාසි ගොඩක් ලැබෙන ක්‍රියාකාරකමක්. හොඳට හුස්ම ගන්න හම්බවෙන තැන ඉඳලා සුවදායක නින්දක්, ප්‍රබෝධමත් ගතිය, අසලකමක් නැති බව, වගේ දේවල් ගොඩක් ව්‍යායාමයෙන් වෙනවා. ඇත්තටම මම නම් හිතන්නේ අපි අපේ නිරෝගීකම ගැන හිතනවා නම් මොන දේ නොකළත් ව්‍යායාම කරන්නම ඕනේ.”
දවසකට වතුර කොච්චර බොනවා ද?
”අඩුම තරමේ ලීටර් තුනක්වත් බොන්න උත්සාහ කරනවා. නිවසේ ඉන්නවා නම් ටී.වී. රූම් එකේ, කාමරයේ, කුස්සියේ වගේ තැන් කිහිපයක වතුර පුරවලා තියාගත්තාම අපිට බොන්න ඕනේ වතුර ප්‍රමාණය අපිටම බලාගන්න පුළුවන්. වාහනයේ දිගු වෙලාවක් ගමන් කරනවා නම් වාහනයට ලීටරයේ වතුර බෝතල් කිහිපයක් දාගන්නවා. ඔය වගේ තමයි දෛනික වතුර අවශ්‍යතාව අපි සපුරා ගන්නේ.”
විලාසිතා කිරීමේදී සැලකිලිමත් ද?
”ඔව් අනිවාර්යයෙන්ම. මගේ වයස, ශරීරයේ හැඩය, සහභාගී වෙන වෙලාව වගේම මම නියෝජනය කරන පන්තිය ගැනත් සැලකිලිමත්. මම ඉගැන්වීම් කටයුතුවලට සහභාගී වෙන විදිහ, නිවේදන කටයුතුවලට සහභාගීවීමේදී අඳින පළඳින විදිහ වෙනස්. සමහර ඇඳුම් කොච්චර ලස්සන වුණත් කොච්චර ආසා වුණත් මගේ වයසට ගැළැපෙන්නේ නැත්නම් මම ඒවා අඳින්නේ නෑ.”
ජීවිතේ ලස්සනටම සැරැුසුණ දවස?
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතින් හැඩවුණ මගේ මංගල දිනය දා.
කාන්තාවකට ලස්සන වැදගත් ද කියලා මම ඔබෙන් ඇහැව්වොත්?
”කාන්තාවක් විතරක් නොවේ පිරිමිනුත් ලස්සනට ඉන්න ඕනේ. ගෑනු පිරිමි පමණක් නොවේ මේ සතා සිව්පාවා, ඇළදොළ ගංගා, ගස්වැල්, හැමදේම ලස්සනට තිබිය යුතුයි. සශ්‍රිකව තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි අපි ජීවත් වෙන මේ ස්වභාව දහමම ලස්සන වෙන්නේ.”
කාන්තාවකට ලස්සන කියන්නේ?
”ආත්ම අභිමානයක්, ආත්ම ගෞරවයක් ලැබෙන දෙයක් විදිහටයි මට දැනෙන්නේ. අධ්‍යාත්මිකව ලස්සන වචනයකින් හරි කාටහරි වරදක් නොවී ජීවත්වෙන්න පුළුවන් නම් අපි දන්නේම නැතුව තවත් ලස්සන වෙනවා.”
අසුන්තා එදිරිසූරිය