බැන්දට පස්සෙ මුල්තැන පවුලට
මීට කලකට ඉහතදී පුංචි තිරයේ මහත් ජනප්‍රියත්වයක් දිනාගත්ත අමා ටෙලි නාට්‍යයේ අමාගේ චරිතය තුළින් පේ්රක්ෂකයින් වසඟ කරගත් ෂෙරිල් ඩෙකර් ඔන්න කාලෙකට පස්සේ නැවත පුංචි තිරයේ දකින්න ලැබෙනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘‘පාරා’’ ටෙලි වෘත්තාන්තයේ පාරාට ජීවය දෙන ඇය කාලෙකට පස්සේ කතාබහකට එකතු වුණේ මේ විදිහට.
පාරා ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වුණේ අවුරුදු කීයකට පස්සෙද?
අවුරුදු තුනකට පස්සේ. හොඳ නිර්මාණයක් ලැබෙනකම් කොහොමත් ආසාවෙන් බලාගෙන හිටියේ. පාරා කියන්නේ අමා චරිතය වගේම හිතට වැදුණු චරිතයක්.
ඇත්තටම අමා ටෙලි නාට්‍යයෙන් පස්සේ ෂෙරිල්ට මොකද වුණේ?
දැන් මම විවාහකයිනේ. බැන්දට පස්සෙ ඉතින් මුල් තැන දෙන්නේ මම මගේ පවුලට. මම කලාවෙන් අයින් වුණේ නැහැ. කලාවට මම හැමදාම ආදරෙයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒක කරනවා. නිර්මාණ සොයාගෙන පස්සෙන් යන්නේ නැහැ. ලැබුණොත් දෙයක් කරනවා.
ඒ කියන්නේ අමාගෙන් නතර වුණු කලාව පාරාගෙන් පටන් ගන්නද හදන්නේ.?
ඔව්. වෙන්න පුළුවන්. පාරා කියන්නේ මගේ නතර වුණු කලා ජීවිතේ අලූත් පටන් ගැන්මක්. ‘‘පාරා’’ කියන්නේ කාලෙකට පස්සේ මම ගොඩක් ආසාවෙන් කරන ටෙලි නාට්‍යයක්. මට ආදරේ කරන පේ්රක්ෂකයින්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. මම නැවත රඟපාන එක ගැන ඔවුන් සතුටින් ප්‍රතිචාර දක්වනවා.
ෂෙරිල් හදාගන්න හදපු කලා ගමනට සීමා මායිම් වැටුණේ විවාහය නිසාද?
අනේ මට රුවන් කවදාවත් සීමා මායිම් දාලා නැහැ. සීමාවන් තියෙනවා. ඒවා මම විසින්ම හදාගත්තු සීමාවන්. මම ආවට ගියාට ලැබෙන හැම එකක්ම භාරගන්නේ නැහැ. මම බර්ගර් වුණාට මම ජීවත් වෙන්නේ ලංකාවේ සංස්කෘතියට ගැලපෙන විදිහට. මට බිරිඳක් විදිහට ගොඩක් වගකීම් තියෙනවා. ඒ නිසා මම වැඩකරන්නේ ගොඩක් පරිස්සමෙන්. ජනප්‍රිය කියන දේ හොඳට නරකට දෙකටම අඩු වැඩි වශයෙන් බලපානවා. විශේෂයෙන් ලංකාව ඇතුළේ ජනප්‍රිය කියන දේත් එක්ක ප්‍රශ්නත් වැඩියි. ඒ නිසා මම වැඩකරන්නේ හරිම පරිස්සමෙන්. රුවන් හරිම කැමතියි මම රඟපානවට. එයා මට නිතරම කියන්නේ ඔයා වැඩ කරන්න කියලා. රුවන් මට කවදාවත් තහංචි දාලා නැහැ.
කාලෙකට පස්සේ කරළියට ආපු පාරා කියන චරිතය කොහොමද ඔබට දැනෙන්නේ?
පාරා කියන්නේ අහිංසක, පාඩුවේ ඉන්න චරිතයක්. ඒ වගේම අමා චරිතය වගේ පාරා කියන්නෙත් මගේ ජීවිතේට තදින්ම දැනුණු චරිතයක්. ඉතින් පේ්රක්ෂකයින් සියලූ දෙනාටම ටෙලි නාට්‍යය නරඹන්න කියලා ආරාධනා කරනවා.
ෂෙරිල් කියන්නෙත් පාරා වගේ අහිංසක චරිතයක්ද?
අපෝ නැහැ. කෙල්ලෙක් වුණාම අහිංසකම වෙලා බැහැ. පොඩි කටකාරකමකුත් තියෙන්න ඕන. මගේ පෙනුමත් එක්ක ගොඩක් අය හිතන්නේ මම හරිම සැහැල්ලූ චරිතයක් කියලා. එළියට පේන ෂෙරිල්ට වඩා ඇතුළේ ජීවත් වෙන ෂෙරිල් හරිම සීරියස් චරිතයක්.
කැමරාව ඉස්සරහ හැමදාම අහිංසක චරිත ලැබෙන්නේ පෙනුම නිසාද?
ඔව්. මට හැමදාම අහිංසක බොළඳ චරිත ලැබෙන්නේ මගේ පෙනුම නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඒකට මගේ අකමැත්තක් නැහැ. නපුරු චරිතයක් කරන්න ආසයි. මම අහිංසක වගේම වස වෙලාවට නම් හරිම වසයි. හැබැයි මම ගොඩක් නිෂ්ශබ්ද චරිතයක්.
රුවන් බොහෝ මියුසික් වීඩියෝවලට ෂෙරිල්ව දායක කරන්නේ විශේෂ හේතුවක් තියෙනවද?
මම ගොඩක් ලස්සනයි, දක්ෂයි කියලා රුවන්ට හිතෙනවා ඇති. මොන දේ කරන්නත් තමන්ට තමන්ව විශ්වාස වෙන්න ඕන. මට ඒ දේ ගොඩක් තියෙනවා. මම හිතනවා මම සාර්ථකයි කියලා. ඒ වගේම මම සිනමාවට ගොඩක් කැමතියි. ඒත් මට ලැබෙන්නෙම ටෙලි නාට්‍යය. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මම 2008 මුලින්ම ක්ෂේත්රයට ආවෙත් බෙනට් රත්නායක මහත්මයාගේ ඉරහඳ යට චිත්‍රපටයෙන් එතැනින්ම මගේ සිනමා පැත්ත නතර වුණා.
දික්කසාදය නළු නිළියෝ අතර වර්තමානයේ රැුල්ලක් වෙලා තියෙනවා. මේ දේවල් එක්ක ෂෙරිල් ජීවිතය දකින්නේ කොහොමද?
ජීවිතේ වැදගත්ම දේ ඉවසීම කියන දේ. අඩු, වැඩි වශයෙන් ප්‍රශ්න මත ගැටුම් අපි අතරත් තියෙනවා. ඒ දේවල් ඕනම පවුල් ජීවිතයකට පොදුයි. කසාදයයි දික්කසාදයයි අද මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. මම බර්ගර් වුණත් ලංකාවේ සංස්කෘතික දේවල් එක්ක ගැටෙද්දී මගේ අතින් වරදක් වේවි කියලා මම හරි බයයි. විශේෂයෙන් තනිකඩ කාලේ කරපු දේවල් විවාහ වුණාට පස්සේ කරන්න බැහැ කියලා තරුණ පිරිස තේරුම් ගන්නවා නම් දික්කසාද ප්‍රශ්න ලංකාවේ අඩු වෙනවා. මම ජීවිතේ පළමු තැන දෙන්නේ පවුලට. දෙවැනි තැන දෙන්නේ කලාවට.
පහුගිය කාලේ ෂෙරිල්ටත් කටකතා සිත් රිදවීම් ඇති වුණා නේද?
ඔව්. මමයි රුවනුයි දික්කසාද වෙලා කියලා බොරු ඕපදුප පැතිරුණා. ඕවා අහලා, බලලා කලබල වෙන්න තරම් අපි දෙන්නා මෝඩ නැහැ. මම බොහොම කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ඔය බොරු ගොසිප්වලින් වටේ යන්නේ නැතුව ඕනම දෙයක් කෙලින් කතා කරනවා නම් මම කැමතියි.
රඟ නොපෑවත් කාලෙන් කාලෙට කරන විලාසිතා හරහා ෂෙරිල් කරලියට ආවා?
ඔව්. තරුණ කාලේ තියෙන්නේ විලාසිතා කරන්න. කොටට ඇන්දා කියලා අලූත් විලාසිතා කළා කියලා නරක මිම්මෙන් මනින්න එපා.
දැන් විවාහ වෙලා වසර 5ක් මව් පදවිය ලබන්න හොඳ කාලය කියලා හිතෙන්නේ නැද්ද?
දෙවියන් වහන්සේ නියම කාලය ආවම ඒ දේවල් දේවි කියලා හිතනවා. මවක් වෙන්න ආසයි බලමුකෝ... ඉක්මනටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවි කියලා හිතනවා.
නදීශා අතුකෝරළ