බල්ලෝ පූසෝ ලෙඩ වුණාම හඬන චූටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-25-ent-171

ලාංකිකා මාතොටආරච්චි රූපවාහිනී තිරයේ මුලින්ම පෙනී සිටියේ දැන්වීම් හරහායි. ඒ නිසා ඇයගේ රුව නිතර දකින්නට ලැබුණත් වැඩි දෙනා අතර ඇය ජනප‍්‍රිය වුණේ ”හාරකෝටිය” ටෙලි නාට්‍ය මාලාව සමගයි. එහි ”චූටි” ලෙස චරිතයක් රඟපෑ ලාංකිකා සඳැල්ල හැඩකර මොහොතකි මේ.

 

ලාංකිකා ඔබ ගැන, නොදන්නා අයට විස්තර කළොත්?2018-01-25-ent-172

කලා ක්ෂේත‍්‍රයට ආවෙ පොඩි කාලයේදීමයි. ළමා නිවේදිකාවක ලෙස කටයුතු කළා. ළමා පිටියෙ ශිල්පිනියක ලෙසත් කටයුතු කළා. පසු කාලයකදී වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රයට එන්න ලැබුණා. වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රය නිසා හඳුනාගෙන සිටි චාමර සමරවික‍්‍රම අයියා සිවගුරුනාදන් සර්ට මාව හඳුන්වලා දුන්නා. හාරකෝටියට සම්බන්ධ වුණේ ඒ විදියටයි. එහිදී සද්ධා මංගල සූරියබණ්ඩාර සර් උදව් කළා. මගේ ගමන ගැන කෙටියෙන්ම කිව්වොත් ඒ විදියයි.

 

පසුගිය කාලයේ රූ රැුජින තරගයකටත් පෙනී සිටියා නේද?

2016 දී මිස් වර්ල්ඞ් වයිඞ් කියන රූ රැජිණ තරගයට පෙනී සිටියා. එහිදී 4 වැනි ස්ථානය වගේම හොඳම නිරූපිකාව ලෙසත් තේරුණා.

 

එතකොට නිරූපිකා ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවාද?

නැහැ?

 

දැන් මොනවද කරන්නේ?

කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. තවදුරටත් උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

”චූටි” වෙච්ච නිසා ලැබුණ ප‍්‍රතිචාර කොහොමද?

හාරකෝටියෙ චූටි වෙච්ච නිසා වැඩිම ප‍්‍රතිචාර ලැබුණෙ චූටි ළමයින්ගෙන්. චූටි කියන චරිතය මටත් සමීපයි. මටත් අක්කා කෙනෙක් ඉන්නවා. මාත් සාමාන්‍යයෙන් චූටි වගේ ගෙදරදී කටකාරයි.

 

”චූටි” ට අමතක නොවන දේ ගැන කිව්වොත්?

රඟපෑම කියන්නෙ හරිම ලෙහෙසි දෙයක් කියලයි මම හිතාගෙන හිටියෙ. හැබැයි එතැනට ගියාම තමයි තේරුණේ රඟපැම කොච්චර නම් අමාරුද කියලා. සිවගුරුනාදන් සර් බොහෝ දේ කියලා දුන්නා. රඟපෑම ගැන මුලින්ම හදාරන්න ලැබුණෙ ඒ සර් යටතේයි. රඟපාද්දී දිනිති වල්ගමගේ අක්කා මගේ අක්කා වුණා. දුනුවිල පවුලේ අපි කට්ටිය හරි එකතුයි. එකම පවුලක් වගෙයි. නිතරම පිස්සු වැඩම තමයි කළේ. කෑම කන්න ගියාම නිතරම හයියෙන් කෑ ගහනවා. හරිම විනෝදයි. හරිම සතුටින් කළේ. සමහර වෙලාවට බයත් හිතුණා. ඒත් එකම පවුලක් වගේ දැනුණ නිසා බොහොම සැහැල්ලූවෙන් කළා.

 

දිගටම රඟපෑමටද ආසා?

අධ්‍යාපන කටයුතු නිසා වෙනත් දේ ගැන හිතුවෙ නැහැ. අධ්‍යාපනයයි රඟපෑමයි දෙකම කරන්න අමාරුයි. මුලින් මේ අධ්‍යාපන කටයුතු ඉවර කර ගන්න ඕනෑ. ඉස්සරහට හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර ගන්න සූදානමින් ඉන්නෙ. හැබැයි මොන දේ බාර ගත්තත් ලෙක්චර්ස් නම් මග හරින්නෙ නැහැ.

 

හිනා යන අවස්ථාවලදී ළඟ සිටින කෙනාට අතපය දිගෑරලා ගහනවා කියන්නෙ?

ඒ පුරුද්ද නම් මට නතර කරන්න බැහැ. ලේකචර්වලට ගියාමත් විහිළු තහළු කරද්දී මගෙන් වැඩිපුරම ගුටිකන්නෙ මගේ හොඳම යෙහෙළියයි. මගෙන් ගුටි කාලම දැන් එයා කෙට්ටු වෙලා කියලා අනෙක් අය විහිළු කරනවා.

 

ඇත්තටම ලාංකිකා කොහොම චරිතයක්ද?

හරිම සරල විදියට ජීවත්වන සංවේදීව කටයුතු කරන තරුණියක්. වැඩිය යාළුවෝ නැහැ. හිටියොත් ඉතිං විහිළු කරන අවස්ථාවලදී මගෙන් ගුටිකන්නත් වෙනවනේ.

 

හිත ගිය තරුණයෙක් එහෙම ඉන්නවද?

අපෝ ඕවා ගැන හිතන්න තව කොච්චර කල් තියෙනවද? අම්මා තාත්තා මට වෙලාව ආවාම හොඳ කෙනෙක් හොයලා දේවි. අම්මා ගෘහණියක්. තාත්තා විදෙස්ගතව සේවය කරනවා. මගේ එකම අක්කී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැුකියාව කරනවා.

 

කලාව සහ තරුණකම ගැන කොහොමද හිතන්නේ?

කලාව සුන්දර දෙයක්. මම හිතන්නෙ සෑම කෙනෙක් සතුවම කලා හැකියාවන් තියෙනවා. එය තමා විසින්ම හඳුනාගත යුතුයි. කලාව තාරුණ්‍යයට සමීප වුණාම ජීවිතය හරිම සුන්දරයි.

 

ලාංකිකා කලාවේ වඩා දක්ෂ?

නර්තනය, නිවේදනය සහ දැන් රංගනයටත් ආසයි. ඉඳහිටලා කවිත් ලියනවා.

 

මොන වගේ කවිද ලියන්නේ?

හිතට දුකක් දැණුනාම ඒ වෙලාවට කවි ලියනවා. සත්තුන්ට මං හරි ආදරෙයි. බල්ලා, පූසා ලෙඩ වුණාම මට හරි දුකයි. සත්තු මැරිලා ඉන්නවා දැක්කාමත් හරිම දුකයි. ඒ වෙලාවට මම අඬනවා.

 

ආදරේ ගැන කොහොමද හිතන්නේ?

”සුන්දරයි” එච්චරයි මම දන්නෙ.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

පසුතලය Bay leaf කොළඹ 07

 

  2018-01-25-ent-170 2018-01-25-ent-169