බබාගේ ෂූට් එක ටිකක් වෙනස් විදිහට කරන්න අපිට ඕන වුණා
වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් ලෙස රටම හඳුනාගත් නදී පසුගිය දිනෙක වෙනස්ම ඡායාරූප පෙළකට පෙනී සිටියා. මේ ඡායාරූප පෙළ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වුණු නිසාම සාරවිට අපිත් නදීව එකතු කරගන්න සිතුවා.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම නදී ගයාත්‍රි. ගොඩක් අය මාව හඳුනන්නේ නදී කියලා. මම විවාහකයි. මම නිරූපණ ක්ෂේත්රයේ බ්‍රයිඩ්ල් මොඩ්ලර් කෙනෙක් විදිහට වැඩ කරනවා.
දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
වෙළෙඳ දැන්වීම්, ෆොටෝෂූට්, පේපර් කවර්, බ්‍රයිඩ්ල් ඇතුළු නිර්මාණ රැසකටම සම්බන්ධ වෙලා තිබෙනවා. බබා ලැබුණාට පස්සෙත් වැඩ කිහිපයකටම දායක වුණා.
නදී ළඟදී වෙනස් විදිහේ ෆොටෝෂූට් එකකට සම්බන්ධ වුණා?
ඔව්. සරසි නෙත්මිණි තමයි ඒ ෆොටෝෂූට් එක කළේ. මමයි මගේ සැමියා නිශාන්ත සහ මගේ බබා ඔනා තමයි ඒකට දායක වුණේ. ෆොටෝෂූට් එක කරේ බබාගේ අවුරුද්දේ උපන්දිනය වෙනුවෙන්.
ඒ ෆොටෝෂූට් එක වෙනස් කන්සෙප්ට් එකක්?
ඔව්. බබාගේ ෂූට් එක ටිකක් වෙනස් විදිහට කරන්න අපිට ඕන වුණා. සරසිගේ තමයි මේ කන්සෙප්ට් එක, ඇඳුම් නිර්මාණ සහ ලොකේෂන් ඔක්කොම බැලුවේ. අද ගොඩක් ෆොටෝෂූට් වල අපි දකින්නේ හැමෝම දකින ටිකක් ජනප්‍රිය කන්සෙප්ට්. ගැමි ඒ නිසා ගැමි සංකල්පයකට ගියේ ඒ නිසයි.
බොහෝ ශිල්පිනියන් විවාහයත් සමගම ක්ෂේත්රයෙන් අයින් වෙනවා. නදීට එහෙම හිතුණේ නැද්ද?
මෙහෙමයි. ඇත්තටම මට ලොකු කාර්යබහුලත්වයක් තිබුණේ නැහැ. ෆොටෝෂූට් එකක් කමර්ෂල් එකක් කියන්නේ දවසක දෙකක කැපකිරීමක්. ඉතින් ඒ නිසා ෆීල්ඩ් එකෙන් ඉවත් වීමේ අවශ්‍යතාවයක් මට දැනුණේ නැහැ.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්මා මුල ඉඳලාම මගේ පස්සෙන් ඉන්නවා. එතකොට මගේ සැමියා නිශාන්තත් විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ දෙන්න නැතිව මගේ වැඩ කරගන්න අමාරුයි.
දරුවෙකුගේ වගකීමක් සමග තව ක්ෂේත්රයක නිරත වීමට ඉඩකඩක් තියෙනවාද?
ඔව්. දරුවාගේ වැඩ කරන ගමන් තව දෙයක් කරන්න පුළුවන්. ඒකට වේලාවක් වෙන් කරගන්න එක, හැමදේම සමබර කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. අමාරුයි. නමුත් උත්සාහ කළොත් බැරි වෙන්නේ නැහැ.
කැලුම් දේවින්ද / ඡායාරූප - සරසි නෙත්මිණි