පොතක් ලියන්න පටන් ගත්තා
‘පසුගිය වසරේ මට’ තරුණ සාම තානාපති’ තේමාව රැගත් නෙල්සන් මැන්ඩෙලා සම්මානය හිමිවුණා. මෙරට දකුණු අප්‍රිකානු තානාපතිනිය අතින් එය හිමිවුණේ. එය මගේ ජීවිතයට ලැබුණු විශාල ජයග්‍රහණයක්. මීට පෙර මා විසින් කර තිබූ සමාජ සේවා වැඩ සහ සමාජ සත්කාර වැඩ නිසා තමයි මෙම සම්මානය ලැබුණෙ. සමාජ සත්කාර වැඩ කරද්දී මම ඒවාට ප්‍රසිද්ධිය ගන්නෙ නැහැ. ප්‍රසිද්ධ මාධ්‍යයට කියලත් නැහැ. ඒත් මේ සම්මානය සඳහා මාව නිර්දේශ කරද්දී එයාලා දැනුවත් වෙලා ඉන්න ඇති. සුන්දර විනු සිරිවර්ධන තුරුණු රංගන ශිල්පිනිය පසුගිය දිනවල අපට හමුවුණේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් තිබූ ‘බිතු සිතුවම්’ නාට්‍යය සමගයි. ඒත් මේ වසංගත තත්ත්වය හමුවේ එහි රූපගත කිරීම් තාවකාලිකව නතර වී ඇති බව ඇය පවසන්නීය. මේ සමග තවත් විස්තර කියන්නට විනූ සඳැල්ල කතාබහට එක්වුණේ මේ විදියටයි.
‘බිතු සිතුවම්’ නාට්‍යය තව කොටස් කීයක් තිබෙනවද?
දීර්ඝ නාට්‍යයක් නිසා තව කොච්චර තියෙනවද කියලා දන්නෙ නැහැ.
ඒ නාට්‍යයේ විතරද ‘විනු’ මේ දිනවල රඟපාන්නෙ?
මීට පෙර මම රඟපෑ නාට්‍ය දෙකක් නැවත විකාශය වෙනවා. ‘වෙස්’ නාට්‍යය ස්වර්ණවාහිනියේ සහ සඳදිය උතුරා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙනවා.
විනු මේ දිනවල ගෙදරට වෙලා මොනවද කරන්නෙ?
මේ දිනවල වැඩිපුරම කළේ ගෙදරට වෙලා ඉවුම් පිහුම් කළ එකයි.
මොනවද කළ ඉවුම් පිහුම් වර්ග?
සාමාන්‍යයෙන් බතක් හොද්දක් උයාගෙන කන්න පුළුවන් විදියට ඉව්වා. ඊට අමතරව විශේෂ කෑම වර්ගත් හැදුවා. විශේෂයෙන්ම රෝල්ස් පැටිස්, පැස්ටා සහ බේකරි ආහාර හදන්න පුරුදු වුණා.
විනු ස්පෙෂල් මොනවද?
රයිස් එකක් හැදුවා, ඒකට එළවළු වර්ග ගොඩාක් බතට එකතු කරලා හැදුවෙ. ඒක හරියට නාසිගුරං රයිස් එකක් වගෙයි. එක කරි එකක් එක්ක කන්න පුළුවනි. රසයි ගුණයි හොඳයි.
ලොක්ඩවුන් කාලයේදි මුහුණ දුන්න සිදුවීම් මොනවද?
මට ඉන්නවා ලස්සන, හුරතල් පූස් පැටියෙක්. එයා අසනීප වුණා. ඒ නිසා එයාව සුව කරගන්න වෙහෙසුණා. ඒ හැර මේ ගෙවී ගිය දිනවලදී මගේ ඉගෙන ගන්න වැඩවල යෙදුණා. ජනමාධ්‍ය කළමණාකරණය සහ මනෝවිද්‍යාව ගැන හදාරලා තියෙනවා. මානසිකව උපදේශණ අවශ්‍ය වූ මගේ යහළු යෙහෙලියන් එක්ක මා ඉගෙන ගත් දේ බෙදා හදාගත්තා. මනෝවිද්‍යා අංශයට සම්බන්ධව ඉදිරියේදී පොතක් ලියන්නත් අදහස් කරගෙන ඉන්නෙ. එහි මූලික වැඩ පටන්ගත්තා.
මිනිසුන්ගෙ මානසික සුවය උදෙසා මේ මොහොතේ විනු දෙන උපදෙස මොකක්ද?
හොඳම උපදෙස තමයි ගෙදර අය එක්ක විනෝදයෙන් ගත කරන්න. මීට පෙර නොලැබුණු අවස්ථාවක් මේ. කාන්තාවක් හැටියට උයන්න දැනගෙන ඉන්න ඕනෑ. මම ඒ දේ ඉගෙන ගත්තා. ඒ විදියට තමුන් සතුව නැති හැකියාවන් ඇති කර ගන්න උත්සාහගන්න. අලුත් අලුත් දේ අත්හදා බලන්න. කොරෝනා - කොරෝනා කියන මානසිකත්වයේ ඉන්නෙ නැතුව හොඳ සෞඛ්‍ය පුරුදු පුරුදු වෙන්න. මගේ පාසල් කාලයෙන් පසුව මේ විදියට පවුලේ අයත් එක්ක දීර්ඝ කාලයක් ගත කරන්න ලැබුණු දුර්ලභ අවස්ථාවක් මේ. මම එයින් උපරිම ප්‍රයෝජන ගත්තා. ඉතා ඵළදායි ලෙස මේ දින කීපය ගත කළා. ඔබත් ඒ විදියට ජීවිතයට ඵලයක් ඇති විදියට කටයුතු කරන්න. පවුලේ අයත් එක්ක. අර්ථවත්ව කාලය ගෙවන්න.
මේ කාලයේදී ඔබ ජීවිතයට ලබාගත්ත හොඳම දේ මොකක්ද?
මුලින් කිව්වා වගේ, ඉවුම් පිහුම් සහ ඉගෙන ගත්ත දේවල් නැවත, ආවර්ජනය කිරීම, සහ කියවීම ආදී දේ කළා. ඒ ඔක්කෝටම වඩා මම ආසා කරන්නෙ පවුලේ අය එක්ක ඉන්න ලැබීමයි. ඉදිරියේදී මම විවාහ වෙලා ගියාම, මට පවුලේ අය එක්ක ඒ විදියට ඉන්න ලැබෙන කාලය අඩුයි. ඒ නිසා මොන දේ වෙන්නෙත් හොඳටයි කියලා, මට නම් මේක හොඳ වුණා.
ඉදිරියේදීත් රඟපෑම ගැන විතරමද හිතන්නෙ?
රංගනයට ආ දවසේ ඉඳලාම මම රංගනයෙන්ම යැපුණ කෙනෙක් නොවෙයි. ඒ වගේම වෙනත් රස්සාවක් කළෙත් නැහැ. ඉදිරියේදී විලාසිතා නිර්මාණ අංශයෙන් ව්‍යාපාරයක් වගේ කරාවි.
මේ ලැබුණු නිවාඩුවේ පෙම්වතා එක්ක නිදහසේ චැට් කරන්නත් ලැබෙන්න ඇති නේද?
ඒවා පුද්ගලිකයි රහසිගතයි.
ඒ කිව්වෙ?
ඒවා පුද්ගලික දේවල්නෙ.
ආදරේ.... ආදරේ... මොකක්ද මේ ආදරේ?
ඉතාම සුන්දර දෙයක්. මව්පියන්ගෙන් වෙන්න පුළුවන්. විශේෂ කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. ඊට අමතරව අපට නම් ප්‍රේක්ෂක ආදරෙත්න් ලැබෙනවා. මොන විදියට ආදරේ ලැබුණත්, ආදරය බොහෝම සුන්දරයි. මගේ ‘ඉඩී’ ගැනත් යමක් කියන්නද?
ඉඩී? කවුද ඒ?
මගේ සුරතලා, පූසා. එයත් දැන් හරි ජනප්‍රිය චරිතයක්. හිරු ටී.වී. එකේ ‘මගේ සුරතලා’ වැඩසටහනටත් හිටියා. එයා නමින් මම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවකුත් ඕපන් කළා. එයාගෙ රට ජර්මනිය. එයා හරි හොඳ සුරතලෙක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ