පොඩිකාලෙ ඉඳලම ගිටාර් ප්ලේ කරන්න දන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-23-ent-120

රිෂිනි හතරසිංහ යනු කලා ක්ෂේත්‍රයට නවකයකි. ඇය විසින් පසුගියදා එළිදැක්වූ ගීතයක් වන ‘මගේමයි ඔයා’ ගීතය මේ වන විට රසික ආදරයට ලක්ව තිබේ. ටනාෂා හතරසිංහගේ නැගණිය වන ඇය ‘සාරවිට’ සඳහා ගොඩවූ මොහොතකි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-01-23-ent-117මගේ නම රිෂිනි සාවින්දි හතරසිංහ. මගේ වයස අවුරුදු 18යි. මම තවම පාසල් යනවා. මේ අවුරුද්දේ වානිජ අංශයෙන් උසස් පෙළ හදාරනවා.

 

සිංදුවක් කරන්න හිතුවෙ ඇයි?

ඒක මගෙ උපන්දිනයට අපේ අම්මා තෑග්ගක් විදියට දුන්නේ.

 

කලාවට යොමුවෙන්න හේතුව?

පොඩිකාලෙ ඉඳලම ගිටාර් ප්ලේ කරන්න දන්නවා. මම ඒ කාලෙ ඉඳන්ම සංගීතයට හරි ආසයි. ඒ නිසා තමයි මට මේ වගේ තෑග්ගක් ලැබුනෙ.

 

අම්මා දුන්න ඒ තෑග්ග ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි.

 

ඉදිරියේදී තවත් ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවද?

සංගීතය ඉගෙනගෙන ඉදිරියට තවත් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

පළමු ගීතයේදී ලබපු අත්දැකීම ගැන මොකද හිතෙන්නෙ?

මගේ පළමුවෙනි සිංදුව නිසා ලොකු බයක් තිබුණා. එතනදි අමිත් අයියයි රොෂානි අක්කයි තමයි ගොඩක් උදව් කළේ. සත්සර අයියා තමයි Lyrics කළේ.

 

ඔයාට ජනප්‍රියත්වයක් ලැබුනේ ගීතය නිසාද? අක්කා නිසාද?

ඒ දෙකම හේතුවක් වුනා.

 

අක්කාගෙන් පසු ඔබත් කලා තරුවක් වෙන්නද බලාපොරොත්තුව?

ඔව්.

 

අධ්‍යාපනයෙන් පසු සංගීතය ගැන හදාරන්න අදහස් තියෙනවද?

සංගීතය ගැන හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වුනත් ඉගෙනීම පැත්තෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ.

 

ඉගෙනීමෙන් පස්සෙ ද කලාවට දායක වෙන්න හිතන්නේ?

දැනටත් මම සංගීතය ඉගෙන ගන්නවා. එය ඉදිරියටත් එහෙමමයි.

 

කලාවට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?

හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

ඔබ ඉගෙන ගෙන රැකියාවකට යොමු වුනොත්, ඔබේ කාර්යබහුලත්වයත් එක්ක සංගීතයෙන් ඈත් වෙනවාද?

නැහැ. දිගිටම විනෝදාංශයක් ලෙස සංගීතයේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබට උදව්කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

අක්කා, අම්මා, මගේ නිවුන් සහෝදරිය පොඩි නංගි, සත්සර අයියා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-01-23-ent-119
2017-01-23-ent-118
2017-01-23-ent-116
2017-01-23-ent-115