පොඩි දෙනෙක් සිදුකරන වැරදි නිසා ක්‍ෂේත්‍රයට කැළලක් ඇති වෙලා තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-25-ent-183

නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණ ටික කලක් වුවද ඇයට ටෙලිනාට්‍ය රංගනයටද ආරාධනා ලැබෙන්නීය. ගීත රූප රචනාවලට වැඩි නැඹුරුවක් දක්වන ඇය නමින් නිෂාධි සමරවීරයි. ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඇගේ ආකල්ප ගැන දැනගැනීමට ‘සාරවිට’ සමගින් එක්වූ මොහොතකි මේ.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

2017-04-25-ent-182මම නිෂාධි සමරවීර. මගේ වයස අවුරුදු 21යි. මගේ පදිංචිය වේයන්ගොඩ.

 

නිරූපිකාවක් වීම පුංචිකාලේ ඉඳලම තිබුණ ආසාවක්ද?

ගොඩක්ම ආසාව තිබුණේ නිළියක් වෙන්න.

 

කොහොමද ඒ ආසාව ඉටුවුණේ?

ඇත්තටම මම තවම නිළියක් නෙවෙයි. දැනට ටෙලිනාට්‍ය 3ක පමණ සුළු චරිත තමයි කරලා තියෙන්නේ. නිරූපණයෙන් තමයි ගොඩක්ම වැඩකටයුතු කරලා තියෙන්නේ.

 

ඔබ දායකවුණු ටෙලිනාට්‍ය මොනවාද?

ITN එකේ ප්‍රදර්ශනය වුණු ‘මිහිඳුම් තරණ’ නාට්‍යයේ නිසංසලා කියන චරිතයත්, ‘පැහැසරා’ ටෙලි නාට්‍යයේ වෛද්‍යවරියකගේ චරිතයත් කළා. ඊට අමතරව ‘දිවි දියඹ’ ටෙලි නාට්‍යයටත් දායකවුණා. එය තවම විකාශය වී නැහැ.

 

රූපවාහිනියේ තිරයටත් අමතරව ඔබ වේදිකාවේත් දකින්න ලැබෙනවා නේද?

ඔව්. බුද්ධික බෝධිනායකගේ ‘මහරජ අජාසත්’ කියන වේදිකා නාට්‍යයේ මම කුමරියගේ චරිතය කරනවා. ළඟදීම එයත් වේදිකාගත වේවි.

 

නිරූපණයෙන් ඔබ දායක වුණු වැඩකටයුතු මොනවාද?

Bridle Shows, Bridle Shootsවලට තමයි ගොඩක්ම දායක වුණේ. ඒ වගේම Tv Commercial සහ මියුසික් වීඩියෝවලටත් දායකවුණා.

 

ඔබ නිරූපණ හා රංගන ක්ෂේත්‍රයට එක්වීම සම්බන්ධයෙන් පවුලේ අයගෙන් බලපෑම් ආවේ නැද්ද?

මෙහෙමයි එහෙම වෙලා තියෙන්නේ ටික දෙනෙක්ගේ වැරදි නිසා. හොඳින් ගමනක් යන අයත් ඉන්නවා. හොඳ වැඩක් ආවොත් බාරගන්න එකයි මම කරන්නේ. ආරාධනයක් ආව කියලා මම හැම දේම භාරගන්නේ නැහැ. පවුලේ අයගෙන් මට ඒකට සහයෝගයක් ලැබෙනවා. එයාලගෙන් අහලයි මම වැඩවලට යන්නේ.

 

නිරූපණය හෝ රංගනය කියන්නේ ඔබේ වෘත්තීයද?

නැහැ. මට වැඩකටයුතුවලට ආරාධනා ලැබෙන නිසා මම ඒවා තෝරාබේරාගෙන බාරගන්නවා. නිරූපණයෙන් Bridle Shows තමයි ගොඩක්ම කරන්නේ.

 

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?

මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න වගේම මගේම කියලා සැලුන් එකක් පටන්ගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

මේ දක්වා ඔබ පැමිණි ගමනේදී මතක් කළ යුතු පිරිසක් ඇති. ඒ අය ගැනත් කියමු නේද?

විශේෂයෙන්ම මගේ Boyfriendට ස්තූතිවන්ත විය යුතුයි. ඔහු තමයි මාව මෙතනට අද ගෙනාවෙ. ඒ වගේම ජනරන්ජන පතිරන අයියාවත් මගේ පවුලේ අයවත් ආදරයෙන් මතක් කරනවා.

දිනිත් කණිෂ්ක

2017-04-25-ent-186 2017-04-25-ent-185 2017-04-25-ent-184   2017-04-25-ent-181 2017-04-25-ent-180 2017-04-25-ent-179