පොඩි කාලේ ඉඳලා මම දක්ෂ නර්තනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-152

වර්තමානයේ වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන දිසාලා සස්මිනි සමරවීර සමගින් අද කතා බහ මෙසේ දිගහැරියේමු. ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින දිසාලා පාසල් අවධියේදී නර්තනයට දක්ෂතා දක්වා තිබේ. රංගනයට වැඩි කැමැත්තක් නොදක්වන ඇය නිරූපිකාවක් ලෙස නිරූපන ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂා කරමින් සිටියි.

 

දිසාලා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?2018-10-29-ent-150

පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම රොසෑන් ඩයස් මහත්මියගේ නිරූපණ වැඩමුළු කිහිපයකට සම්බන්ධ වෙනවා. ඒ වගේම 2013 හා 2014 වසරවලදී ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ නිරූපණ තරගවලටත් මම සහභාගි වෙනවා. ඔය විදිහට තමයි නිරූඵන ක්ෂේත්‍රයට මම සම්බන්ධ වෙන්නේ.

 

පාසල් කාලේ නම් ඔබ දක්ෂ නර්තනයට?

ඔව්, මම අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. පාසලේ තිබුණ සෑම කලා කටයුත්තකටම සහභාගි වෙනවා. විශේෂයෙන්ම නර්තන ශිල්පිනියක් විදිහට. පාසල් නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට කටයුතු කරමින් චිනය හා මැලේසියානු රටවල ප්‍රසංගවලටත් සහභාගි වෙලා තියෙනවා. උසස් පෙල විභාගයට පෙනී සිටියේ කලා විෂය තුළින්.

 

දිසාලා කියන්නේ නිරූපිකාවක් පමණද?

නැහැ. මම දැනට ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා තියනවා. ඊට අමතරව කොත්තු මී, මොබිටෙල් ඇතුළු වෙළෙඳ දැන්වීම් බොහෝමයකටත් මම සම්බන්ධ වෙලා තියෙනවා. තව රූපවාහිනි වැඩසටහන් කිහිපයකටත් එකතු වෙලා තියෙනවා. ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා එකතු වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, මගේ කැමැත්තක් නැහැ ඒ පැත්තට යොමු වෙන්න. මොකද මගේ ඉලක්කය වෙලා තියෙන්නේ නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන එක.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම, නිරූපණ ක්ෂේත්‍රය හොඳයි. මම පොඩි කාලේ ඉඳලා කැමති ක්ෂේත්‍රයක් මේක. නිරූපණ ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් ක්‍රියා කරනවා නම් ඉදිරියට යන්න පුළුවන්. මේ ක්ෂේත්‍රය තුළ විවිධ පුද්ගලයන් අපිට මුණ ගැහෙනවා. නමුත්, අපි අවබෝධයෙන් කටයුතු කරනවා නම් ගැටළුවක් වෙන්නේ නැහැ එක. අපි බලාපොරොත්තු වෙන ඉලක්කට අපිට යන්න පුළුවන්.

 

ඉදිරි ඉලක්ක?

නිරූපණ ක්ෂේත්‍රය තුළ හැමදාම අපිට රැඳෙන්න බැහැ අපේ වයසත් එක්ක. ඒ වගේම තමයි අද ගොඩක් අලුත් අය මේ ක්ෂේත්‍රයට එනවා. ඒ අයට අපි තැන දෙන්න ඕනා. ඒ නිසා රූපලාවන්‍ය පැත්තට යොමු වෙන්න මගේ අදහසක් තියෙනවා. මහරගම තරුණ සේවා සභාවේ ඒ පිළිබඳව පාඨමාලාවකුත් මම දැනට හදරනවා. ඉදිරියට රූපලාවණය ශිල්පිනියක් විදිහට වැඩ කරන්න ආසාවකුත් තියෙනවා.

 

උදව් කරපු අය?

මගේ අම්මා තමයි. අම්මාගේ කැමැත්ත තිබුණේ මාව නර්තන ගුරුවරියක් කරන්න. නමුත්, මගේ ඇඟේ තිබුණේ නිරූපණය. ඇඳුමක් තේරුවත් මම ටිකක් විලාසිතාවලට බර ඇඳුම් තමයි තෝර ගත්තේ. අම්මා වුණත් පස්සේ කැමති වුණා මාව නිරූපණය පැත්තට යොමු කරන්නේ. ඒ අම්මාගේ කැමැත්තක් හිතෙන් අයින් කරගෙන. මේ වෙලාවේදි වෙන කාටත් වඩා මගේ ස්තුතිය හිමි විය යුත්තේ මගේ අම්මාට.

 

 2018-10-29-ent-151  2018-10-29-ent-153 2018-10-29-ent-154