පොඩි කාලේ ඉඳන්ම ෆොටෝස් වලට ඉන්න Pose කරන්න පිස්සුවක් තිබුණා
උසස් පෙළ හදාරමින් සිටින ඇය නිරූපණයට අලුත් මුහුණකි. නමින් ට්‍රේෂි ශනෙල් වන ඇය නිරූපණය එකතු වන්නේ කුඩා කාලයේ සිට ඇයට ඒ පිළිබඳ තිබූ ආසාව නිසාය. ඇයගේ නිරූපණ ගමන දැනගන්න මේ විදිහට අපිත් එක්ක එකතු වුණා.
මගේ නම ට්‍රේෂි ශනෙල්. මම ඉන්නේ කුරුණෑගල. දැනට නිරූපණය කරනවා. මේ දවස්වල උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. එච්චරයි.
එතකොට මොඩ්ලින් කරන්න පටන් ගත්තේ කොහොමද?
Photographer ලා කතා කළා. ඒ කතා කරපු අයගේ ෂූට් වලට ගියා. හැබැයි Modeling කරන්නේ Hobby එකක් විදිහටයි. රැකියාවක් විදිහට නෙමෙයි.
කොයි කාලේද නිරූපණයට ආවේ?
දැනට මාස තුනක් විතර
ඇයි නිරූපණට එන්න හිතුණෙ?
පොඩි කාලේ ඉඳන්ම ෆොටෝස් වලට ඉන්න පෝස් කරන්න පිස්සුවක් තිබුණා. ඒ නිසාම තමයි නිරූපණයට එන්න හිතුණෙ.
ගෙදරින් කැමැති වුණාද මොඩ්ලින් කරනවාට?
ඔව් ගෙදරින් නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් පෙම්වතා තමයි අකමැති.
රඟපාන්න ආස නැද්ද?
ආසයි.
අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවාද?
ඔව්, අවස්ථාවක් ලැබුණොත් බාර ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න ඉන්නේ ළඟදීම.
ඉදිරියේදී වෘත්තිය විදිහට තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
ඒක ගැන නම් තාම අදහසක් නැහැ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන එක තමයි.
වෙනත් බලාපොරොත්තු නැද්ද?
වෙනත් බලාපොරොත්තු නම් නැහැ.
Dilan Chryshantha