පොටෝ ෂූට් එකක් කරලා මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ
ඇය නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලැබූ අයෙකි. මේ වනවිට ඇකඩමියක් මගින් තම නිරූපණ හැකියාව එකිනෙකට බෙදා දීමට ඇය වෙහෙස දරයි. ඇය නමින් ඩැල්වින් ශාෂා. මේ කතාබහ ඇය සමගයි.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මගේ නම ඩැල්වින් ශාෂා. මම දැනට Hotel එකක සේවය කරනවා. ඊට අමතරව ‘රන්වේ මොඩ්ල් ඇකඩමි’ කියලා මගේම ඇකඩමි එකක් කරගෙන යනවා.
ඇකඩමි එක පටන් අරන් කොපමණ කාලයක් වෙනවාද?
ඇකඩමි එක පටන් අරන් දැනට මාස 4ක් වගේ වෙනවා.
ඔබ නිරූපණයට එකතු වෙන්නේ මොන කාලෙදිද?
මම නිරූපණයට එකතු වෙන්නේ 2011දී.
ඔබ මුලින්ම දායක වුණ වැඩකටයුතු මොනවාද?
මුලින්ම මම ‘රෑම්ප් මොඩ්ලින්’වලට දායක වුණා. ඊට පස්සේ මම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. ඊට පස්සේ ටික කාලයක් ඉගෙනීම් කටයුතු සඳහා ක්ෂේත්රයෙන් ඉවත් වෙලා හිටියා. ඊට පසුව මම නැවතත් ක්ෂේත්රයට සම්බන්ධ වුණා. පසුව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත්, ටෙලිනාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා.
මොනවද ඔබ ඒ දායක වුණ වෙළෙඳ දැන්වීම්?
කොමර්ෂල් ක්‍රෙඩිට්, පීපල්ස් බෑන්ක්, ශ්‍රී එෆ්.එම් ඇතුළු වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. ළඟදී ගොඩක් ආරාධනා ලැබුනත් මගේ වැඩකටයුතු නිසා මට ඒ දේවල් භාරගන්න බැරිවුණා. ඉදිරියේදී මොනවා හරි හොඳ දෙයක් ලැබුණොත් භාරගන්නවා.
ඔබ දායක වුන ටෙලිනාට්‍ය මොනවාද?
‘සුජාතා’, ‘වස්සානේ ප්‍රේමය’ කියන ටෙලිනාට්‍ය දෙකකට මම සම්බන්ධ වුණා.
ඔබ නිරූපණය සහ රංගනය කියන ක්ෂේත්‍ර දෙකටම සම්බන්ධවෙලා වැඩකටයුතු කරන කෙනෙක්ද?
මම ගොඩක්ම කැමති නිරූපණය කරන්න. මොකද මම ගොඩක් පොඩි කාලේ ඉඳලා නිරූපණ ක්ෂේත්රයට කැමති නිසා සහ මගෙ දක්ෂතාවක් තියෙනවා. ඒ වගේම මම දැන් අලුතෙන් එන අයට නිරූපණය හදාරන්න උදවු කරනවා. රංගනය පැත්තෙන් හොඳ නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් අනිවාර්යයෙන් දායක වෙනවා.
නිරූපණයට එකතු වෙද්දී පවුලේ අයගෙන් කැමැත්තක් ලැබුණද?
ගොඩක්ම මගෙත් එක්ක හැමදේකටම සම්බන්ධවෙන්නේ අම්මා. තාත්තත් අකමැති වුණේ නැහැ. එයත් මුල් කාලයේදී මොකක් හරි පැජන්ට් එකක් දැක්කොත් කියනවා මේකට දාන්න කියලා. ඒනිසා මගේ අම්මාගෙන් තාත්තාගෙන් හෝ මගේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ සඳහා කිසිම අකමැත්තක් ලැබුණේ නැහැ. මම මේ ක්ෂේත්රයට සම්බන්ධවෙනවට ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ අම්මා.
ඔබ නිරූපණය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?
අනිවාර්යයෙන්ම ඒ ගැන මතක් කළ යුතුයි. අද මම මෙතන ඉන්නේ ගුරුවරුන් තුන් දෙනෙකුගෙන් ගොඩක් දේවල් ඉගෙනගත් නිසා. මම 2011 වර්ෂයේදී වාසනා දන්තනාරායන මහත්මියගෙන් ඉගෙන ගත්තා. ඉන්පසුව රොසෑන් ඩයස් මහත්මියගෙන් නිරූපණය හැදෑරුවා. ඊට පසුව 2015 දී ප්‍රසාද් හේවාගමගේ මහත්මයාගෙ ආයතනයේ නිරූපණය හැදෑරුවා.
දැන් ඔබ නිරූපණය කියන දේ අනිත් අයට උගන්වනවා. කොහොමද ඒ කටයුතු?
ඇත්තටම කියනවා නම් අපි ඉගෙන ගත්තාට වඩා ගොඩක් අමාරුයි. ඒ කාලෙදි නම් තරුණ තරුණියන් ගොඩක් මේ ක්ෂේත්රයට සම්බන්ධවෙන්න ආසාවෙන් හිටියා. ඒ උනන්දුව තිබුණා. ගොඩක් වැඩවලට දායක වෙන්න දක්ෂකම ගොඩක් වුවමනා වුණා. අපිත් ලොකු කට්ටක් කාලා තමයි දෙයක් ලබාගත්තේ. නමුත් දැන් මම හිතන විදියට නිරූපණය කියන එක හැමෝටම හුඟක් ලේසි දෙයක් වෙලා. මම නිරූපණය සමහර අය වෘත්තියක් විදියට කරනවා. තමන් මොකක් හරි වෘත්තියක් කරනවානම් අපි ඒ ගැන හදාරලා ඉන්න ඕන. මම හිතනවා නිරූපණයත් වෘත්තියක් පැත්තෙන් ගත්තොත් හොඳ දෙයක්. නමුත් ගොඩක් දෙනා ඒක වැරදි විදියට දකිනවා තරුණ තරුණියන්ගේ වැරැදි දේවල් නිසා. මම හිතන්නේ නිරූපණය කියන්නේ ඉගෙන ගෙන ඉදිරියට යන්න ඕන දෙයක්. ඉගෙන නොගෙන ඉදිරියට යන අයටත් ඉක්මනට ඉදිරියට යන්න පුළුවන්. නමුත් වැඩිකල් ක්ෂේත්රයේ ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද දැනුමක් නැතිව ඉදිරියට යන්න බැහැනේ. දැනුම නැතිව තැනකට ගියාම වුණත් අපිට සමාජයට මුහුණ දෙන්න අමාරු වෙනවා. මම නම් කියන්නේ නිරූපණය තෝරගන්නවානම් හොඳ ආයතනයකින් ඒ පිළිබඳව හදාරලා තමන් නිරූපිකාවක් විදියට එළියට යන්න කියලා. නිකන්ම පොටෝ ෂුට් එකක් කළා කියලා එයා මොඩ්ල් කෙනෙක් වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ මම වෘත්තීමය නිරූපිකාවක් කියලා. මම දකින අනිත් අයයි මට ඒ නම දෙන්න ඕන. සමහර අය අද කියන්නේ මම වෘත්තිමය මොඩ්ල් කෙනෙක් මගේ ගාන මෙච්චරයි කියලා. ඉතිං අද ලංකාවේ එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතිං මම හිතනවා හැමෝම බුද්ධිමත්ව හිතුවොත් නිරූපණය කියන ක්ෂේත්රය මීට වඩා තැනකට ගෙනියන්න පුළුවන් කියලා.
අද ලංකාවේ නිරූපණ ක්ෂේත්රයේ ප්‍රමිතියක් නෑ කියලා ගොඩක් අය කියනවා. මේකේ ඇත්තක් තියෙනවද?
ඇත්තටම ඒකේ ඇත්තක් තියෙනවා. ඉස්සර වැඩකට කෙනෙක්ව තෝරාගන්නේ දක්ෂයිනම් පමණයි. නමුත් අද දක්ෂ කෙනාව තෝරාගන්නේ නැහැ, මුදල්වලට හා ප්‍රසිද්ධියට මිනිස්සු නැඹුරුවෙලා ඉන්නවා. මම නම් කියන්නේ මුදල් හා ප්‍රසිද්ධිය කියන දේ තරමක් දුරට අවශ්‍යයයි. නමුත් ඒක පස්සේම ගිහින් මම නිරූපිකාවක් කියන එක තෝරාගන්න නරකයි. තමන් නිරූපිකාවක් කියන එක හරියට හදාරලා එළියට යන්න ඕන. ඇත්තටම මේ ක්ෂේත්රයේ ප්‍රමිතිය දැන් ටිකක් අඩුවෙලා තියෙන්නේ.
ෆෙස්බුක් සමාජ මාධ්‍ය නිසා අද නිරූපිකාවන් බොහෝ දෙනෙක් බිහිවෙලා තියෙනවා. එහෙම නැත්නම් අද නිරූපිකාවන් කියන පිරිස අඩුයි නේද?
ඇත්තටම ඔව්. දකින දකින හැම කෙනාම පොටෝ ෂූට් කරලා එයා මොඩල් කෙනෙක් කියලා ෆෙස්බුක්වල සඳහන් කරලා තියෙනවා. අදටත් මගේ ෆේස්බුක් පිටුවේ මම මොඩ්ල් කෙනෙක් කියලා සඳහන් වෙලා නෑ. ඒක මගේ කැමැත්ත නිසා. මම අනිත් අයට කියන්නෙ නැහැ ඔගොල්ලොත් ඒ විදියට දාන්න එපා කියලා. දැන් මේ ක්ෂේත්රයටත් කිසිම වටිනාකමක් නැහැ. එක එක්කෙනාගේ වැඩකරන පිළිවෙළ ගොඩක් සාර්ථක නැහැ.
ඔබේ ඉදිරි බලාපොරොත්තු හා ඉදිරි වැඩකටයුතු මොනවාද?
රංගනය පැත්තෙන් මොනවා හරි හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන් දායකත්වය ලබාදෙනවා. දැනට මගේ ඇකඩමි එකේ පළමු කණ්ඩායමේ වැඩකටයුතු කරගෙන යනවා. ලබන වසරේ ඒ අයගේ පාඨමාලාව අවසානයේ ‘graduation show’ එකක් තියන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආයතනයෙන් නිරූපණය පැත්තෙන් හොඳ දෙයක් කරන්න පුළුවන් ළමයින් පිරිසක් බිහිවෙයි කියලා මට කියන්න පුළුවන්. මොකද ආවට ගියාට graduation එකක් තියලා ළමයින්ව එළියට දාන්නේ නැහැ. අනිවාර්යයෙන් වැඩක් ගන්න පුළුවන් කෙනෙක් තමයි මගේ ඇකඩමි එක හරහා එළියට එන්නේ. මේ දේවල් තමයි ඉදිරියට කරගෙන යන්නේ.
ඇකඩමියක් පවත්වාගෙන යන්න ඔයාට තියෙන මූලික සුදුසුකම හා ඇකඩමිගේ ප්‍රමිතිය මොනවගේද?
මම අන්තිමට ඉගෙනගත් ඇකඩමියේ පළමුවැනි කණ්ඩායමේ ළමයෙක් මම. මේ ක්ෂේත්රයේ සිටි පැරණිම ගුරුවරුන් පිරිසකගෙන් මම ඉගෙනගත්තා. ඒ ගොල්ලන්ගෙන් විවිධ අත්දැකීම් මට ලැබුණා. ඒ හින්දා මම හිතනවා ඒ දේවල් එක්ක මට ඇකඩමි එකක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඒ ඉගෙනගත් දේවල්වලට වටිනාකමක් එක්ක සහතිකයක් මට ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ දේවල් හා මගේ අත්දැකීම් ඇති කියලා ඇකඩමි එකක් පවත්වාගෙන යන්න. හැමතිස්සෙම හොඳ දේවල් තමයි මගෙන් ඒ අයට ලැබෙන්නේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha