'පේ‍්‍රමය නම්' මොන වගේද? සමනලීගෙන් අහමු
‘කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ’ දෙසොහොයුරන් එක්ව නිර්මාණ්‍ය කළ ‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටය ශ්‍රී ලාංකීය පේ‍්‍රක්ෂකයාට දැන් නැරඹිය හැකිය. මෙහි තිරගත වීම් ඇරඹීමට පෙර අන්තර් ජාතික සිනමා උළෙල ගණනාවක් නියෝජනය කළ මේ චිත‍්‍රපටය එහිදී සම්මානයෙන් පවා ඇගයීමට ලක්වුණා.
එලෙසින් විදේශීය සිනමා ලෝලීන්ගේ වින්දනයට පවා නතු වූ ‘ආදරය නිසා සිත සුවපත් වේ යැයි’ යන තේමාව යටතේ නිර්මාණය වූ ‘පේ‍්‍රමය නම්’ චිත‍්‍රපටය තිරගත වන මොහොතක එහි ආදරණීය චරිතයකට ප‍්‍රවේශ වෙමින් රංගනයෙන් දායකව සිටින ‘සමනලි ෆොන්සේකා’ රංග ශිල්පිනිය සමග සඳැල්ල කතා බහකට අපි එක්වෙමු.
සමනලි පේ‍්‍රමය නම් මොන වගේ කියාද හැඟෙන්නේ.
මෙය වෙනස් මාතෘකාවක් තේමා කරගෙන නිර්මාණය වූවක්. ලාංකීය පේ‍්‍රක්ෂකයාට එය අලූත් අත්දැකීමක් වේවි. ඒ කොයි හැටි වෙතත් මෙය ආදර කතාවක්.
පුද්ගලිකව පේ‍්‍රමය නම්? කියන දේ ඔබගෙ ජීවිතයට සාපේක්ෂව කතා කළොත්?
සෑම දෙයකටම මුල් වෙන්නෙ පේ‍්‍රමයයි. ඒ මානව පේ‍්‍රමය නිසා තමයි ලෝකය ලස්සන වන්නෙ සහ අවලස්සන වන්නේත්. සියලූ සබඳතා බැඳීම් සියල්ලට මුල් වන්න පේ‍්‍රමය තමයි.
පේ‍්‍රමයේ දී ඔබ මොන වගේ කෙනෙක්ද?
ඉතාම සාමාන්‍යයයි. පේ‍්‍රමයේදී ඉතා අවබෝධයෙන් ජීවිතයේ අදහස් ගැලපීම් බෙදා හදා ගැනීම කළ යුතු නම් වඩා හොඳයි.
පේ‍්‍රමයේ දී බොහෝ දෙනා ආත්මාර්තකාමීයි කියලා කියනවනේ. ඔබ කොහොමද?
යම් යම් තැන්වල දී ඒක එහෙමයි කියලා කියන්න පුළුවනි. ඒත් දෙදෙනා එහෙම වුණත් ඒ දෙන්නා ලෝකයට ආත්මාර්ථකාමීවිය යුතු නැහැ. ලෝකය තවත් ලස්සන කරන්න සබඳතා තවත් මානුෂීය කරන්න ඉවහල් වේ නම් එයයි වැදගත්.
අතීතය දෙස බලද්දී පේ‍්‍රමයේ අහිමි වීම්, එක්ක හැසිරීම, දරා ගැනීම කොහොම වීද? සමහරු සිය දිවි නසා ගැනීම් පවා කරනවා.
පේ‍්‍රමය අහිමි වීම එක්ක ජීවිතය නැති කර ගැනීම කියන දේට කිසිසේත්ම එකඟ වෙන්න බැහැ. අහිමිවීම දුකයි, නමුත් මම නම් ඒ අහිමිවීම් මත ජීවිතය තීරණය කරන්නෙ නැහැ. අහිමිවීම් කියන්නෙ අතීතයට එක්වන දේ. ඒ වාරයක් පාසා දුක් වුණේ ඇයි කියලා පසුව හිතද්දී හිනාත් යන්න පුළුවනි. මොකද කාලයත් එක්ක ඒ දුකට තියෙන වටිනාකම නැතිව යන නිසා.
මේ විදියට ලස්සනට අරුත්බරව අදහස් දක්වන සමනලීට බැරිද? ආදරණීය තේමාවක් යටතේ පොතක් ලිියන්න.
පොතක් නම් ලියාගෙන යනවා. මොන කාලයේදී ඉවර වේවිද කියලා හරියටම කියන්න බැහැ. මනුෂ්‍යත්වයට වඩා නැඹුරු වූ තේමාවකින් කතා කරන්න කැමැතියි.
ඒ මනුෂ්‍යත්වය කියන තැන දී ඔබ කොතැනද සිටින්නේ.
බොහොම විවෘත තැනක සිටින්නේ. ජාති ආගම් ඒ සියලූ භේද අතරේ මනුෂ්‍යත්වය සොයා ගන්නෙ කොහොමද කියන දේ ගැන තමයි හිතන්නෙ. ඇමරිකානු ජනපති ට‍්‍රම්ප්ටත් විරුද්ධව පෙළපාලි යන සමයක් මේක. ඒ සියලූ දේට එහායින් ඇති මනුස්සකම මොකක්ද කියලා අපට හිතන්න වෙනවා.
ඔයා හරි මාර කෙනෙක් වගෙයි
නෑ කොහෙත්ම නැහැ. ජීවිතය කොච්චර දේ ඉගෙන ගන්න තියෙනවද?
පේ‍්‍රමය නම් චිත‍්‍රපටයේ සමාධි වූ ඔබ නරඹන්නියක ලෙස එය විඳින්නෙ කොහොමද?
එය නරඹන සෑම වාරයක් පාසාම මට හිතෙන්නෙ ජීවිතයේ මේ වගේ තැන් පසු කරලා තියෙනවා නේද කියලයි. අවසාන සිද්ධියේ දී ඇයි එහෙම වුණේ කියලා ආයි ආයි බලන කොට එක එක දේ මතක් වෙනවා. ඇත්තටම ඒක හරිම සංවේදි චිත‍්‍රපටයක්. එය හැමෝගෙම කතාවක් නොවෙන්න පුළුවනි. නමුත් හැමෝම එවැනි සංධිස්ථාන පසු කරන්න ඇති.
මේ හැර පේ‍්‍රමය මුල් වූ සිනමා කෘති අතරින් ඔබ සසල කළ බටහිර චිත‍්‍රපටය මොකක්ද?
එකක් කියා කියන්න බැහැ. ඇමරිකානු චිත‍්‍රපටයක් ලෙස 1996 දී විතර නිර්මාණය වූ හිරු නැගීමට පෙර Berore the sunrise චිත‍්‍රපටය මම වඩා ප‍්‍රියයි.
ලංකාවට අද අවශ්‍ය මොනවගේ තේමා යටතේ වූ චිත‍්‍රපට කියල ද හිතන්නෙ?
ඒ කාලයේ තිබුණු පේ‍්‍රක්ෂකාගාරය නෙවෙයි අද තියනේනේ. ඕනෑම වූ චිත‍්‍රපටයක් හෝ වෙනත් නිර්මාණයක වින්දනය කිරීමේ මැලිකමක් දක්වන වටපිටාවක් තියෙන්නේ. කලාව වින්දනය කරන සහ ඒ වෙතින් පෝෂණය වන සමාජයක් අවශ්‍යයි. ඒ සමාජය උදෙසා කලා නිර්මාණ සහිත වූ පරිසරයක් බිහි කිරීම අපි හැමෝගෙම යුතුකමක්.
සමනලී හරි රැඩිකල්ද? කාලයක් විදෙස්ගතව සිටියා නේද? ඒ ගිහිල්ලා ආ පසුද මෙහෙම වුණේ?
රැඩිකල් කියන එක බලහත්කාරයෙන් අටවාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාජයේ අපි හැමෝම විවිධ සංධිස්ථාන පසුකර යද්දී විවිධ දේට මුහුණ දෙද්දී එහෙම වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් එහෙම නැහැ. නගරයේ වගේම ගමෙත් ඔය කියන රැුඩිකල් බව දකින්න පුළුවනි.
ජීවිතය කොහොමද දැනෙන්නේ?
අත්දැකීම් එක්ක සෑම අඩියක්ම තබමින් ඉදිරියට යද්දී කොයි තරම් දුරට අපට ජීවිතයේ යන්න පුළුවන් කියලා සසඳා ගන්න පුළුවනි. ඒ අනුව ඒ ජීවිතය ඇතුළෙ අපට මනුෂ්‍යත්වය වෙනුවෙන් ලෝකයට මොනවද තබා යා යුත්තෙ ද කියලා යම්තාක් දුරක නිගමනයකට එන්න පුළුවන්.
පේ‍්‍රමය නම් හැර විකාශය වන ටෙලි නාට්‍ය මොනවද?
ITN එකේ විකාශ්‍ය වන ‘ශ්වේත ගංතිර’
සටහන / ඡායාරූප - සඳුන් ගමගේ