පේ‍්‍රමය තියෙන්නෙ අපි ළඟමයි
චානු දිසානායක හෙවත්, මේ ‘චානු’ ගැන බොහෝ දෙනා හඳුනන්නේ සිරස ඉදිරිපත් කළ පෙන්ටතලන් දැණුම මිනුම වැඩ සටහන නිසාය. ප්‍රවීන සන්නිවේදන කිංස්ලි රත්නායක සමග එක් වී එම වැඩ සටහන අපූරුවට ඉදිරිපත් කළ ඇය. පසුව නිව්ස් ෆස්ට් ප්රවෘත්ති නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තාය. එහෙත් ඇයගේ ප්‍රධාන වෘත්තිය වන්නේ මහරාජා සමූහය සතු ඒ.එෆ්. ජෝන්ස් ආයතනයේ තේ රස බලන අංශයේ කළමනාකාරවරියක ලෙස කටයුතු කිරීමය. එසේ කටයුතු කරන ‘චානු’ ගැන අද දවසේ බොහෝ දෙනා කතා වන්නේ චන්න දේශප්‍රියගේ සිනමා නිර්මාණය වන ‘යූ ටර්න්’ නිසාය. එහි රවීනා ලෙස ප්‍රධාන චරිතයකට දායකව සිටින ඇය සඳැල්ල පිළිසඳරට එක්වුණේ මෙලෙසිනි.
‘චානු’ මේ ගමන ආ හැටි කෙටියෙන් කියමු?
මගේ ගම මාතර, ඉගෙන ගත්තේ මාතර සුජාතා විද්‍යාලයෙන්. ඉන්පසුව සරසවි අධ්‍යාපනය ලැබුවේ කොළඹ සරසවියෙන්, සමාජ විද්‍යා අංශයෙන් හැදෑරුවේ. උපාධියෙන් පසුව සිරස තිර පරීක්ෂණයකට පෙනී සිටියා. ඒ තිර පරීක්ෂණයෙන් මාව තෝරා ගත්තා. ඉන්පසුව ස්ටයින් ස්ටුඩියෝ එකට සම්බන්ධ වී පෙන්ටතලන් වැඩ සටහන මෙහෙයවීමේ අවස්ථාව ලැබුණා. මේ ගමන පටන් ගත්තේ ඒ විදියටයි.
චානුගෙ පවුලේ විස්තර ගැන සඳහනක් කළොත්?
මගේ අම්මා ගුරුවරියක්, තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ. දැන් දෙදෙනාම විශ්‍රාමිකයි. පවුලේ එකම දරුවා මමයි.
පාසල් සමය ගැන මතකය මොන වගේද?
ඒ කාලයේ මම හරිම දඟයි. පංතියේ වැඩවලට වඩා නිතරම මම කළේ බාහිර වැඩ. නැටුම් මගේ ප්‍රියතම අංශයයි. නැටුමට මුල් තැන දී අනෙක් වැඩ කළා. පාසලේ නාට්‍ය, නිවේදන, ක්‍රීඩා මේ ඔක්කෝම වගේ කළා. පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙසත් කටයුතු කළා. උසස් පෙළ සමත් වූ පසුව මගේ ප්‍රධාන අරමුණ වුණේ. නර්තන අංශයෙන් වෙනස් ගමනක් යාමටයි. වෙනස් විදියට දකින්න හිතන්න මට ඕණෑ වුණා. තර්කශාස්ත්‍රය විෂයක් හැටියට කළෙත් ඒ නිසයි.
එදා නටපු නැටුමට දැන් මොකද වෙලා තියෙන්නෙ?
රාජ්‍ය නර්තන කණ්ඩායම සමග එක්ව ඒ දිනවල වසර දෙකක් කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා. රවිබන්දු සර් යටතේත් මුද්‍රා නාට්‍ය අංශයේ පුහුණුව ලැබුවා. ඒ අතරේ මගේ වැඩිපුර අවධානය තිබුණේ නිවේදන අංශයටයි.
‘යූ ටර්න්’ චිත්‍රපටයට පෙර රඟපාලා තිබුණේ නැද්ද?
වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණා. ඒත් චිත්‍රපටවල රඟපාලා තිබුණේ නැහැ.
කොහොමද චානුට මේ අවස්ථාව ලැබුණේ?
මෙය මහරාජා ආයතනයේ එම්. එන්ටර්ටේන්ට්මන් ඉදිරිපත් කරන නිර්මාණයක්. මගේ වාසනාවට ප්රවෘත්ති නිවේදිකාවගේ චරිතයක් රඟපෑමට තිබුණේ. මේ චරිතය වෙනුවෙන් පෙර තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා ක්ෂේත්රයේ ජනප්‍රිය ශිල්පීන් පවා සිටියා. ප්රවෘත්ති නිවේදිකාවක් කියන්නේ තිරය ඉදිරියට ඇවිත් ප්රවෘත්ති ඉදිරිපත් කිරීම විතරක්ම නෙවෙයි. ප්රවෘත්ති සොයා යමින්, මිනිසුන් සමග ගැටෙමින්, සමාජයේ සැරිසරමින් කටයුතු කරන චරිතයක්. සමහර අවස්ථාවලදී අසීරු ස්ථානවලට පවා ගොස් අපට වාර්තා කරණයේ යෙදෙන්න සිද්ධ වෙනවා. මේ අත්දැකීම් එක්ක මට මෙම චරිතය ලැබුණා. ඒක එක අතකට වාසනාවක්.
ඒ කියන්නෙ යුxටර්න් හරහා ඔබගේ ජීවිතය හැරවුණා කියලද?
විශාල අවස්ථාවක් මට ලැබුණේ. චන්න දේශප්‍රිය වැනි ප්රවීනයකුගේ සහ ප්‍රවීන රංග ශිල්පීන් පිරිසක් එක්ක වගේම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට නිරන්තරයෙන් නිර්මාණය කරන මහාරාජා එන්ටර්ටේන්මන්ට් චිත්‍රපටයක රඟපෑමට ලැබීම විශිෂ්ට අවස්ථාවක්.
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රඟපෑමට දර්ශන තලයට ගිය ඔබට එහිදී මුහුණ දීමට සිදු වූ සිදුවීම් ගැන මතක් කළොත්?
මට මෝටර් සයිකලය පදින්න තිබුණා. ඊට කලින් මම මෝටර්සයිකලයක් පැදලා නැහැ. තාත්තා මට එය පුහුණු කළා. කොහොම හරි රූගත කරද්දී බයික් එකේ ගිහින් යූ ටර්න් එකක් ගන්න තිබුණා. ඒ වෙලාවේ බ්රේක් කිරීම වෙනුවට මම ඇක්ස්ලේට් කරලා තියෙන්නෙ. බයිසිකලය නවතා ගන්න බැරිව පාලමෙන් එහාට යද්දී අපේ කණ්ඩායමේ අය ඇවිත් මාව බේරා ගත්තා. නැත්නම් මාව පාලමෙන් පල්ලෙහාට වැටිලා ලොකු අනතුරක් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම මෙම චිත්‍රපටයේ දර්ශන අනුව නිතර වැසි දර්ශන යටතේ රූගන කිරීම් සිද්ධ වුණා. මේ වගේ සිදුවීම් මට අමතක වෙන්නේ නැහැ.
අද කොහොමද යූ ටර්න් රවීනාට ලැබෙන ප්‍රතිචාර?
බොහෝම හොඳයි. බලපු හැමෝම කිව්වෙ නවක නිළියකගෙන් බලාපොරොත්තු නොවන මට්ටමේ දෙයක් කරලා තියෙනවා කියලයි.
මේ නිර්මාණය හරහා තවත් චිත්‍රපට සඳහා අවස්ථා ලැබුණද?
තව නිර්මාණ දෙක තුනකට ආරාධනා ලැබුණා. ඒත් මේ ගමන මම පටන් ගත්තා විතරයි. ඒ හැරත් මගේ වෘත්තිය ප්රවෘත්ති නිවේදිකාවක සහ ඒ.එෆ්. ජෝන්ස් ආයතනයේ. ඒ නිසා ප්‍රධානම මගේ වෘත්තිය කරන අතරේ හොඳ නිර්මාණයක් ලැබුණොත් කාලය එක්ක ඊට සූදානම් වෙනවා.
ඇත්ත ජීවිතේ ‘චානු’ කොහොම කෙනෙක්ද?
මම සරසවි ජීවිතයේ ඉඳලාම ස්වාධීනව නැගී සිටින්න උත්සාහ ගන්න චරිතයක්. අම්මා තාත්තාට කරදරයක් නොවී මටම දෙයක් උපයා ගන්න උත්සාහ ගත්තේ සරසවි කාලයේ ඉඳලාමයි. ගමේ ඉඳලා ඇවිත් ධෛර්යවන්තව ආ මේ ගමන ගැන අප්‍රමාණ සතුටු වනවා. වෙලාවකට තනියම ඇඬුවා, තනියම හිනා වුණා. කඩයක වැඩ කරලා හරි කීයක් හෝ උපයා ගෙන මගේ වියදම් මමම දරා ගන්න පුරුදු වුණා.
‘චානු’ ගේ පේ‍්‍රමය මොන වගේද?
පේ‍්‍රමය තියෙන්නෙ අපි ළඟමයි. අපි අපට ආදරය කරන තරමට, තව කෙනෙකුගේ ජීවිතයට දෙන වටිනාකම දැනේවි. අපි ගරු කරන තරමට අපට ගරුත්වය ලැබේවි. පේ‍්‍රමයත් ඒ වගෙයි. යූ ටර්න් චිත්‍රපටයේ දෙබසක් මම කියන්නම්. ‘මෙච්චර සිල්ලරද ජීවිත’ ඒ දෙබස සරල වුණාට එයින් කියැවෙන්නේ ලොකු අරුතක්.
චානුට ජීවිතය දැනෙන්නේ කොහොමද?
ප්‍රශ්නවලට මුහුණ දෙමින් යන ගමනක්. ඒක මාර සුන්දර දෙයක්. මැරෙනකල්ම සියල්ලට මුහුණ දෙමින් මේ ගමන යා යුතු වෙනවා. නිවන දක්වා සසර කෙළවර කර ගන්න උත්සාහ ගැනීමට වාසනාව ලැබුණොත් හොඳයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ