පෙරපාසල් යන කාලේ ඉඳලා මම නර්තනයට දක්ෂයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200617-04

ළමා නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන දසුනි සෙනිත්මා මෙවර "සාරවිට" තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තේමු.මේ වනවිට 15 වැනි විය ගෙවා දමමින් සිටින දසුනි ගාල්, ජනාධිපති බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියි. පසුගිය කාලයේ පැවති දෙරණ "ලිට්ල් ස්ටාර්" හා හිරු "සුපර් ඩාන්ස්" රියලටි තරග සඳහාද දසුනි ඉදිරිපත්ව සිටියහ.

 

දසුනිට නර්තනය පැත්තට යොමු වෙන්න කැමැත්තක් මතු වුණෞ කොයි කාලේද?

මීට වසර 3කට විතර කළින්. කොහොම නමුත්, පෙර පාසල් යන කාළේ ඉඳලා මම නර්තනයට දක්ෂයි. මගේ නර්තන හැකියාවන් දැකලා ඒ දවස්වල ඉඳලා ගොඩක් අය මට හොඳට නටන්න පුළුවන් කියලා කිව්වා. පවුලේ අයත් ඉතින් මාව ඒ පැත්තට උනන්ඳු කළා. අද වෙන කොට මම ළමා නර්තන ශිල්පිනියක් විදිහට ලොකු ගමනක් ඇවිල්ල තියෙනවා කියලා හිතනවා.ENT-20200617-05

 

නර්තන ශිල්පිනියක් විදිහට සහභාගි වුණ වැඩසටහන් මොනවද?

මුලින්ම නර්තන ශිල්පිනියක් විදිහට සහභාගි වුණේ දෙරණ %ලිට්ල් ස්ටාර්^ රියලටි තරගයට. ඊට පස්සේ හිරු %සුපර් ඩාන්සර්^ තරගයට සහභාගි වුණා. පාසල් සමස්ත ලංකා නර්තන තරගවලටත් මම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා.

 

 

නර්තන ශිල්පිනියකට අමතරව ඔබ රංගනයටත් දායක වෙලා තියෙනවා නේද?

2012 සන්ලයිට් සබන් වෙනුවෙන් කරපු වෙළෙඳ දැන්වීමක පුංචි දුවකගේ චරිතයට පෙනී ඉඳලා තියෙනවා. %පුංචි කුස්සිය^, %පුංචි සත්සර^, හ %සිද්ධාර්ථ ගෞතම^ කියන ටෙලි නාට්‍යයවලත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා දැනට.

 

නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නද අදහස?

ඔව්, ඒක මගේ ජීවිතේ තියෙන ලොකුම හීනය කිව්වොත් හරි. පොඩි කාලේ ඉඳලා මම නර්තනයට දක්ෂයි. ඉතින් හැමෝම කිව්වා මේ පැත්තෙන් ඉදිරියට ගියොත් හොඳ ප්‍රතිපල අත්කරගන්න පුළුවන් වෙයි කියලා. මටත් හිතෙනවා නර්තනය පැත්තෙන් මට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා.

 

රඟපාන්නත් අදහසක් තියෙනවා නේද?

ඔව්,ඒක මගේ තාත්තාගේ හීනය නිසා අනිවාර්යයෙන්ම මම රංගනයටත් ඉදිරියේදී යොමු වෙන්න අදහස් කරමින් ඉන්නවා.

 

ඒ පැත්තට යොමු වෙන්න ආරාධනා එහෙම ලැබෙනවාද?

ඔව්, මට ආරාධනා ගොඩක් ලැබුණා. සමහරක් ඒව මගේ වයසට ගැළපෙන ඒවා නොවේ. ඒ නිස මට ඒවා අත්හරින්න වුණා. තවමත් මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙන නිසා ලොකුවට ඒ පැත්තට යොමු වෙන්න අමාරුයි.

 

කලා කටයුතු නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නැද්ද?

නැහැ. මම කලා කටයුතු වගේම මගේ අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා. ඒ නිසා කලා කටයුතු නිසා අධ්‍යාපන කටයුතුවලට ලොකු බාධාවක් නැහැ මට. ඒ වගේම මම අධ්‍යාපනය ලබන ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.

 

බුද්ධික සේනාධීර