'පූජා' දැන් වෙනස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-18-ent-10

අභිමන් මම ඔයාව මුලින්ම දැක්කෙ මහා මේඝ, මහා පර්වත මහා සැඩසුළං එක පිට එක හමාගෙන ආවත් ඒවා ඉදිරියේ නොසැලෙන මහා පර්වතයක් වගේ පිරිමියෙක් විදියටයි. මම ඔයාට ආදරේ කළේ ඒ පෞරුෂයට.

මේ විදියට කියන්නේ පූජා. මේ පූජා ගැන පේ‍්‍රක්ෂකයින් බොහෝ දෙනා මේ දිනවල කතාවන්නෙ ‘නීලපබළු’ නාට්‍ය නිසයි. එහි ‘පූජා’ වූ ඇය නයෝමි තක්ෂිලා, අද සඳැල්ල කතා බහට එක්වන්නේ ඇයයි.

 

නයෝමි මේ විදියට ‘පූජා’ වූ ඔබ කවුද?2018-11-18-ent-12

මගේ ගම අනුරාධපුරය. ඉගෙන ගත්තෙ අනුරාධපුරයේ ස්වර්ණපාලි බාලිකාවෙන්. පවුලේ අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි අයියයි. අක්කලා දෙන්නා සහ අයියා විවාහ වෙලා. මං විතරයි තවම විවාහවෙලා නැත්තෙ.

 

ඉතින් විවාහ වෙන්නද දැන් සූදානම?

තවම ඒකට කල් තියෙනවා.

 

අද නයෝමි ගැන වැඩි දෙනා කතාවන්නෙ?

නීලපබළු ‘පූජා’ නිසයි. අද කොහේ ගියත්, හැමෝම වගේ කතා වෙන්නෙ ‘පූජා’ ගැනයි. මගතොටේ ගියාම දහ දෙනෙක් හමුවුණොත් එයින් නම දෙනෙක්ම වගේ කතා කරන්නෙ ‘පූජා’ ගැනයි.

 

නයෝමි ‘පූජා’ වුණේ කොහොමද?

සිංහ එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදන ආයතනය නිසයි. එහි ලලිත් වසන්ත, චන්න ජයනාත් සහ නීල් රුක්මන් මහත්වරු මෙන්ම අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහතා ගැන කියන්නට ඕනෑ. මාව මේ නීල පබළු වෙතින් සමාජයට ‘පූජා’ කළේ එයාලයි. ඒ ඔක්කෝටම බොහෝම පිං.

 

‘පූජා’ කොහොම කෙනෙක්ද?

චරිතය ආරම්භයේ දී ඇය නපුරියක් වගෙයි. හැබැයි දැන් වෙනස්. වෙලාවකට අඬනවා. ඒ වගේ විවිධ වෙනස්කම් එක්ක ගලා යන චරිතයක්. ඇයට පොඩි කාලයේ ඉඳලාම ආදරය ලැබුණෙ නැහැ. ඒ නිසා ලොකු වුණාම ඒක දරා ගන්න බැරිව නපුරු වෙනවා ඇති. ඒ චරිතය මම වටහා ගත්තේ ඒ විදියටයි.

 

ඔබ කොහොම කෙනෙක්ද?

මාත් වෙලාවකට ‘පූජා’ වගේම තමයි. සමහර වෙලාවට මටත් වැඩිපුර තරහා යනවා. ඒ වගේම ආදරේට ආදරෙයි.

 

ආදරේට ආදරේ කරනවා කියලද කියන්නේ?

ඔව්, අනිවාර්යයෙන්ම ආදරේට ආදරෙයි.

 

ඒ ආදරය ගැන කිව්වොත්...

පෙම්වතියක්. හොඳයි ඉතින්.

 

එයා ගැන කිව්වොත්?

එයා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ සිටින කෙනෙක්.

 

ඒකද නිවාඩුවක් ලැබුණු හැටියෙ ගමේ දුවගෙන එන්නෙ?

නෑ නෑ එයාගෙ ගම මෙහෙ නෙමෙයි. ගෙදර අම්මා තාත්තා විතරක් සිටින නිසා නිවාඩුවක් ලැබුණු හැටියෙ ගෙදර එනවා.

 

අනුරාධපුරයේ ඉඳලා රඟපෑමට ආ ගමන ගැන කිව්වොත්?

සරසවි යාම තමයි මගේ අරමුණ වුණේ. ඒත් සරසවි වරම් ලැබුණෙ නැහැ. කොළඹ ආවේ ටවර්හෝල් නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාව කරන්නයි. වේදිකාවේ නාට්‍ය නිර්මාණ කීපයකට ඉන්පසුව දායක වුණා. අකිල සපුමල්ගෙ ‘හිනාවෙලා මිනිත්තුවක්’ කෙටි නාට්‍යයේ රඟපෑම නිසා යෞවන සම්මාන උළෙලේ දී හොඳම නිළිය සම්මානය ලැබුවා. පසුව රාජ්‍ය නාට්‍ය උළලේදීත් සම්මාන ලැබුවා සිල්ගත් බිල්ලෝ රඟපෑම නිසා. නමුත් කොළඹ ආවේ රඟපෑම අරමුණු කරගෙන නෙවෙයි. ඒ කාලයේ කවුරුහරි මගෙන් ඇහුවාම ලොකු වුණාම මොනවා කරන්නද කැමති කියලා? මම කිව්වෙ ‘‘හින්දි නිළියක්’’ වෙන්න කියලයි. ඒත් රඟපෑමට තිබුණු ආසාවක් නිසා නම් නෙවෙයි.

 

දිගටම රඟපෑමට ද අද කැමැත්ත තියෙන්නෙ?

එක දිගටම රඟපාන්න බැරිවේවි. කොහොම වුණත් අතාරින්නෙ නැහැ. කොහොමහරි දිගටම ක්ෂේත‍්‍රයේ ඉන්න උත්සාහ ගන්නවා. මුලින්ම වේදිකා නාට්‍යවල රඟපෑමටත් පෙර වැඩිපුරම පෙනී සිටියේ මියුසික් වීඩියෝවලටයි. ඒ නිසාම තමයි ටෙලිතිරයට වැඩි අවස්ථාවක් ලැබුණෙත්.

 

නයෝමිට ‘බබා’ කියන්නෙ ඇයි?

ඒක ගෙදර අය හුරතලයට කියන නම. ගමේ අය මට කතා කරන්නෙත් ‘බබා’ කියලයි. අක්කගෙ ළමයින්ට මම බබා පුංචි. අයියගෙ ළමයට මම බබා නැන්දා. ගමේ අයට ‘බබා’ දුව. ඔය විදියට තමයි මාව අමතන්නෙ.

 

පෙම්වතා ඔබට කියන්නෙත් ‘බබා’ කියල ද?

එයත් ඉඳහිටලා එහෙම කියනවා.

 

අනුරාධපුරයේ ඉඳලත් අටමස්ථානය එක දවසෙ වැඳපුදාගෙන නැහැ කියන්නෙ?

ටි‍්‍රප් එකක් ගියාම තමයි එහෙම එක දිගටම අටමස්ථානය පිළිවෙලකට වැඳ පුදා ගන්නෙ. ගෙදර අය එක්ක එක දවසකට එක් පූජනීය ස්ථානයකට තමයි යන්නෙ. හැන්දෑවට රුවන්වැලි සෑ රදුන් හෙවණේ ඒ පූජා භූමියේ ගත කරන්න මම හරිම කැමතියි.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

 

2018-11-18-ent-09  2018-11-18-ent-11