පුංචි කාලේ මම කොල්ලෙක් වගේ හරිම දඟයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ළමා නිවේදිකාවක් ලෙස ඔබ දුටු ජූලියා සෙනාලි වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නේ දක්ෂ මෝස්තර නිරූපිකාවක් විදිහට. නිවේදන හා නිරූපණ ක්ෂේත්‍රවල නිතර කතාබහට ලක්වන ඇය නිවේදිකාවක් ලෙස වර්තමානයේ සිරස රූපවාහිනි නාලිකාව සමග සම්බන්ධව සිටියි. ඉදිරියේදී දේශිය සිනමාවටද පිවිසිමේ සූදානමකින් සිටින ජූලියා ‘සාරවිට’ අප සමග මෙසේ එක් විය.

තෙරේන කාලේ ඉඳලා කලාවට සම්බන්ධ වෙන උනන්ඳුවක් ඔබට තිබුණද?

නැහැ. මේ ඉන්න ජූලියා සොනාලි නෙමෙයි පුංචි කාලේ හිටියේ. තනිකරම වෙනස් කෙනෙක්. හරිම දඟයි. කොල්ලෙක් වගේ තමයි වැඩ කළේ. එයාට ඕනා කරලා තිබුණේ ෆයිලට් කෙනෙක් වෙන්න. මගේ පවුලේ කිහිප දෙනෙක්ම ඉන්නවා කලාවට සම්බන්ධ ඉතින් ටිකෙන් ටික ලොකුවෙද්දි මට උවමනා වුණා ඒ අය වගේම කලාවට සම්බන්ධ වෙන්න. අහම්බෙන් වගේ මාව පොඩි ළමයින් වෙනුවෙන් කරන රූපවාහිනි නාලිකාවකට නිවේදිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණා.

ළමා නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවුණේ කොහොමද?

අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදිලා අපිට තියෙනවානේ ප්‍රතිපල එනකම් පොඩි නිවාඩුවක්. මම පාසල් ගියේ ‘රොයල් ඉන්ට්ටුයිට්’ ජාත්‍යන්තර පාසලට. ඔය අතරේ මට මුණ ගැහෙනවා මගේ පාසලේ ඉගෙන ගත්තු නංගි කෙනෙක් ‘ටිවි දිදුල’ ළමා රූපවාහිනි නාලිකාවේ වැඩ කරන. එයා හරහා මට අවස්ථාව ලැබුනෙවා ඒ ළමා නාලිකාවට සම්බන්ධ වෙන්න. මට එතැනදී හම්බ වුණා කංචක අසේල ගුරුතුමාව. එයා තමයි මට මුලින් කියලා දුන්නේ මේ වෘත්තිය ගැන. ඊට පස්සේ ඔහු විසින් ආරම්භ කළ ‘A Plus’  ළමා නාලිකාවට සම්බන්ධ වුණා. එහෙම තමයි මම ළමා නිවේදිකාවක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න මම පටන් ගත්තේ.

නිවේදිකාවක් විදිහට කටයුතු කරන අතරතුර ඇයි ඔබට නිරූපණයට සම්බන්ධ වෙන්න හිතුණේ?

මම ආස කළේ නිරූපිකාවක් වෙන්න. පොඩි කාලේ මගේ හීනේ වුණේ ෆයිලට් කෙනෙක් වෙන්න. නමුත්, ලොකුවෙන කොට මගේ හිතේ තිබුණේ නිරූපණය පැත්තට යොමු වෙන්න. නිවේදිකවක් විදිහට වැඩ කරනවා කියන එක මගේ හිතේ තිබුණේ නැහැ. ඒක මට ලැබුණේ අහම්බෙන්. මම තේරේන කාලේ ඉඳලා නිරූපණය ගැන ඉගෙන ගත්තා. මොඩ්ලින් ෂෝ බැලුවා. සුපර් මොඩස්ලාට ආදරය කළා. ඒක මට වෙනම ජීවිතයක් වෙලා තිබුණා. මම හීන ඇතුළේ හිටිය කෙනෙක්. නිතරම වගේ උත්සාහ කළේ ඒ හීන හැබැ කරගන්නේ කොහොමද කියලා. නිරූපිකාවක් වෙනවා කියන හීනයක් මට තිබුණා. අද වෙන කොට ඒක සැබෑ වෙලා තියෙනවා. දැනට මම නිරූපිකාවක් විදිහට ගොඩක් ෂෝවලට පෙනී ඉඳලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් රාශියකට ඉඳලා තියෙනවා.

නිරූපිකාවක් විදිහට කටයුතු කරද්දි ඔබ යම් සිමාවක ඉඳලා වැඩ කරනවාද?

සීමාව කියන්නේ අපිම හදාගන්න දෙයක්. අද කාලේ නම් කෙළින්ම අහන්නේ ඔයා කොටට අඳින්නේ නැද්ද කියලානේ. මම කවමදාකවත් ඇඳුමින් මගේ සීමාව පෙන්වලා නැහැ. අපි මේ රැකියාව තෝරගත්තා නම් අපි මේ රැකියාවට සාධාරණයක් කරන්න ඕනා. මම දැකලා තියෙනවා සැහෙන්න කොටට ඇඳලා නිරූපණ කටයුතුවල යෙදෙන අය. හැබැයි එයා මොහොතක්වත් අපිට හිතන්න තියන්නේ නැහැ එයා නරක කෙනෙක් කියලා. මේ ලෝකේ අපි කැමති විදිහට අඳින්න පුළුවන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි එතැන තියෙන්න ඕනා සාධාරණයක්. තමන් කරනදේ පැහැදිළිතාවයක්. මටත් තියෙනවා යම් යම් සීමාවන්. මොකද මගේ පවුලේ අයට හානියක් වෙන විදිහේ දේවල් මම කරන්නේ නැහැ. අනික තමයි ලංකාවේ සංස්කෘතිය. අපිට ඊට එරෙහිව යන්න බැහැ. අන්න ඒ දේවල් නිසා මමත් යම් සිමාවක් මත ඉඳලා තමයි වැඩ කරන්නේ.

මුලින් ඔබ නිවේදිකාවක්. පසුව ඔබ නිරූපණයට එනවා. ඔබගේ ඊළඟ ඉලක්කය කුමක් වෙයිද?

සිනමාවට මම ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ  ගැන ඉගෙන ගන්න ඕනා. දැනට මම නිරූපණය ගැන හදාරමින් ඉන්නවා. ඒක ඉවර කරලා තමයි මම ඔය කියන දේට යොමු වෙන්න සූදානමින් ඉන්නේ. මේ වෙන කොටත් මට සිනමාවට එකතු වෙන්න ආරාධනා කිහිපයක්ම ලැබිලා. හැබැයි මට හිතෙනවා දැන්ම නෙමෙයි මට ඒකට අවස්ථාව කියලා. ඒත්, මම ගොඩක්ම ආස කරන විදිහේ චරිතයක් මට ලැබුණොත් මම අනිවාර්යයෙන්ම සිනමාවට එනවා. ඒක තමයි මගේ ඊළඟ ඉලක්ක වෙලා තියෙන්නේ දැන්.

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලීත ශ්‍රීනාත්

20201030Julia (1) 20201030Julia (2) 20201030Julia (3)