පුංචි කාලයේ සිහිනය සැබෑ කරගත් 'හිරුණි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-02-ent-36

පුංචි කාලයේ ඉඳන්ම නිරූපිකාවක්වීම හීනයක් වුනු, පසු කලෙක ඒ හීනය සැබෑවක් කරගත් හිරුණි, ‘සාරවිට’ සමග මෙලෙස පුංචි කතාබහකට එක්වුනා.

 

මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-05-02-ent-29මගේ නම හිරුණි ඉරාෂා, මම ඉන්නේ රාජගිරියෙ. මම මගේ රැකියාව කරන ගමන්ම නිරූපණ කටයුතුත් කරනවා.

 

නිරූපණයට එකතුවීම සිදුවෙන්නේ කොහොමද?

ක්ෂේත්‍රයට එන්න පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා. නමුත් ගිය වසරේ ජුනි මාසයේදී වගේ තමයි නිරූපණයට එකතු වුණේ. ඒ Rechille ආයතනයේ නිල නිරූපණ ශිල්පිනිය ලෙස එකතු වීමෙන්.

 

ක්ෂේත්‍රයට ආ දා සිට මේ දක්වා කළ වැඩකටයුතු ගැනත් කතා කරමු නේද?

Dreamron, DSI ඇතුළු වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඊට අමතරව Magazine වලත්, Photoshoot සඳහාත් දායක වෙලා තියෙනවා.

 

එසේ වැඩකටයුතු භාරගැනීමේදී ඔබ තෝරාබේරාගැනීමක් සිදුකරනවාද?

ඔව්, මම වැඩකටයුතු තෝරලා, බේරලා තමයි භාරගන්නේ.

 

නවක නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය පිළිබඳව මොකද හිතෙන්නේ?

මේ Field එක කියන්නේ හොඳ තැනක්. ඒ හොඳ රඳා පවතින්නේ අපි කරන වැඩවලින්. Field එක තුළ හොඳ විදියට ඉන්න තමන් බලාගන්න ඕන.

 

පවුලේ අයගේ ප්‍රතිචාරය මොනවගේද?

මම ක්ෂේත්‍රයට එක්වෙන එකට තාත්තාගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මගේ අම්මා සහ මල්ලී මට ලොකු සහයෝගයක් දුන්නා. මම වැඩවලට යනකොට අනිවාර්යයෙන් අම්මා හෝ මල්ලී මාත් එක්ක එනවා.

 

ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී Music Video 2ක් සහ Drama එකක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

මතක් කළ යුතු පිරිසකුත් ඇති, ඒ අය ගැනත් කියමු නේද?

මගේ පවුලේ අය මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ අයට මම මුලින්ම ස්තූති කරනවා. මට මුලින්ම Photo Shoot එකකට කතා කළේ උජිත අයියා, එයාටත් ගොඩක් ස්තූති කරනවා. එයා තමයි මාව ක්ෂේත්‍රයට මුලින්ම හඳුන්වා දුන්නේ.

 

සටහන - දිනිත් කණිෂ්ක / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-05-02-ent-28  2017-05-02-ent-30 2017-05-02-ent-31 2017-05-02-ent-32 2017-05-02-ent-33 2017-05-02-ent-34 2017-05-02-ent-35