පිටරටවල හොඳ Nude shoot තිබෙනවා
තාරුණී කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. ඇය රැකියාවක් කරන අතරතුර තමයි තාරුණි මේ විදිහට නිරූපණයේ යෙදෙන්නේ. ඉතින් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සහ බලාපොරොත්තු ගැන අපට කිව්වේ මේ විදිහටයි.
මගේ නම තාරුණි දිසානායක. දැනට මම පුද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කරනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මගේ යාළුවෙකුගේ ෆැෂන් ෂෝ එකක් බලන්න ගිය වෙලාවක එතන හිටපු අයව හඳුනාගෙන ඒ අයගේ මාර්ගයෙන් තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ.
නිරූපණයෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
ෂැම්පූ, බෑන්කින් ටී.වී. කමර්ෂල් කිහිපයක් කරා. එතකොට ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ නම් තවම රිලීස් වෙලා නැහැ.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා. නිර්මාණවලට දායක වෙද්දි එයාලාත් උදව් කරනවා තෝරා ගැනීම්වලට.
පැජන්ට්වලට සහභාගී වෙනවාද?
අද ලංකාවේ පැජන්ට් පැවැත්වෙන්නේ ටැලන්ට් එකට නෙවෙයි. මුදල්වලට සහ වෙන වෙන දේවල්වලටනේ. ඒක නිසා මම පැජන්ට් පස්සේ යන්නේ නැහැ.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
අද නම් නිරූපණ ක්ෂේත්රය ගොඩාක් පහතට වැටිලා තියෙන්නේ මුදල් නිසා. අද සල්ලි වලට පැජන්ට් එකක කිරුළක් පවා දිනන්න පුළුවන්. ක්ෂේත්රයේ තියෙන ගුණාත්මක බව ගිලිහිලා තියෙන්නේ. ඉස්සර හිටපු නිරූපණ ශිල්පිනියෝ අදටත් එයාලගේ තත්වය ආරක්ෂා කරගෙන ඉන්නවා. ඒත් අළුතින් එන අයගේ එහෙම එකක් දකින්න නැහැ.
නිරූපණ ශිල්පිනියක් Nude art වලට සම්බන්ධ වීම ඔබ දකින්නේ කොහොමද?
නිරුවත ආර්ට් එකක් විදිහට ගත්තොත් ලස්සනයි. තේමාවකට අනුව කරන නිරුවත් නිර්මාණ ඕන තරම් තිබෙනවා. පිටරටවල හොඳ Nude shoot තිබෙනවා. අපේ Nude shoot එයාලාගේ shoot අතරේ ලොකු වෙනසක් පේනවා.
රැකියාවත් සමග නිරූපණය කරන එක පහසු නැද්ද?
ඒක තමයි ලොකුම ගැටළුව. ඇත්තටම ගොඩක් අමාරුයි. ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණත් ඒවාට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැත්තේ රැකියාව නිසා. තව පොඩි කාලයයි මම රැකියාවේ ඉන්නෙත්. ඊට පස්සේ සම්පූර්ණම කාලය යොදවන්නේ නිරූපණයටයි.
රංගනයට කැමැත්තක් නැද්ද?
ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රැකියාවේ තිබෙන ප්රශ්න සමග මට ඒවාට දායක වෙන්න බැරි වෙලා තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
නිරූපණයෙන් ලංකාවේ හොඳ තැනකට එන්න ආසයි. මම කැමති මට ආදරය කරන පිරිසක් නිර්මාණය කරගන්න.
මේ කලා කටයුතුවලදි උදව් කළ පිරිස ගැන කිව්වොත්?
විශේෂයෙන් මගේ අම්මයි, තාත්තයි මතක් කරන්න ඕනේ. ඒ වගේම නිලූ අක්කා, අර්ජුන අයියා ඇතුළු මට උදව් කළ හැමෝවම මම මතක් කරනවා. නම් වශයෙන් කියන්න බැරි තරම් විශාල පිරිසක් මට උදව් කරා.
කැළුම් දේවින්ද