පැජනට් තියෙන එකෙන් නවකයන්ට අවස්ථාව ලැබෙනවා ක්ෂේත්රයට එන්න
නිරූපණ ක්ෂේත්රයේ අද වනවිට බොහෝ නවක ශිල්පිනියන් බිහිවෙමින් තිබේ. නමුත් ඒ අතරින් ජනප්‍රියත්වයට පත්වීමට හැකියාව ඇත්තේ කිහිපදෙනෙකුට පමණි. ඒ අය අතරින් කෙනෙකු ලෙස ලංකිකා මාතොටආරච්චි හැඳින්විය හැකිය. ඇය නිරූපණයට නවකයෙකු වුවත් බොහෝ වෙළෙඳ දැන්වීම් වලින් ඇයව ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙලෙස එක්විය.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම ලංකිකා මාතොටආරච්චි. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා දැනට පිටරට සේවය කරනවා. අම්මා ගෘහිණියක්. මගේ අක්කා ශ්‍රී ලංකා ගුවන්සේවා සමාගමේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කරනවා.
නිරූපණ ක්ෂේත්රය ඔබ හඳුනගන්නේ කෙසේද?
අයි.ටී.එන්. අවුරුදු කුමරිය ඔස්සේ තමා මාව හඳුනාගනු ලබන්නේ. එතැන තමා ක්ෂේත්රයට එන්න මගේ පළමු ආරම්භය.
මේ දවස්වල කාර්යබහුලයි නේද?
මේ දවස්වල අධ්‍යාපනයට තමයි මුල්තැන දීලා තියෙන්නේ. ඒ නිසා ටිකක් කාර්යබහුලයි.
පහුගිය දවස්වල නිර්මාණ කිහිපයකම දකින්න ලැබුණා නේද?
ඔව්. ටෙලි නිර්මාණ වලින් දායක වුණේ 'හාරකෝටිය' ටෙලි නාට්‍යය සඳහායි. ඒක පසුගිය දවස් වල අවසන් වුණා. එය මම දායක වුණු හොඳ නිර්මාණයක්. තව මියුසික් වීඩියෝ එකකට දායක වුණා.
බොහෝ දෙනෙක් කතා කරපු මියුසික් වීඩියෝවක් තිබුණා, ඒක ගැනත් ටිකක් කියමුද?
ඒක මංජුල පුෂ්පකුමාරගේ ගීතයක්. ටිකක් වෙනස් විදිහේ චරිතයක්. 'උණුහුම' සහ ප්‍රදීප් රංගනගේ 'ඔබගෙන් තරම්' වීඩියෝවල හිටියට වඩා වෙනස් චරිතයක්. ගොඩක් අය කියනවා නපුරුයි කියලත්. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක අධ්‍යක්ෂණය කළේ සංදේශ් බණ්ඩාර විසිනි. අලුත් වැඩක් නිසා බොහෝ දෙනෙක් වීඩියෝව ගැන කතා වුණා.
ඔය නපුරු චරිතයට සමාන චරිතයක් නේද 'හාර කෝටියේ' රඟපෑවෙත්. ඒක ඇත්ත ජීවිතයට සමීපද?
ටිකක් විතර සමීපයි. ඒත් මම එහෙම නපුරු නැහැනේ. මම හැමෝම එක්කම හොඳින් ඉන්නවා.
නිර්මාණ කරද්දී තෝරාගැනීමක් කරනවාද?
එහෙම නැහැ. මට %හාරකෝටිය^ නාට්‍යය තුළ වැඩ කරද්දී බොහෝ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මට එක දිගට නිර්මාණ භාර ගන්න බැහැ. අධ්‍යාපන කටයුතු ඉවර වුණාම හොඳ නිර්මාණයක් ආවොත් භාර ගන්නවා.
අධ්‍යාපනය ගැනත් ටිකක් කියමු?
මම කැම්පස් එකේ උසස් අධ්‍යාපන වැඩ කරගෙන යනවා. ඉන්ටර්නැෂනල් බිස්නස් තමයි මගේ විෂය. ඉදිරියේදී විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
එතකොට මේ කලා කටයුතු කරන්නේ විනෝදයටද?
එහෙම නැහැ. මම රංගනයටයි, නිරූපණයටයි ගොඩක් ආසයි. මම හිතනවා මම ටිකක් දක්ෂයි කියලා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නයි, පොඩි අත්දැකීමක් ගන්නයි තමයි මුලින්ම ටෙලිනාට්‍යයකට දායක වුණේ. මට මුලින්ම කතා කළේ චාමර සමරවික්‍රම අයියා. ඇත්තටම මම ස්තූතිවන්ත වෙනවා චාමර අයියටයි, ශිවගුරුනාදන් සර්ට හා නිෂ්පාදක සද්ධා මංගල සර්ට. එයාලා නිසා තමයි මගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැකිවුණේ. මම හිතුවා මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක අවස්ථාව කියලා. මම A/L වලින් පස්සෙත් ගොඩක් කාලයක් ගෙදර හිටියනේ. කාලය අපතේ යවන එකත් අපරාදෙ නිසා රංගනයට යොමු වුණා.
අපි වෙළෙඳ දැන්වීම් ගැන ටිකක් කතා කරමු?
ඇත්තම කිව්වොත් මම වෙළෙඳ දැන්වීම් පැත්ත වැඩියෙන් කරනවා. ඉස්සරහටත් කිහිපයක්ම එන්න තියෙනවා. මම මුලින්ම කළේ %රන් කහට^. ඊට පස්සේ %විම්^ ඇඩ් එක ජනප්‍රිය වුණා. එතකොට 'මොබිටෙල්', 'තිලකවර්ධන', 'මහජන බැංකුවේ' වගේ තව තව ගොඩක් දේවල් කළා.
ක්ෂේත්රය තුළ නවකන්ගේ පැවැත්මක් තියෙනවාද? ප්‍රවීණයන් නවකයන්ට චෝදනා කරනවාද?
මට ඒකට පිළිතුරක් දෙන්න බැහැ. මම වැඩිය ප්‍රවීණයෝ එක්ක වැඩ කරලා නැහැ. වැඩ කරපු අය කවදාවත් එහෙම වරදක් කියලත් නැහැ. ඒ අය හැම වෙලාවෙම උදව් කරනවා. මට ඔය ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න අමාරුයි.
ඒ කියන්නේ නවකයන්ට ප්‍රවීණයෝ උදව් කරනවාද?
ඔව් අනිවාර්යෙන්ම. මට නම් හැමතිස්සෙම වගේ උදව් කරනවා. විශේෂයෙන් ශිවගුරුනාදන් සර් සහ සද්ධා මංගල සර් ගොඩක් උදව් කළා. මම කැමරාවක් ඉස්සරහට ගිය පළවෙනි වතාවනේ. කට්ටියත් එක්ක වැඩ කරගෙන යද්දි හරිම විනෝදයි. මට වැරදෙන හැම වෙලාවෙම මොකුත් කියන්නේ නැතුව ආයෙත් ඒවා රූගත කළා. ප්‍රවීණයෝ හැම වෙලාවෙම උදව් කරනවා. එහෙම දේවල් වෙද්දි නවකයන්ට ප්‍රවීණ අය උදව් කරන්නේ නැහැ කියන එක නම් බොරුවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මට ප්‍රවීණ අය නිසා ඉගෙන ගන්න ලැබුණ දේවල් බොහෝමයි.
අද ලංකාවේ පැජන්ට් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔබත් සහභාගි වුණු පැජන්ට් තිබුණා? මොකද පැජන්ට් ගැන කියන්නේ?
ඔව්. පැජන්ට් නම් ගොඩාක් තියෙනවා. මමත් ගිය අවුරුද්දේ එකකට සහභාගී වුණා. ඒක ඉන්දියානු සංස්කෘතිය පදනම් කරගෙන තමයි පැවැත්වුණේ. පැජන්ට් තියෙන එකෙන් නවකයන්ට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබෙනවා. මම ඒකෙ වරදක් දකින්නේ නැහැ. ඒක අත්දැකීමක්. දැනුමක් ලබාගන්න පුළුවන්. රටකට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න පුළුවන්. පෞරුෂය සංවර්ධනය වෙනවා.
වර්තමානයේ තරුණයන් ඇයි නිරූපණයටම යොමු වෙන්නේ?
මමත් අයත් වෙන්නේ ඔය කාණ්ඩයටමයි. මම හිතන්නේ අද තරුණයන් කැමතියි සමාජශීලී වෙන්න. ඒක තමයි මම හිතන්නේ තරුණ පිරිස් නිරූපණයට යොමු වෙන හේතුව. මම ඒකෙ වැරැද්දක් දකින්නේ නැහැ. රංගනයට හා නිරූපණයට රූපය සහ වාසනාව තියෙන්න ඕන.
අවසාන වශයෙන් ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
කලා කටයුතුවලට වඩා අධ්‍යාපනය පැත්තෙන් තමයි මම ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ. කලා වැඩ නවත්තන්නේ නැහැ. ඉදිරියේදී විදේශගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha