පාසලේ මම කැපී පෙනෙන ශිෂ්‍යාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-14-ent-162

නිරූපණ ක්ෂේත්‍රය තුළින් කිරුළක් හිමිකරගනිමින් එම ක්ෂේත්‍රයේ ඉහළට පැමිණ සිටින ඇය ප්‍රසාදි රාජපක්ෂ වෙයි. තම කලාකටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ අප සමග මෙලෙස එක්විය.

 

මේ දවස්වල මොකද වෙන්නේ?2019-01-14-ent-168

සුපුරුදු පරිදි Bridal Shoots වලට දායක වෙනවා.

 

නිරූපණය පැත්තෙන් විතරද වැඩකටයුතු වෙන්නේ?

Leona නමින් අලුත් රූපලාවන්‍ය නිෂ්පාදනයක් සමග එක්වී කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. මේ දිනවල එහි රූපවාහිනි වැඩසටහන් සඳහා සූදානම් වෙනවා.

 

රංගනය ගැන අදහසක් නැද්ද?

අනිවාර්යෙන්ම කැමති. ආරාධනා ලැබුණොත් තෝරා බේරාගෙන බාරගන්නවා.

 

අද වෙද්දී නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රයට කැමති ඕනෑම කෙනෙක්ට මේ Field එකට එන්න ඕනෑතරම් පාඨමාලා, වැඩමුළුු තිබෙනවා. අද වනවිට හොඳ අවස්ථාවන් තිබෙනවා.

 

අද වෙද්දී නිරූපිකාවන් කියා ගත් අය ක්ෂේත්‍රය විනාශ කරනවා කියලා ගොඩක් අය චෝදනා කරනවා නේද?

හරි අධ්‍යාපනය පදනමකින්, නිතර පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් ක්‍රමාණුකූලව තමන්ගේ රූපය, හැඩය, දක්ෂතාවය, හැකියාවන් දියුණුකරගනිමිනි ක්ෂේත්‍රයට ගරු කරමින් කෙනෙක් මේ වෘත්තියේ නියැලෙනවා නම් ඇයට හෝ ඔහුට දිගු ගමනක් යා හැකියි. එවැනි කෙනෙක්ට ක්ෂේත්‍රය තුළ තිබෙන අවස්ථාවන් හා පිළිගැනීම අති ඉහළයි.

 

පෞද්ගලික තොරතුරු ගැන ටිකක් කතා කරමු?

පියා ව්‍යාපාරිකයෙක්, අම්මා ගෘහණියක්, අයියත් ව්‍යාපාර කටයුතු වල නියැලෙනවා. මගේ සෑම වැඩ කටයුත්තක් සඳහාම අම්මා මාත් සමග නිතරම එනවා. ඇය ක්ෂේත්‍රයේ නිරූපිකාවන් සමග මටත් වඩා සුහදශීලි. අම්මා ඉන්න නිසා මට ලොකු ආරක්ෂාවක් වගේම කටකතා හැදෙන එකත් අඩුයි.

 

කොහොමද පාසල් කාලය?

පාසලේ මම කැපී පෙනෙන ශිෂ්‍යාවක්. ශිෂ්‍ය නායිකාවක්, තුර්්‍යවාදක කණ්ඩායමෙත්, සෑම සමිතියකම නායිකාවක්. සෑම වාරයකම පන්තියේ 1,2,3 අතර මම ඉන්නවාමයි. උසස් පෙළ කලේ වාණිජ අංශයෙන්. පාසලේදී චිත්‍ර තරඟ සඳහා විදේශීය වශයෙන් සහතික ලැබුණා. AAT, SIBT ආයතනයෙන් Advanced Business & IT Dip කළා. දැනට පියාගේ ව්‍යාපාර කටයුතු වලට දායක වෙනවා.

 

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

හරිම සුන්දරයි. සතුටු, දුක අභියෝග, අපේක්ෂා සිහින සමග ගෙවෙනවා.

 

අද වෙද්දී මේ ඇවිල්ලා තියෙන දුර ගැන තෘප්තිමත් වෙනවාද?

කුඩා කාලයේ සිට තිබුණ හීනයක් සැබෑ වුණා. 2018 වසරේ දෙරණ Miss Earth 1st Runner-up වීමට අවස්ථාව ලැබුණා. එය මට ලොකු ජයග්‍රහණයක්.

 

ඉදිරි බලාපොරොත්තු සහ කටයුතු මොනවාද?

ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න කැමති. රංගන ක්ෂේත්‍රය තුළත් නියැලෙන්න බලාපොරොත්තු වෙනවා.

 

2019-01-14-ent-161  2019-01-14-ent-163 2019-01-14-ent-164 2019-01-14-ent-165 2019-01-14-ent-166 2019-01-14-ent-167