පාරේ තොටේ දකින අය මට සුබපතන කොට සතුටක් දැනෙනවා
සිය කටහඬ තුළින් රසික හදවත් පිනවාලන ඇය නමින් එරන්දි කරුණාරත්නයි. ශාස්ත්‍රවේදි උපාධි අපේක්ෂිකාවක වන ඇය නිවේදනය තුළ දිගු ගමනකට සැරසෙන්නීය. ඇගේ කලා කටයුතු පිළිබඳව සාරවිට පැවසුවේ මෙවැන්නකි.
මුලින්ම අපට ඔබේ විස්තර ටිකක් කියන්න?
මගේ නම එරන්දි උදාරා කරුණාරත්න. මගේ වයස 22 යි. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා 2යි, නංගියි. මම කැලණිය විශ්වවිද්‍යාලයේ බී.ඒ (ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය) හදාරනවා. දැනට මම සියත ටීවී එකේ MUSIC DREAM හා MUSIC EXPRESS PROGRAM PRESENT කරනවා.
නිවේදිකාවක් වෙන්න පුංචි කාලයේ ඉඳලම ආසාවක් තිබුණාද?
මගෙ අදහසක් තිබුණේ නෑ නිවේදිකාවක් වෙන්න. මම ගුවන් සේවිකාවක් වෙන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒකට ගෙදරින් කැමති වුණේ නෑ. අහම්බෙන් තමයි නිවේදනයට පිවිසුණේ.
එය සිදුවුණේ කොහොමද?
සියත ටීවී එකේ MUSIC EXPRESS PROGRAM එක බලලා අපේ නංගි දවසක් කිවුවා ප්‍රසන්ටර්ස්ලා ගන්නවා ඉල්ලුම් කරන්න කියලා. එතකොට මම උසස්පෙළ කරලා ගෙදර හිටියේ. ඒ නිසා මම ඉල්ලුම් කළා. ඊට පස්සේ SCREEN TEST එකට කතා කළා. ඒකෙන් තමයි මාව SELECT කරගත්තේ. MUSIC EXPRESS PRODUCER මතීෂ අයියා.
පළමු වැඩසටහන ඉදිරිපත් කිරීම මතකද?
මම ගොඩක් බයෙන් 1st live එක කළේ. මම ඇත්තටම කවදාවත් ඊට කලින් කැමරා එකක් ඉස්සරහට ගිහින් තිබුණේ නෑ.
කොහොමද ඒ අත්දැකීම?
ජීවිතයට ගොඩක් හොඳ අත්දැකීමක්. ඇත්තටම මුලින්ම මම MUSIC EXPRESS PROGRAM එක කළේ පාර්ට්නර් කෙනෙක් එක්ක. මාස දෙකකින් විතර තනියම කරන්න පුරුදු වුණා. ඇත්තටම ඒ වගේ වගකීමක් ගන්න මට පුරුදු කළේ මතීෂ අයියා. එයා තමයි මුල ඉඳන් හැම දෙයක්ම මට කියලා දුන්නේ. දැන්නම් ෂොපින් කරද්දී ක්ලාස්වලදී එහෙම ගොඩක් කට්ටිය කතා කරලා හොඳ කියනවා. එයාලා PROGRAM බලනවා කියනවා. ඇත්තටම එතකොටනම් ලොකු සතුටක් දැනෙනවා.
නිවේදනයට පිවිසිලා දැනට කොච්චර කාලයක් වෙනවාද?
දැන් අවුරුද්දක් විතර වෙනවා.
ඒ කාලය තුළ ඔබ කළ දේවල් මොනවාද?
මුලින්ම PRESENT කළේ මම MUSIC EXPRESS PROGRAM එක. දැන් MUSIC DREAM, MUSIC EXPRESS PROGRAM 2 කේම ප්‍රසන්ට් කරනවා.
ඔබ නිවේදනය ගැන හැදෑරීමක් කරලා තියනවාද?
ඔව්, මගේ උපාධියේ මම ජන සන්නිවේදනය කියන විෂය හදාරනවා.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය මොනවගෙද?
ඇත්තටම සියත ටීවී එකේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම අපේ නාළිකාවේ ඩිරෙක්ටර් පාලිත සර් මට ගොඩක් උදවු කරනවා.
පවුලේ අයගෙන් ලැබෙන්නේ මොනවගේ ප්රතිචාරයක්ද?
පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර හොඳ නිසා තමයි අවුරුද්දක් තිස්සේ මට මේක දිගටම කරගෙන එන්න පුළුවන් වුණේ. අම්මයි තාත්තයි හැම වැඩකදීම හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නවා. විශේෂයෙන්ම තාත්තා එයාගෙ වැඩ දාලා මාව PROGRAMවලට එක්කන් යනවා. ඒ දෙන්නා හින්දා තමයි මේ හැමදෙයක්ම මට හොඳින් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ.
නිවේදනය ඔබේ වෘත්තියද?
දැනට මම උසස් අධ්‍යාපනය හදාරන නිසා රැකියාවක් කරන්නේ නෑ. ඉගෙනීමයි නිවේදනයයි දෙකම කරන නිසා රැකියාවක් කරන්න අමාරුයි. උපාධිය ඉවර වුණාම මම රැකියාවක් කරනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉස්සරහට කර්මෂල් කිහිපයකට හා ටෙලිනාට්යයකටයි ආරාධනා කරලා තියනවා. තෝරලා බලලා ඒවායින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ලොකුවට මම ඒවා බාරගන්නේ නෑ. උපාධිය කම්ප්ලීට් කරගන්නයි නිවේදනයෙන් ඉදිරියට යන්නයි තමයි බලාපොරොත්තු වෙන්නේ.
රංගනයට නිරූපණයට යොමුවෙන්න අදහසක් නැද්ද?
දැන්ම නැහැ. මම කැමති නිවේදිකාවක් විදියට ඉස්සරහට යන්න.
ඔබට උදවු කළ මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ අය මතක් කරන්න ඕනේ. මට අද මේ විදියට ප්‍රසන්ට් කරන්න මාව තෝරගත්තු මතීෂ විමුක්ති අයියා ඇතුළු සියත නාළිකාවේ සියලුම දෙනාව මට වචනෙකින් හරි උදවු කරන හැම කෙනෙක්වම ආදරෙන් මතක් කරනවා.