ප්‍රේම දඩයමේ ශිවන්යාට හඬ කැවූ පුර්ණිමා
"ප්‍රේම දඩයම" නාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬ කැවූ ඇය නමින් පුර්ණිමා විදේශිකාය. අංශ කිහිපයකින් දක්ෂතා දක්වන ඇගේ රංගන හැකියාව "රාවණ" නාට්‍යය ඔස්සේද දැක ගැනීමට හැකියාව ලැබුණි. ඇගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙලෙස ඇය අප සමග එක්වූවාය.
මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
විශ්වවිද්‍යාලයේ විභාග අවසන් වුණා විතරයි. ඊට අමතරව මේ දවස් ටිකේ සිරස නාලිකාවේ %ඉලන්දාරියා^ වැඩසටහන නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ ප්‍රධාන චරිතයක් සඳහා හඬකැවීම් කරනවා %මැජික් ළමයි^ කියලා නාට්‍යයක් සඳහා. අනුරාධ අයියයි, ෂෙහාන් අයියයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මේ %මැජික් ළමයි^ නාට්‍යය තුළදී. ඊට අමතරව සිරස නාලිකාවේ කාටූන් එකකට හඬ කැවීම් කරනවා %රතු පැංචි^ කියලා. ඒක සෑහෙන්න හොඳ ප්‍රතිචාර තියෙනවා. තව හිරු නාලිකාවේ වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා. තව %කැලීන්^ කියලා සබන් වෙළෙඳ දැන්වීමක සම්පූර්ණ ගීතයක් කළා. ඒකේ වීඩියෝව කරනකම් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වැඩිපුර නැඹුරුව තියෙන්නේ මොන පැත්තටද?
දෙපැත්තම සමබරව කරගෙන යනවා. නිවේදන කටයුතුවලට සිරස නාලිකාවට සම්බන්ධ වෙලා අවුරුදු තුනක් විතර වෙනවා. හඬකැවීම්වලිනුත් %ශිවන්යා^ පටන් ගැනීමත් සමග තාමත් කරගෙන එනවා. %රාවණ^ නාට්‍යයේ සීසන් 1 ඉවරයි. සීසන් 2 අලුත් චරිතයක් ඔස්සේ මාස තුනකින් නැවත හම්බවෙනවා.
"රාවණ" පළමු රංගනයද?
දැනට රංගනයෙන් දායක වුණේ "රාවණ" නාට්‍යයට පමණයි. මම රංගනයෙන් දිගටම යන්න බලාපොරොත්තුවක් නැහැ. නිර්භීත චරිතයක් නිසා තමයි ඒකට කැමති වුණේ. ඒ වගේ දෙයක් ඇරෙන්න හැම චරිතයක්ම කරන්න මගේ අදහසක් නැහැ.
නිවේදනයට මුලින්ම එකතු වුණේ කොහොමද?
මම පොඩි කාලේ "මුතුහර" තුළින් තමයි ආවේ. %මුතුහර^ වැඩසටහනේ මම ළමා නිවේදිකාවක් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාලේ තමයි අවුරුදු 19-20ත් අතර කාලේ. ඉතින් ළමා නිවේදිකාවක් විදිහට වැඩ කටයුතු කරන්න ලැබුණේ ටික කාලයයි. මම මගේ ළමා කාලය උපරිම විදිහට ගත කළා. එක පාරටම වැඩිහිටියෙක් වුණාම හඬකැවීම්වලට සම්බන්ධ වුණේ. මාව නිවේදිකාවක් විදිහට ගොඩක් දෙනෙක් දැන ගත්තේ %හරි රහ^ වැඩසටහන තුළින්. ඒ වැඩසටහන ඉවර වෙලත් දැන් අවුරුද්දට වැඩියි. ඒකට තවමත් ප්‍රතිචාර තියෙනවා කියලා දැන ගත්තේ පසුගියදා %සිරස සරුංගල්^ සැණකෙලියේ නිවේදන කටයුතුවලට ගාල්ලේ ගියාමයි. අනූජ් රණසිංහ සහ මම තමයි ඒ වැඩසටහන නිවේදනය කළේ.
මේ වැඩ ගොඩක් එක්ක ඒ දේවල් "අච්චාරුවක්" වගේ කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම මම "අච්චාරවක්" කියනවාට වඩා මම මාව පිළිගන්නේ "ෆෘට් සැලඩ්"එකක් විදිහටයි. "ෆෘට් සැලඩ්" එක රස වෙන්නේ හැම ජාතියම ඒකට එකතු වුණාම. ජීවිතයත් ලස්සන වෙන්නේ එහෙමයි. කලාව කියලා දෙන්නේ හැමදේම එකතුවක්. නාට්‍ය වුණත් එහෙමයි. හැම කලාවක්ම එකට එකතු වෙලයි තියෙන්නේ. සංගීතය කියන්නෙත් එහෙමයි. ගීත ගායනා කරද්දි වුණත් එහෙමයි. ඉදිරිපත් කරන්න ඕනේ. ඉතිං මම %හරි රහ^ වැඩසටහන කරද්දී මම විශේෂ වුණේ ඒකයි. මම ගිටාර් ප්ලේ කරනවා, සිංදු කියනවා. නිවේදනය කරනවා, කෑම උයනවා. ඉතින් මේ දේවල් ගොඩක් එකතු වුණාම ඒකේ අමුතු දෙයක් තියෙනවා. රඟපාන්න ගියත් එහෙමනේ. නටන්න, සිංදු කියන්න, ගහගන්න වෙනවානේ. ඒ දේවල් හැමදේම සමබරව කරගෙන යනවා.
"හරි රහ" කියන්නේ ඉවුම් පිවුම් වැඩසටහනක්නේ, ඉතිං ඇත්තටම උයන්න පුළුවන්ද?
ඇත්තටම පුළුවන්. අපේ අම්මාට ඇත්තටම රසට උයන්න පුළුවන්. අම්මාගේ දැනුම මට හරි ප්‍රයෝජනවත් වුණා. ඉවුම් පිහුම් කරනකොට සාම්ප්‍රදායික ක්‍රම තියෙනවානේ. ඒ වගේ උපක්‍රමත් ඉගෙන ගත්තා. මගෙත් අත්ගුණෙත් ටිකක් තියෙනවා.
ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
හොඳ නරක දෙකම එනවා. "ප්‍රේම දඩයම" තමයි මෑත ඉතිහාසයේ වැඩම රේටින්ස් තිබ්බ නාට්‍යය. පුදුම විදිහකට ඒ දේ මිනිස්සු අතරට ගියා. තාමත් ඒ සිංදුව ඇහෙද්දී කොල්ලෝ නයි වගේ නටනවානේ. ඒක මම ඇස් දෙකට දැකලා තියෙනවා. ඒ කාලේ හැඬකැවීම් ශිල්පිනියක් විදිහට පුවත්පත්වල වැඩිපුරම ආටිකල් ගියෙත් මගෙයි. හඬකැවීම් කරද්දී ඒ පුද්ගලයාව ගොඩක් අය දකින්නේ නැහැනේ. ඒ චරිතය එයා කියලනේ හිතෙන්නේ. ඒ මම කියලා හැමෝම දැන ගත්තාම, රඟපානවාට වඩා ඒක මට මාර දෙයක්. මට ගොඩක් විශේෂ තැනක් ලැබුණේ ඒක නිසා. ඒ වගේම ප්‍රේම දඩයමට හරි රහට බණින මිනිස්සුත් හිටියා. කොහොමත් එකයි. ඒ බණින මිනිස්සුම අපිව දැක්කාම සෙල්ෆි එකක් ගන්න අවස්ථාත් තියෙනවා. හැමදේම පොදුවේ බාර ගන්නවා.
මේ හිතපු දේවල්ද ජීවිතේට ලැබුණේ?
කොහෙත්ම නැහැ. සීයට සීයක්ම හිතුවෙ නැති දෙයක්.. %ප්‍රේම දඩයම^ කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ජීවිතේට මයික් එකක හඬකැවීම් කියන්නේ මොකක්ද කියලා ඇත්තටම මම දැකලා හිටියේ නැහැ. ජීවිතේට හීනෙන්වත් හිතුවේ නැහැ හඬකැවීම් ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා. අපේ අම්මට ඕනේ වෙලා තිබුණේ, මම ගායිකාවක් වෙනවා බලන්න සහ විශ්වවිද්‍යාලයේ ගිහිල්ල උපාධිය අරන් රජයේ රැකියාවක් කරනවා බලන්න. නමුත් මට ප්‍රේම දඩයමට පස්සේ මගේ ජීවිතේ ලැබිච්ච ලොකුම අත්දැකීම තමයි "කිරිල්ලියෝ" කියන නාට්‍යයේ ප්‍රධාන හඬකැවීම් මම කරපු එක. අපි පුංචි කාලේ %චංගුමී^, %අභීත දියණිය^ කියන්නේ අපිට උද්යෝගයක්. ඉස්කෝලේ යන්න ආස නැහැ. නමුත් %චංගුමී^ බලන්න ඉස්කෝලේ ගිහින් ඉක්මනට එන්න ඕනේ කියන දේ හැම තිස්සේම ඔළුවෙ තිබුණා. ජීවිතේට හිතුවෙ නැහැ රූපවාහිනි සංස්ථාවට ගිහිල්ලා ප්‍රධාන චරිතයක හඬ කැවීම් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ වගේම තමයි අපිව අගය කරලා රූපවාහිනි සංස්ථාවෙන් අපිට ලියුමක් ලබා දුන්නා. මේ දේවල් ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නැහැ.
ඉදිරි බලාපොරොත්තු කොහොමද?
ඇත්තටම මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තු නැහැ. මගේ ජීවිතේ මිනිස්සුන්ට ගොඩක් උදව් කරන්න කැමති කෙනෙක්. මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් විදිහට දකින්නේ වෛද්‍යවරයෙක් වෙන එකනේ. මට එහෙම කෙනෙක් වෙන්න බැහැ. නමුත් මම විශ්වවිද්‍යාලයේ උපාධිය කරන්නෙත් මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක්. මේකෙන් පස්සේ මට කවුන්සිලර් කෙනෙක් විදිහට යන්න අවස්ථාව තියෙනවා. අද ගොඩක් දෙනා මානසික පීඩනයෙන්නේ ඉන්නේ. ඒ දේවල් එක්ක මිනිස්සුන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ උපන් දිනයක් වෙනුවෙන් ජීවිතේටවත් සාද ගන්නේ නැහැ. ඒ දේවල දානමය දේවල්වලට තමයි මම යොමු කරන්නේ. මට තාම වයස 23යි. ඒ දේවල් වෙනස් නොවී කරගෙන යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම තමයි මගේම ව්‍යාපාරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
Dilan Chryshantha