ප්‍රවීණයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
නවක නිරූපණ ශිල්පිනියක් වන ගීතාංජලීව අප මෙවර සාරවිට කතාබහට එකතු කරගත්තා. ඇය මේ වනවිට නිර්මාණ රැසකට දායක වී තිබෙනවා සේම රූ රැජිණි තරඟාවලියකින්ද ජයග්‍රහණය කර තිබෙනවා. එමෙන්ම ඇගේ බලාපොරොත්තුව වන්නේද නිරූපණය පැත්තෙන් ලංකාවට ජාත්‍යයන්තර ජයග්‍රහණයක් ලබාදීමටයි. ඉතින් ගීතාංජලී සාරවිට සමග කතාබහක යෙදුණේ මේ විදිහට.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම ගීතාංජලී ලක්ෂිකා. මගේ පදිංචිය හොරණ. මගේ වයස අවුරුදු 21යි. දැනට නිරූපණ ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.
නිරූපණයට පිවිසෙන්නේ කොහොමද?
මුලින්ම සම්බන්ධ වුණේ බ්‍රයිඩ්ල් ෂූට්වලට. උසස් පෙළ අවසන් වුණාට පස්සේ ෆොටෝෂූට් වලට ආරාධනා ලැබුණා.
දායක වෙලා තිබෙන නිර්මාණ මොනවාද?
වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, බ්‍රයිඩ්ල් ෂූට් රැසකට සම්බන්ධ වුණා. බෑන්ක් කමර්ෂල්, ඩෙටෝල්, මෙගා රන් ඇතුළු වෙළඳ දැන්වීම් රැසකට දායක වුණා. ගීත රූප රචනා තුනකට විතර සම්බන්ධ වුණා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ෂූට් තමයි කරලා තියෙන්නේ. මම කැමති බ්‍රයිඩ්ල් පැත්තට. ඒ නිසා එයට වැඩි ඉඩක් ලබා දෙනවා.
පැජන්ට්වලට සහභාගී වෙලා තිබෙනවාද?
ඔව්. මම 2019 වසරේ Miss Diamond Queen තරඟාවලියට සහභාගී වුණා. එහි miss best catwalk, miss best personality 1st runner up සහ තරඟාවලියෙන්ම 1st runner up යන ජයග්රහණයන් හිමි කරගත්තා.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
අපි හොඳට ඉන්නවා නම් අපිට හොඳ තැනකට යන්න පුළුවන්. ක්ෂේත්රයේ වැරැද්දක් දකින්න නැහැ. අපි ඉන්න විදිහ අනුව තමයි අපේ ගමන මොන වගේද කියලා තීරණය වෙන්නේ.
රංගනයට එකතු වෙන්න කැමති නැද්ද?
මට ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මගේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද මම වැඩි ඉඩක් ලබාදෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට්වලට. එතකොට ලොකු කාලයක් වෙන් කරන්න පුළුවන් නිර්මාණ බාර ගන්න අමාරුයි. නමුත් ඉස්සරහට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් සම්බන්ධ වෙනවා.
ක්ෂේත්රයෙන් ලැබෙන අත්දැකීම් කොහොමද?
ගොඩක් හොඳ අත්දැකීම් රැසක් ලැබිලා තියෙනවා. මගේ ජීවිතයට වැදගත් වන දේවල් ගොඩක් එකතු කරගත්තා. විශේෂයෙන්ම මම සම්බන්ධ වුණු පැජන්ට් එක හරහාත් ලොකු දේවල් ජීවිතයට, නිරූපණයට එකතු කරගත්තා.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ප්‍රවීණයන් නවක ශිල්පීන්ට ගොඩක් උදව් කරනවා. අපි එයාලාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපිව ඉස්සරහට ගේන්න එයාලා මහන්සි වෙනවා. ඔවුන් සමග වැඩ කිරීම පහසුයි.
මේ පැමිණි ගමන ගැන මොකද හිතන්නේ?
මම මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා. ඒ ගමනේදී සමහරු %මට බැහැ^ කියලා මාව වට්ටන්න උත්සාහ කළා. සමහර යාළුවෝ, සමහර නෑදෑයෝ මාව ආශ්‍රය කරන එක පවා අත්හැරලා දැම්මා. නමුත් මම මේ තැනට ආවාට පස්සේ ඔවුන් නැවතත් මගේ ළඟට එන්න උත්සාහ කරනවා කියලා දැනෙනවා. ඔවුන්ට රිදවන්න පුළුවන් හොඳම විදිහ මගේ සාර්ථකත්වයයි. මම ඒ තැනට අද ඇවිත් තියෙනවා. ඒ වගේම මම තවත් ඉස්සරහට යනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මගෙනුයි, තාත්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා ගොඩක් ආසයි මම නිරූපණයෙන් ඉස්සරහටම යනවාට. මම වැරදි විදිහට ක්ෂේත්රයේ වැඩ කරන්නේ නැති නිසා එයාලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ඉදිරි වැඩ කටයුතු ගැන කියමු?
Diamond Queen ජයග්‍රහණයත් සමග මම උත්සාහ කරනවා ජාත්‍යයන්තර පැජන්ට් එකකට සහභාගී වෙලා ලංකාවට ජාත්‍යයන්තර මට්ටමේ ජයග්‍රහණයක් ගේන්න. ඉදිරියට ලැබෙන නිර්මාණවලටත් සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
උදව් කරපු අය කවුද?
මුලින්ම මගේ අම්මයි, තාත්තායි මතක් කරන්න ඕනේ. ඊටපස්සේ මගේ පෙම්වතා, මගේ නර්තන කණ්ඩායමේ නායිකාව සහ සමාජිකයින්, මගේ යාළුවෝ, නෑදෑයෝ, Diamond Queen පැජන්ට් එකේ අධ්යක්ෂවරයා ඇතුළු හැමෝවම මම මේ වෙලාවේදී මතක් කරනවා.
කැළුම් දේවින්ද