ප්රවීණ ශිල්පිනියන්ගෙන් ලොකු සහයක් ලැබෙනවා
වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ ඔස්සේ ක්ෂේත්රයට සම්බන්ධ වුණු නිරූපණ ශිල්පිනියක් තමයි තමෝදි කියන්නේ. මේ වනවිට ඇය නිරූපණය පැත්තෙන් මදකට ඉවත්වී තිබෙනවා. නමුත් ඇයට හැකි අයුරින් නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් තමෝදිට අපි සාරවිට ඉඩක් වෙන් කරන්නට හිතුවා.
මගේ නම තමෝදි ප්රසාදිකා. මගේ පදිංචිය කොට්ටාවේ. මම නිරූපණයට සම්බන්ධ වෙන්නේ මගේ නංගි හරහා. ඇය තමයි මුලින්ම නිරූපණයට සම්බන්ධ වුණේ. ඊට කලින් මම ඩාන්සින් කරා. ටී.වී. කමර්ෂල්, ඉවෙන්ට්වලට දායක වෙලා තියෙනවා. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. දැනට මම නිරූපණය පැත්තෙන් ටිකක් දුරස් වෙලා ඉන්නේ.
දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මොබිටෙල් කෑෂ් බොනැන්සා ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා. දුඹුරු නෙතු මියුසික් වීඩියෝව ඇතුළු වීඩියෝ කිහිපයකටම සම්බන්ධ වුණා.
රැකියාව නිසාද නිරූපණයෙන් ඉවත් වුණේ?
අයින් වෙලා කියන්න බැහැ. නමුත් ටිකක් දුරස් වෙලා ඉන්නේ. ඇත්තටම මගේ රැකියාව නිසා තමයි නිරූපණයට වෙලාව යොදාගන්න බැරි. ආරාධනා නම් ගොඩක් එනවා. පුළුවන් පුළුවන් විදිහට වෙලාව හදාගෙන දායක වෙනවා. නිරූපණය දැන් මට විනෝදාංශයක් වගේ වෙලා තියෙන්නේ.
වර්තමානයේ නිරූපණය තියෙන්නේ මොන වගේ තැනකද?
යම් දියුණුවක් තියෙනවා. නමුත් අද ඉගෙනගත්තු නිරූපිකාවන්ට වඩා ඉන්නේ හැදෑරීමක් නැති අයයි. සමහර වෙලාවට එයාලා නිකන් ෂූට් වලටත් සම්බන්ධ වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ආපු අය තමයි අද වැඩියෙන්ම ඉන්නේ. ඒ අය ගොසිප් හදාගෙන ඒ ඔස්සේ දියුණු වෙන්න උත්සහ කරන්නේ.
සෝෂල් මීඩියා නිසා නිරූපණයට ලොකු දායකත්වයක් ලැබෙනවා නේද?
ඇත්තටම සෝෂල් මීඩියා කියන්නේ නිරූපණ ශිල්පිනියන්ට හොඳ අවස්ථාවක්. අපිටත් වැඩවලට ආරාධනා ලැබෙනවා සෝෂල් මීඩියා හරහා. නමුත් සමහර වෙලාවට සෝෂල් මීඩියා තුළින් චරිතය ඝාතනය වෙනවා. ඒවා ඇත්තද බොරුද කියලා කට්ටිය දන්නෙත් නැහැ. තමුන් දැනගන්න ඕනේ තමන් සෝෂල් මීඩියා එක භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා. ඇත්තටම නිරූපණයට ලොකු ශක්තියක් හොඳ පැත්තෙන් සෝෂල් මීඩියාවලින් ලබා දෙනවා.
ආධුනික ශිල්පීන් කියන්නේ ප්රවීණයෝ අවස්ථාවන් ලබාදෙන්නේ නැහැ කියලා. ඒකතාව ඇත්තද?
ප්රවීණ ශිල්පිනියන්ගෙන් ලොකු සහයක් ලැබෙනවා. මම අඳුනන හැමෝම නම් එහෙම නැහැ. නමුත් යම් පිරිසක් ඇති ඒ එහෙම කැපිලි කෙටිලි කරන. නමුත් බහුතරයක් හොඳයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ඇත්තටම මගේ රැකියාව නිසා නිරූපණය පැත්තෙන් ලොකු බලාපොරොත්තු නැහැ. නමුත් ලැබෙන ආරාධනා පුළුවන් විදිහට බාරගෙන කරනවා.
මතක් කළ යුතු පිරිසක් ඇතිනේ. ඒ අය ගැන කිව්වොත්?
මම ෆීල්ඩ් එකට එන්න හිතපු නැති කෙනෙක්. නංගි නිසා තමයි ක්ෂේත්රයට එකතු වෙන්නේ. ඉතින් නංගිව මතක් කරනවා මේ වෙලාවේ. ඊට අමතරව මට නිර්මාණවලට සහ මගේ වැඩකටයුතුවලට සහයෝගය දුන් සියළු දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද