පසුගිය කාලේ මම ගොඩක්ම දායක වුණේ අඬන චරිතවලට
දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වූ "දේදුන්නයි ආදරේ" ටෙලි නාට්‍යයේ "නිකිණි" ලෙස ඔබේ ආදරය දිනාගත් අංජු හිමායා බණ්ඩාර සමගින් අද "තරුණයා" තරු කතාබහ අරඹන්නට අපි සිතුවෙමු. මේ දිනවල "දෙරණ" රූපවාහිනි නාළිකාවේ විකාශය වන සාරංග මෙන්ඩිස්ගේ "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යය තුළින්ද ඉදිරියේදී ඇය දක්නට ලැබේ. ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට අංජු හිමායා සමග මෙලෙස එක්වූවාය.
ඔබ දායක වුණ "සාම" චිත්‍රපටයේ වැඩ අවසන්ද?
ඔව්, මෑතකදී තමයි වැඩ අවසන් වුණේ. දැන් නොඉවසිල්ලෙන් ඉන්නේ මේ චිත්‍රපටය තිරගත වෙනකම්. මොකද, මීට කලින් මම චිත්‍රපට කිහිපයක රඟපාලා තිබුණත්, %සාම^ චිත්‍රපටය හරහා තමයි පළමු වතාවට ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂයන් හමුවට එන්නේ. මෙහි මා පෙනී ඉන්නේ %පාරිකා^ කියන චරිතයට.
"පාරිකා" කියන්නේ ඔබට අභියෝගාත්ම චරිතයක් කිව්වොත් හරි නේද?
ඔව්, "පාරිකා" කියන්නේ මවකගේ චරිතයක්. මට එවැනි අත්දැකීම් නැති නිසා මේ චරිතය හරියට කරන්න පුළුවන් වෙයිද කියලා මුලින් පොඩි බයක් මට තිබුණා. නමුත්, චිත්‍රපට අධ්යක්ෂවරයාගේ ඉඳලා චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච හැමකෙනෙක්ගෙම හොඳ සහයෝගයක් මට ලැබුණා. ඒ වගේම මට මේ චරිතයට හොඳ සාධාරණයක් කරන්න හැකිවුණා. මම හිතනවා චිත්‍රපටය නරඹන කොට ප්රේක්ෂයන්ට ඒක හොඳට දැනේවි කියලා.
"නිකිණි" චිත්‍රපටයෙන් පස්සේ අපි පුංචි තිරේ අංජුව දැක්කේ නැහැ?
"නිකිණි" චරිතය හරහා යම් ජනප්‍රියත්වයක් මට ලැබුණා. ඒ හින්දා පසුගිය කාලේ පුංචි විවේකයක් ගන්න හිතුවා. ඒත්, දැන් මම දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන සාරංග මෙන්ඩිස් මහත්මයාගේ "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දිනවල එහි රූපගත කිරීම් කටයුතුවලට දායක වෙලා ඉන්නවා. ටෙලි නාට්‍යයේ මම ඉදිරිපත් කරන්නේ ගුරුවරියකගේ චරිතයක්. කාලෙකට පස්සේ ටිකක් විතර වෙනස් චරිතයක් මට %දෙවැනි ඉනිම^ ටෙලි නාට්‍යය තුළින් ලැබුණා. පසුගිය කාලේ මම ගොඩක්ම දායක වුණේ අඬන චරිතවලට.
ක්ෂේත්රයට ආවේ ඔබ රංගන ශිල්පිනියක් විදිහට. නමුත්, වැඩිපුර ඔබේ දායකත්වය තියෙන්නේ නිවේදනයට?
රංගනයට වගේම නිවේදනයටත් මම ගොඩක් කැමතියි. දැනට මම ටෙලි නාට්‍යය 20ක විතර රඟපාලා තියෙනවා. යම් යම් චරිත හරහා ප්‍රේක්ෂයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම නිවේදන කටයුතු හරහත් මිනිස්සු අතර ආදරණීය චරිතයක් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ වෘත්තීන් දෙකෙන්ම රසික රසිකාවියන්ගේ ආදරය දිනාගන්න ලැබුණ එකට. පසුගිය කාලෙ නම් ලොකුවට මම රඟපෑම් කටයුතු කළේ නැහැ. වැඩිපුරම දායකත්වය දුන්නේ නිවේදනය පැත්තට. කොහොමත් මම කලා ක්ෂේත්රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. ලැබෙන නිර්මාණ භාර අරගෙන මගේ පාඩුවේ වැඩ කරන කෙනෙක්.
ක්ෂේත්රයට ආවේ කොයි කාලෙද? මේ ආපු කාලය ගැන මොකද හිතෙන්නේ?
2009 වසරෙදි තමයි මම ක්ෂේත්රයට ආවේ. ඒ ආවේ රංගන ශිල්පිනියක් විදිහට. මුලින්ම රඟපෑවේ ගිහාන් රෝහණ මහත්මයාගේ %හිම කඳුළු^ කියලා ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ මම නිවේදන කටයුතුවලට යොමු වුණා. ස්වර්ණවාහිනි නාළිකාවට සම්බන්ධ වෙලා කරපු මුල්ම වැඩසටහන පැය 3ක සජීවී වැඩසටහනක්. නිවේදිකාවක් විදිහට ඒ අරඹපු ගමන අද ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. නමුත්, මට හිතෙන්නේ මේ ගෙවුණු කාලය තුළ මට මීට වැඩිය යමක් මේ ක්ෂේත්රය තුළ කරන්න තිබුණා කියලා.