පරීස්සමින් කරන දෙයක් කරන්න ඕනා
නිරූපණය ක්ෂේත්රයට නවකයෙක් වූ නවමිණි ද සිල්වා සමගින් ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස අපි ආරම්භ කළේමු. දැනට කලා කටයුතු බොහෝමයකට රංගනයෙන් දායක වී ඇති නවමිණි රංගනයටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. ඉදිරියේදී රංගන කටයුතුවලද නිතර වීමට ඇය අදහස් කරමින් සිටියි. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙළෙස අපි සමග අදහස් බෙදාහදා ගත්තේමු.
නවමිණි මොඩල් ෆිල්ඩ් එකට එන්නේ?
මොඩල් ෆිල්ඩ් එකට ඇවිල්ලා දැන් වසර දෙකක් විතර වෙනවා. 2016 වසරේදී තමයි ෆිල්ඩ් එකට ආවේ. හිතුවේ නැහැ මොඩල් කෙනෙක් වන්න. අහම්බෙන් ලැබුණ අවස්ථාවක් මත තමයි මොඩල් ෆිල්ඩ් එකට සම්බන්ධ වුණේ.
නිරූපිකාවක් විතරද ඔබ?
නැහැ. ටි.වී. කොමර්ෂල්, මියුසික් විඩියෝ වගේම ටෙලි ඩ්රාමා මම රඟපාලා තියෙනවා. ‘ෆැඩ්නා’ ශෙෆප් ඇතුළු කොමර්ෂල් කිහිපයකම පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව පෙපර් ඇඩ්වටීස්මන්ට් වලට දායක වෙලා තියෙනවා. තව පෝය ටෙලි ඩ්රාමා එකකත්, මියුසික් විඩියෝ තුනකටත් මම පෙනී ඉඳලා තියෙනවා.
මොඩල් ෆිල්ඩ් එක ගැන මොකද හිතන්නේ?
මොඩල් ෆිල්ඩ් එක හොඳයි මම නම් එහි වරදක් දකින්නේ නැහැ. ඒත්, පරීස්සමින් කරන දෙයක් කරන්න ඕනා. මොකද, ගොඩ දෙනෙක්ගේ ඇහැ මේ ෆිල්ඩ් එකට අද වෙන කොට යොමු වෙලා තියෙනවා. කවුරුහරි පුංචි වැරැද්දක් කළත් ඒක ෆිල්ඩ් එකේ ඉන්න හැමෝටම බලපනවා.
මේ ෆිල්ඩ් එකට යොමු නොවුණා නම්?
ඒක කියන්න අමාරුයි. මේ ෆිල්ඩ් එකේ වැඩ වුණත් මම කරන්නේ හොබි එකක් විදිහට. දැනටමත් මම වෙන ජොබ් එකක් කරනවා.
මොඩල් කෙනෙක් විදිහට මොනවද ටාගට්?
එහෙම ලොකු ටාගට් මට නැහැ. මොකද මම මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්නේ හොබි එක් විදිහට. ලැබෙන වැඩෙට උඵරිම සාධාරණයක් කරන්න තිබුණොත් මට ඒ ඇති.
කවුද නවමිණිට මේ ෆිල්ඩ් එකට එන්න උදව් කළේ?
මේක මට අහම්බෙන් ලැබුණ චාන්ස් එකක්. ඒ හින්දා මට ගොඩක් අය මේ ෆිල්ඩ් එකේදි උදව් කරලා තියෙනවා. ඒ වුණත් ගෙදර අයගෙන් මට ලැබුණ සහය ගොඩක් වටිනවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද