පරණ අයව දැකලා දැකලා මිනිසුන්ට ඇති වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-13-ent-43

නිරූපිකාවක ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි දිනූෂා සිරිවර්ධන බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් ඔස්සේ දැකබලා ගැනීමට හැකියාව තිබේ. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘නෙතු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඇය, සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස ‘සාරවිට’ට සම්බන්ධ වූවාය.

 

හරි කාර්යබහුලයි වගේ නේද?

ටිකක් විතර. මේ දවස්වල නිරූපණ කටයුතු එක්ක තමයි ගොඩක් වෙලාවට වැඩ කටයුතු වෙන්නෙ.2018-12-13-ent-45

 

වෙළෙඳ දැන්වීම් වැඩත් එක්කද?

වෙළෙඳ දැන්වීම එක්ක මම නිරූපණ කටයුතු විදියට බ්‍රඩල් කරනවා. බ්‍රඩල් ෂූට් ටිකක් වැඩිපුර තියෙනවා.

 

ඇයි ආයේ ටෙලිනාට්‍යයක් සඳහා දායක වුණේ නැත්තේ?

ආරාධනා නම් ලැබුණා. නමුත් පොඩිපොඩි ප්‍රශ්න නිසා මම ඒවාට කැමැති වුණේ නැහැ. හොඳ නිර්මාණයක් එක්ක හොඳ අධ්‍යක්‍ෂවරයෙක් හම්බ වුණොත් නිර්මාණයක් සඳහා එකතු වෙනවා.

 

දැනට දායක වුණේ ‘නෙතු’ ටෙලිනාට්‍යයට පමණයි නේද?

ඔව්, දැනට මම එක ටෙලිනාට්‍යයක් සඳහා පමණයි දායක වුණේ. ඒ ‘අයි.ටීත.එන්’ එකේ ‘නෙතු’ ටෙලිනාට්‍යයයි.

 

නිරූපණය පටන් ගත්තේ කොයි කාලයේද?

නිරූපණය පටන්ගෙන දැන් අවුරුදු හයක් විතර වෙනවා.

 

මේ කාලය තුළ ක්‍ෂේත්‍රය වෙනස් වෙලාද?

කලින්ට වඩා ගොඩක් හොඳයි. මොකද අලුත් අය ඉන්නවා. ඒ නිසා ක්‍ෂේත්‍රයට හොඳ තැනක් ලැබිලා තියෙනවා.

 

නවකයන්ට ලැබෙන අවස්ථා තියෙනවාද?

මම හිතනවා අද වෙද්දි පරණ අයට වඩා අලුත් අයට ලොකු අවස්ථා ලැබෙනවා කියලා.

 

ඇයි එහෙම වෙන්නේ?

පරණ අයව දැකලා දැකලා මිනිසුන්ට ඇති වෙනවා. ඉතිං අලුත් කට්ටියක් ආපුවාම ඒ අයට ඉදිරියට එන්න අවස්ථා ලැබෙනවා වැඩියි.

 

නවකයන්ට වෘත්තීමය ලෙස කටයුතු කරන්න හැකියාවක් තියෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ක්‍ෂේත්‍රය විශාලයි. ඒ නිසා වෘත්තීමට වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.

 

නිරූපිකාවකට මිලක්, වටිනාකමක් ලැබෙනවාද?

අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගොඩක් අවස්ථාවල වටිනාකමක් ලැබෙනවා. වෙළෙඳ දැන්වීම් තුළින් නිරූපිකාවකට මිලක් නියම කරන්න පුළුවන්.

 

හැබැයි ප්‍රවීණ අය චෝදනා කරනවා නේද, නවකයන් නිසා ක්‍ෂේත්‍රය විනාශ වෙලා කියලා?

නැත්තෙමත් නැහැ ඉතිං. ඇතැම් අය නිසා ක්‍ෂේත්‍රයට හානියක් වෙන්න පුළුවන්.

 

නිරූපණය හැදෑරුවාද?

නැහැ. මම නිරූපණය හැදෑරුවේ නැහැ. මොකද මම ෆැෂන් මොඩලින් නෙමෙයි කරන්නෙ. මම කරන්නෙ බ්‍රයිඩල්. ඒ නිසා මම හිතනවා ලොකු හැදෑරීමක් කරන්න ඕන නැහැ කියලා.

 

නිරූපණ කටයුතුත් තෝරාබේරා ගන්නවාද?

ඔව් අනිවාර්යෙන්ම. මම හැමදෙයක්ම තෝරා බේරාගෙනයි කටයුතු කරන්නෙ.

 

මේ දවස්වල ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් මොනවාද?

මේ දවස්වල නම් ‘කාගිලිස් සොසේජස්’ වෙළෙඳ දැන්වීම, ‘ඔපියුලයන්ට් හොටෙල්’ වෙළෙඳ දැන්වීම වගේ කිහිපයක් මේ ජනප්‍රිය වුණා.

 

නිරූපණයට ආවේ ඇයි?

නිරූපණයට එන්නේ මගේ අක්කා නිසයි.

 

ඒ කොහොමද?

මොකද මගේ අක්කා කලින් නිරූපණ කටයුතු කළා. ඒ නිසා තමයි මමත් නිරූපණයට එන්නෙ.

 

ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?

ගෙදරින් අකැමැත්තක් තිබුණේ නැහැ. මොකද මම හැමදේම භාරගන්නේ නැහැ. මට ගැළපෙනවා නම්, ඒ දෙයින් මට ඉස්සරහට යන්න පුළුවන් නම් විතරයි මම ඒ දේ කළේ. ඒ නිසා මට ගෙදරින් බලපෑමක් කළේ නැහැ.

 

චිත්‍රපටයක රඟපාන්න ආස නැද්ද?

චිත්‍රපටවල රඟපාන්න ආසයි. ඉදිරියේදී ඒ ගැන බලමු.

 

අවස්ථාව ලැබුණේ නැද්ද?

චිත්‍රපට දෙකකට ආරාධනා කළා. ඒ දේවල් මට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණු නිසා භාර ගත්තේ නෑ.

 

ඔබේ සමකාලීන අය ගොඩක් අද ක්‍ෂේත්‍රය තුළ ඉන්න නිසා තරගකාරීත්වයක් නැද්ද?

නැහැ. මොකද මම පාඩුවේ වැඩ ටික කරගෙන යන කෙනෙක්. ඒ නිසා මට තරගකාරීත්වයක් කියලා දෙයක් නැහැ. මට එන වැඩේ මට එනවා. ඒ නිසා තරගකාරීත්වයක් නැහැ.

 

වැඩිපුර අවස්ථාව ලැබෙන්නෙ ජනප්‍රියත්වය නිසාද? නැත්තම් දක්‍ෂතාව නිසාද?

මම හිතන්නේ මේ කාරණා දෙකම නිසා කියලා. ජනප්‍රියත්වය සහ දක්‍ෂතාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.

 

ඔබට අවස්ථාව ලැබෙන්නේ ඇයි?

මම හිතන්නෙ මගේ වාසනාවට කියලා.

 

දක්‍ෂතාවට අවස්ථාව ලැබෙන්නේ නැද්ද?

දක්‍ෂතාවටත් අවස්ථාව ලැබෙනවා. ඉතිං මොන දේ වුණත් වාසනාවත් තියෙන්න ඕන.

 

‘නෙතූ’ට තාමත් ගොඩක් දෙනා ආදරය කරනවා නේද?

ඔව්. ගොඩක් දෙනා ඒ චරිතයට ආදර කරනවා. දැන් නාට්‍යය ඉවර වෙලත් ලොකු කාලයක් වෙනවා. තාමත් මිනිස්සු දැක්කාම කතා කරනවා. ඒ ‘නෙතූ’ කියන චරිතයට තවමත් මිනිස්සු ආදරය කරනවා.

 

ඔබ සහ නෙතූ සමානයිද?

ටිකක් විතර සමානයි.

 

පෞද්ගලික විස්තර කිව්වොත්?

පවුලේ ඉන්නේ මට අක්කලා දෙන්නයි. තාත්තා ජීවතුන් අතර නැහැ. තාත්තව මතක් කරන්න ඕන. මොකද එයා තමයි මාව මුලින් වෙළෙඳ දැන්වීමකට එක්කගෙන ගියේ. අද මම තැනක ඉන්නවා නම් ඒ එයා හින්දා.

 

තාත්තා හිටියා නම් අද මොකද හිතන්නේ?

අද තාත්තා හිටියා නම් එයා ගොඩක් සතුටු වෙයි.

 

සමාජ මාධ්‍ය ඔස්සේ නිරූපණට හානියක් වෙනවා නේද?

හානියක් වගේම හොඳ දෙයකුත් වෙනවා කියලයි මම හිතන්නේ. නිරූපිකාවක් කිව්වාම අද ගොඩක් අය හිතන්නේ වැරදි විදිහටයි.

 

ඒ සමාජය දකින ක්‍රමයද? නැත්නම් නිරූපිකාවකගේ හැසිරීම නිසාද?

සමහර අය කරන වැරදි නිසා සහ මිනිස්සු දකින ක්‍රමය නිසා තමයි ගොඩක් අය මේ ක්‍ෂේත්‍රය දිහා වැරදි විදිහට බලන්නේ. අපි දකින විදිහ වෙනස් කරන්න බැහැ.

 

ආදර යෝජනා එහෙම එන්නේ නැද්ද?

අනේ ගොඩක් එනවා. ඒවා පිළිගන්නේ නැහැ.

 

කරදරයක් වෙන අය නැද්ද?

ඇණයක්ම වුණොත් ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරලා දානවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2018-12-13-ent-44