'පතිබ්බතා' යොවුන් වියේ ආදර කතාවක් නොවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1585

ආරාධනා ඒකනායක. බොහෝ දෙනෙකු ඇය දන්නේ ගී පද රචකාවියක් විදිහටය. එයට හේතුව ඇය අතින් ජනප්‍රිය ගීත ප්‍රමාණයක් බොහෝමයක් ලියැවි තිබීමය. කෙසේ වෙතත්, පසුගියදා ඇය අතින් ලියැවුණ සිය කුළුඳුල් නව කතාව නිකුත් කළේය. එය නමින් "පතිබ්බතා"ය. මේ කතා බහ දිග හැරෙන්නේ ආරාධනා අතින් ලියැවුණු සිය නවකතාව පිළිබඳවය.2019-08-09-ent-1584

 

ගී පද රචකාවියක් නව කතාකාරිණියක් වුණේ කොහොමද?

නවකතාවක් ලියන අදහස මගේ හිතට ආවේ මම ගුවන්විදුලි නාට්‍ය වලට සම්බන්ධවෙලා හිටපු කාලයේ. නමුත්, ඒ කාලයේ විවේකය අඩුකම හෝ මගේ කම්මැලිකම නිසා මට ඒක කරගන්න බැරිවුණා. නමුත් මම හිතනවා සුදුසු කාලයේදී මට එය එළිදක්වන්න පුළුවන්කම ලැබුණා කියලා .

 

"පතිබ්බතා" කුමන විදිහේ නිර්මාණයක්ද?

"පතිබ්බතා" නව යොවුන් වියේ ආදර කතාවක් නොවෙයි. මේ කතාව අනූව දශකයේ රජරට ගම්මානයක පවුල් කිහිපයක් අතර සිදුවුන සිද්ධි මාලාවක් ඇතුළත් කතාවක්. මෙහි චරිත බොහෝ නෑ. ඒ වගේම මුළු කතාවම අවුරුදු පහක් වගේ කාලයක් අතර දිවයන්නක්. සමාජයේ අපි අතර පවතින ගැහැණු පිරිමි සම්බන්ධකම් ගැන කියවෙනවා. ගැහැණු, පිරිමින්ගේ ආදරය දකින, බලාපොරොත්තු වෙන විදිය. ඒ වගේම පිරිමි, ගැහැණු දකින විදිය මම හිතෙනවා පාඨකයට නවකතාව කියවීමෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා .

 

පොතක් ලිව්වේ නමක් හදාගන්නද?

පොතක් ලිව්වේ ආසාවට. ඒක මුළුමනින්ම ව්‍යාපාර චේතනාවකින් කරපු දේකුත් නොවේ. එහෙම වුණා නම් මම මීට වඩා වෙනස් විදියේ පොතක් වෙනස් නමකින් කරනවා. නවකතාකාරියක් විදියට අලුතෙන් නම හදාගන්නවාට වැඩිය මම කැමතියි ගී පද රචිකාවියක් විදියට හදාගත්ත නම ඉදිරියට පවත්වාගෙන යන්න.

 

වර්තමානයේ පොත් කියවන පිරිසක් ඉන්නවාද?

පොත් කියවන පිරිස අඩු ඇති. මම වුණත් ඉස්සරට වඩා පොත් කියවනවා අඩුයි. ඒ වගේම පොතක් කරන වියදම දරලා ඒක පාඨකයන් අතරට ගෙනියන්න ක්ෂේත්‍රයේ නමක් හදානොගත්ත කෙනෙක්ට අභියෝගයක්. මගේ පොතට සුබවාදී ප්‍රතිචාර ලැබෙන නිසා මම බලාපොරොත්තු තියාගෙන බලා ඉන්නවා.

 

ගී පද රචකාවියක් විදිහට මෑතකදී වැඩ කළේ නැද්ද?

මාස දෙකකට විතර පෙර ශශිකා නිසංසලාට %රාවණා^ නමින් ගීතයක් කලා. එහි සංගීතය දර්ශණ වික්‍රමතුංග. සුභාවිත ගීතවලට කැමති පිරිසගෙන් ඒ ගීතයට හොද ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම evoke ආයතනය මගින් අසංක ප්‍රියමන්ත පීරිස්ට ගීතයක් පද රචනා කළා. ඒ හැරුණාම ගොඩක් ගීපද රචනා ඉල්ලගන්නේ නවකයින්. මේ කාලයේ ගීතයක් රසිකයින් අතරට ගෙනයෑම පහසු නොවන නිසා ඒවා ජනප්‍රිය තලයට පැමිණෙනවා අඩුයි. මේ හේතුව නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ගීපද රචනා වෙන්නේ නෑ කියලයි.

 

කතා බහ - බුද්ධික සේනාධීර

 

2019-08-09-ent-1583   2019-08-09-ent-1586