පංසලට යන විදිය, පාටියකට යන විදිය එකකට එකක් වෙනස්
නිරූපිකාවක් වෙන්න ආසාව තියෙන ගෑණු ළමයි ඕන තරම් ඉන්නවා!
මේ ක්ෂේත්‍රයට එන්න ආසාව, වුවමනාව තියෙන කෙනෙක්ට මම මුලින්ම කියන්නේ තමන් ගැන හිතන්න ඕන කියලා තමයි. ඒ කියන්නේ එකක්, තමන්ගේ රූපය, සිරුර ගැන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම විශ්වාසයක් ඇති වෙන්න නම් තමන්ගේ රූපය සහ ශරීරය හොඳට පවත්වා ගන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ තත්වය රැකගෙන, මේක වෘත්තියක් විදියට කරන්න, තමන්ගේ වැඩේ හරියට කරලා යන්න හැකියාව තියෙන්න ඕන. ඇත්තටම ආසාව විතරක් තිබුණට විතරක් මදි. තමන්ට මේ ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්න වුවමනායි කියලා හිතනවා නම්, තමන් ගැන විශ්වාසය තියෙන්න ඕන. අර මම කිව්ව දේවල් කරන්න, කැපකිරීම් කරන්න, කැපවීමෙන් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ ටාගට් එකට යන්න පුලුවන් වෙන්නේ ඒ විශ්වාසය තියෙනවා නම් තමයි. මම හිතනවා මේ ක්ෂේත්‍රයට එන්න වුවමනාවක්, උනන්දුවක් තියෙන කෙනෙක්ට මේ විදියට වැඩ කරන්න පුලුවන් නම් ඉහළටම යන්න පුලුවන්, වරදින්නේ නැහැ කියලා.
ඇඟෙන් එන දෙය වගේම ඉගෙනීමෙන් එන දෙයත් තියෙන්න ඕන විශිෂ්ට නිරූපිකාවක් වෙන්න නම්!
නිරූපණ ශිල්පියෙක් ශිල්පිණියක් වෙන්න පුහුණු පාසැලකට ගිහින් ඉගෙන ගන්න ඕනෑමයි කියලා එකක් නැහැ, මම හිතන විදියට. නිරූපිකාවන් පස් දෙනෙක් ගත්තොත් පස් දෙනා පස් විදියක්. මේ පස් දෙනාගෙන් කීපදෙනෙක් ඉන්න පුලුවන් උපතින්ම හැකියාව ගෙනාපු. ඒ කියන්නේ හැකියාව ඇඟේ තියෙන. හැබැයි එහෙම හැකියාව ඇඟේ තිබුණත් අපිට වරදින අවස්ථා ඕන තරම් තියෙනවා. සරල උදාහරණයක් විදියට ගත්තොත් රෑම්ප් එකක අපිට ඕන ඕන විදියට වෝක් කරන්න බැහැනේ. ඒකට එක් එක් ආකාරයන්, විධි ක්‍රම තියෙනවා. ඉතින් මේ දේවල්, වරදින්න පුලුවන් දේවල් දැනගන්න අපිට ප්‍රවීණයින්ගෙන් ගුරුහරුකම් ගන්න වෙනවා. එහෙම නැතිනම් එහෙම උගන්වන ආයතනයකට යන්න වෙනවා. එහෙම ප්‍රවීණයෙක් යටතේ ඉගෙන ගන්න එකෙන් තියෙන එක වාසියක් තමයි නිවැරදිව ශාස්ත්‍රය ඉගෙන ගන්න ලැබීම. ඒ වගේම තවත් වාසියක් තමයි ඒ ප්‍රවීණයෝ තමන්ගේ ජූනියර් කට්ටියට අවස්ථාවන් උදා කරලා දෙන එක. ඒ අය නිසා අපිවත් ප්‍රොමෝට් වෙනවනේ. මම රොසෑන් ඩයස්ගෙන් ඉගෙන ගෙන තියෙන්නේ. එතකොට රොසෑන් දන්නවා මට වරදින තැන්. මගේ දුර්වලතා වගේම මගේ ප්‍රබලතා. එතකොට රොසෑන් මාව හරියටම හදලා තවත් කෙනෙක්ට හඳුන්වලා දෙනවා මෙයා හොඳ මොඩ්ල් කෙනෙක් කියලා. ඉතින් තනියෙන් ගමනක් යන්න හදන්නේ නැතුව, ප්‍රවීණයින්ගේ උපදෙස් සහ ඉගැන්වීම් අරගනිමින් ගමනක් යන එක වඩා සාර්ථකයි, වඩා ස්ථාවරයි කියලා තමයි මට හිතෙන්නේ.
ඕනම ගෑණු ළමයෙක්ට පොදුවේ විඳින්න වෙන හිරිහැර
මොඩ්ල් කෙනෙක්ට නෙවෙයි, සාමාන්‍ය ගෑණු ලමයෙක්ට වුනත් අද ලංකාවේ පාරක යන්න බැහැ කියන එක අපිට පිලිගන්න වෙනවා. පාරේ තනියම ගියොත් අඩුම ගානේ කාර් එකක් හෝන් කරගෙන හරි යනවා. මේ මිනිස්සුන්ගේ හැඟීම්. මේ හිරිහැර කිරීම් වැරදියි. හැබැයි ඒ ගැන අපි ඕන තරම් කතා කරනවනේ. ඒ නිසා ගෑණු ළමයින්ගේ පැත්තෙනුත් නිවැරදිව ඉන්න ඕන. අපි මුලින්ම මතක තියාගන්න ඕන මේක ලංකාව කියන එක. ඒ නිසා තමන් එළියට බහිනකොට අඳින ඇඳුම පැළඳුම ගැන හරියට හිතන්න ඕන මම හිතන්නේ. පාරේ යන විදිය, පංසලට යන විදිය, පාටියකට යන විදිය එකකට එකක් වෙනස්. මේ එක් එක් විදිය ගැන ඔලුවේ තියාගෙන ගෑණු ළමයෙක් වුනහම ඇඳුම් පැළඳුම් කරන්න ඕන කියන එකයි මගේ මතය. ඕනෑවට වඩා කොටට ඇඳගෙන බස් එකේ යනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ප්‍රශ්න ඇති නොවෙන්නයි ඕන හරිනම්. ඒත් අපි යතාර්ථය ගත්තොත් අපිට එහෙම කරන්න බෑනේ. අන්න ඒක ඔලුවේ තියාගන්න ඕන.
මම මේ දවස් වල චැනල් සී එකේ චාට් ෂෝ එකේ ඇන්කර් කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඊට අමතරව ඉතින් මොඩ්ල් කෙනෙක් විදියට තියෙන වැඩ තමයි. අනාගතයේදී රංගනයට එකතු වෙන්නත් අදහසක් තියෙනවා.
Body Stats: 32, 27, 29
Height: 5’ 5’’
Eye color: Brown
Hair complexion: Black
Text
Pathum Punchihewa
Photography
Malaka Weligodapola
Graphics
Anushi Dantanarayana
Make up
Sandu Mallawa Arachchi