නොදැන ‘ඩයට්’ කළොත් වෙන්නෙ කැතවෙන එක
2018 දෙරණ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබූ ඇය අද රංගන ශිල්පිනියකි. ගුවන් සේවිකාවකවීමේ ආසාවෙන් සිටි ඇයගේ දෛවයේ හැරවුම් ලක්ෂ් ය බවට අවුරුදු කුමරි තරගය ජයග්‍රහණය හේතුවී ඇත්තේ අපූරුවටය. සුන්දර ඇගෙන් ලස්සන රහස් පිටුව සරසන්නට බොහෝ දේ අසන්නට ඇති නිසාම අපි කතාබහ ආරම්භ කළෙමු. අවිශ්කා උමයංගි........
හොඳින් ඉන්නවා.
මේ දවස්වල කෙරෙන වැඩ මොනවද?
සංගීතේ ටෙලිඩ්‍රාමා එකේ වැඩ තමයි දිගටම කරගෙන යන්නේ.
සුන්දරත්වය නිසාමද අද ඔබ මේ ක්ෂේත්රයට පිවිසෙන්නේ?
ඔව්. පළමු කාරණය සුන්දරත්වය. රංගන ක්ෂේත්රයේ වගේම අනෙකුත් ක්ෂේත්රවල රැඳෙන්න නම් අවශ්‍ය වුණේ දක්ෂතාවය.
සුන්දරත්වයට, ලස්සනට තැනක් ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?
ඔව්. ඕනෑ කෙනෙකුව මුලින්ම අපි හඳුනාගන්නේ සුන්දරත්වයෙන්. සුන්දරත්වය තියෙන කෙනෙකුට තමා නියැලෙන ක්ෂේත්රයේ අවස්ථාවන් ගොඩක් විවර වෙනවා කියලා මම විශ්වාස කරනවා.
ලස්සනට ඉන්න මොනවාද කරන්නේ
කෑම බීමනම් ලොකුවට පාලනය වෙන්නෑ. ඒත් වතුර ගොඩක් බොන එකයි, ජිම් එකට ගිහින් ව්‍යායාම කරන එකයි අනිවාර්යයෙන්ම කෙරෙනව. ඉස්සරනම් ඇඟ ටිකක් වැඩිවෙනකොට Diet plan එකක් කළා. එතකොට කෑවේ දවසකට එක වේලක් විතරයි. දැන්නම් මම ඒ වැඩේ කරන්නෑ. එහෙම නොකා ඉන්න ගිහිල්ලා කොණ්ඩේ යන්න ගත්තා. නියපොතු අවපැහැ වුණා. කොටින්ම කියනවා නම් නොදැන Diet කරන්න ගියොත් වෙන්නේ අපි ඉබේම කැත වෙනවා. ඒ නිසා දැන්නම් මම ඩයට් කරන්නෑ. තුන් වේලටම පෝෂ්‍යදායි සමබල ආහාරයක් ගන්නවා. මේ ඇරෙන්න සතියකට දවස් තුනක් ජිම් එකට ගිහින් workout කරනවා. ඇඟේ බර නියමිත ප්‍රමාණයෙන් බලා ගන්න මම app එකක් download කරලා තියෙන්නේ. ඒ app එක අනුව ශරීරයේ කැලරි ප්‍රමාණය වැඩි වෙනවා නම් මම සැළකිලිමත් වෙනවා.
ඊට අමතරව හම ලස්සනට තියා ගන්න හැමදාම උදේට ගස්ලබු ජූස් එකක් බොනවා. ගස්ලබු ජූස්වලට ඇඟ සුදු වෙනවා. ඒ වගේමයි කොමඩු. කොමඩු ශරීරයේ තෙතමනය ආරක්ෂා කර ගන්න හරිම ප්‍රයෝජනවත්. ඇලිගැට පේරවලටත් මම ගොඩක් ආසයි.
කොණ්ඩය ආරක්ෂා කර ගන්න මොනවාද කරන්නේ
සුමානයට දවසක් කොණ්ඩයට තෙල් සාත්තුවක් කරනවා. ඊට අමතරව හාල් රැයක් පෙඟෙන්න තියලා උදේට ඒ වතුර ඔළුවේ දාලා හොඳට මසාජ් කරලා පැයක් විතර තියලා නානවා. ඒ ස්වභාවික සත්කාරයට හිසකෙස් වැටීම නතර වෙලා හිසකෙස් වැවීම හොඳින් සිද්ධ වෙනවා.
තවත් දෙයක් තමයි කොණ්ඩයට හරිම හොඳයි කජු, රටකජු, ආමන්ඩ් වගේ දේවල්. එවත් සුමානයට දවස් තුනක් පාවිච්චි කරනවා.
ස්වභාවිකව ගල්වන ආලේපන මොනවාද?
කෝපි කුඩුවලට සුදු සීනි ටිකක් කලවම් කරලා හදා ගන්න ස්ක්‍රබ් එකකින් මුහුණ, ඇඟ සුමානයට දවසක් ස්ක්‍රබ් කරනවා. පුළුවන් වෙලාවට මී කිරි, දෙහි, කහ මිශ්‍ර කරලා පැක් එකක් හදලා මූණෙ ගානවා. ඊට අමතරව සම ආරක්ෂා කර ගන්න හිරු එළියට යන්න කලින් suncream එකක් පාවිච්චි කරනවා. මේකප් කරන්න කලින් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගල්වලා ඊට උඩින් මේකප් කරන එකත් පුරුද්දක්. අලිගැට පේර මදයට මීපැණි ටිකක් කලවම් කරලා මූණේ ගාන එකත් මම ඉඳහිට කරනවා.
ලස්සනට ඉන්න එක වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්. ලස්සනට ඉන්නකොට අපිට හැමෝම ආදරෙයි. ගෙදරක, රැකියා ස්ථානයක විතරක් නොවේ යන හැම තැනකම පිරිසිදුව පිළිවෙලට, ප්‍රියමනාපව සිටිනවා නම් අපිට වටිනාකමක් එකතුවෙනවා. උපතින් ලැබුණු ලස්සන වයසට ගැලපෙන විදිහට ආරක්ෂා කර ගැනීමයි අපි නිරතුරුවම කළ යුත්තේ.
සුදු ලස්සනයි කියලා වර්තමානයේ හැමෝම හිතනවා නේද?
ඔව්. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. කළු සමත්, තලෙළු සමත් තියෙන කෙනෙකුට වුණත් තමන්ගේ හම ලස්සනට, පිරිසිදුව තියා ගන්න පුළුවන් නම් ඔවුන්ගෙත් සුන්දරත්වයක් මතු වෙනවා. හමේ පාටම නොවේ ලස්සන කියා මා දකින්නේ.
හිත ලස්සන වෙන්න මොනවද කරන්නේ ?
පුළුවන් හැම වෙලාවකම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා. නිවාඩු වෙලාවට භාවනා කරලා මනස සැහැල්ලු කර ගන්න උත්සාහ ගන්නවා. හිතේ ඊර්ෂ්‍යාවක්, තරහක් නැතිනම් අපි නිකම්ම ලස්සන වෙනවා කියලා මම විශ්වාස කරනවා.
ලස්සන වෙන්න මුදල් ඕනේද?
ලොකුවට සල්ලි නැතත්, අපි අපි වෙනුවෙන් දවසකට පැය බාගයක් වෙන්කර ගන්න පුළුවන් නම් අපි අපේ වයස අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්නවා නම්, මුලින් කිව්වා වගේ පිළිවෙලට, පිරිසිදුව ප්‍රියමනාපව ඉන්නවා නම් අපිට අපේ ලස්සන රැකගන්න ඒක අභියෝගයක් වෙන්නේ නෑ.
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව ?
මේ ලෝකයේ ඉන්න හැමෝම ලස්සනයි කියලා මට නම් හිතෙන්නේ. ඒ නිසා එක් කෙනෙක්ව විශේෂයෙන් සඳහන් කරන්න බෑ.
විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?
ඔව්. මට ගැලපෙන, මගේ ඇඟේ හැඩයට ගැලපෙන විදිහට විලාසිතා තෝරා ගන්නවා.
ඇඟට වඩාත්ම ගැලපෙන පාට ?
සුදු, කහ, රතුපාට ඇඳුම් ඇන්දාම මම ගොඩක් ලස්සනයි කියලා හිතනවා.
ඔච්චර ලස්සන වෙලා ඉපදුනේ කුමක් නිසා කියලාද හිතන්නේ
මගේ අම්මයි, තාත්තායි දෙන්නම ගොඩක් ලස්සනයි. ඒ නිසා වෙන්න ඇති මමත් ලස්සනට ඉපදෙන්න ඇත්තේ. පෙර කුසලයකුත් බලපාන්න ඇති කියලා විශ්වාස කරනවා.
ඔබ ලස්සනයි කියලා ඔබට දැනුණේ ?
පාසල් කාලයේ දී නම් ලස්සනයි කියලා දැනුනේම නෑ. ඒත් අවුරුදු කුමාරි තරගයට තරග වදිනකොට මට හිතුණා මම ලස්සනයි කියලා. ඒත් මට හැම තිස්සේම හිතෙනවා මට වඩා ගොඩක් ලස්සන අය මේ ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා කියලා. ඒ නිසා ලස්සන ගැන නම් මම කවදාවත් ආඩම්බර වෙන්නෑ.
අසුන්තා එදිරිසූරිය
ඡායාරූප: ජනිත් රසන්ග