නීතිඥවරියක් වෙන්න තමයි හීන දැක්කේ
හිරුෂි කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ ළමා නිවේදිකාවක් ලෙසින්. ඉන් අනතුරුව ඇය රේඩියෝ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙසින් කටයුතු කරනවා. දෙරණ අවුරුදු කුමරිය 2018හිදි හිරුෂි එහි දෙවන ස්ථානය ලබාගන්නවා. ඉතින් හිරුෂිට මෙවර සාරවිට තුළින් ඉඩක් ලබාදුන්නේ මේ විදිහට.
මම හිරුෂි වසුන්දරා උයනහේවා. මට වයස අවුරුදු 23යි. මම ඉන්නේ ගම්පහ. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ මාතර ඌරුබොක්ක ජාතික පාසලට. පසුව ශිෂ්‍යත්වයෙන් පාසලේ වැඩිම ලකුණු ලබාගෙන ගම්පහ රත්නාවලියට එනවා. උසස් පෙළ කාලය වනවිට මම පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙනවා. ඒ විදිහට තමයි පාසල් කාලය ගෙවුණේ. කතානායක කරූ ජයසූරිය මැතිතුමා නොමිලේ පවත්වනු ලබන පරිගණක පංතියකට මම ස්වේච්චා ගුරුවරියක් විදිහට පරිගණක අධ්‍යාපනය උගන්වනවා.
එතකොට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ?
මම 2007 පටන් සිරස නාලිකාවේ විකාශය වුණු පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාව විදිහට කටයුතු කරා. සාමාන්‍ය පෙළ නිසා ඒ වැඩකටයුතු පසුව නැවැත්වූවා. ඊටපස්සේ සාමාන්‍ය පෙළින් අනතුරුව සිරස F.M නාලිකාවේ සජීවී ගීත ඉල්ලීම් වැඩසටහනක නිවේදිකාවක් ලෙස කටයුතු කරා. 2009 වසරේ ජාතික රූපවාහිනියේ රාවණා අඩවිය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණා. සාමාන්‍ය පෙළින් පස්සෙ නම් නිවේදන කටයුතුවලට ඇරෙන්න වෙන කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. මේ අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් මම දෙවන ස්ථානය ලබා ගන්නවා. ඒ තරඟයෙන් පස්සේ ආරාධනා කිහිපයක් ලැබුණා. දෙරණේ ජූනි මාසේ තිබුණු පොසොන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. තව දෙරණ නාලිකාවේම විකාශය වන දෝන කතරිනා ටෙලි නාට්‍යයටත් ආරාධනා ලැබුණා. තවම ඒකට සම්බන්ධ වෙනවාද කියලා තීරණය කරලා නැහැ. ඉදිරියේදී දෙරණේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකටම එක්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ෆොටෝෂූට් කිහිපයකුත් මම තෝරා බේරාගෙන කරලා තිබෙනවා.
ඔබ ළමා නිවේදිකාවක් විදිහට ක්ෂේත්රයට පැමිණෙන්නේ. නිවේදිකාවක් විදිහට ඔබ ලැබූ අත්දැකීම් කොහොමද?
ඔව්.. මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා නිවේදන, රංගන, නර්තන කටයුතුවලට සහභාගී වුණා. පාසල් කාලයේදී පවා මම විශය බාහිර කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන ගියා. ඇත්තටම පුංචි පැංචි වැඩසටහනට සහභාගී වීමට ලැබීම ලොකු අත්දැකීමක් වුණා මට. සජීවීව වැඩසටහනක නිවේදනය කරන්නේ කොහොමද, වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කොහොමද, නිවේදනය කියන්නේ මොකද්ද වගේ දේවල් පුංචි පැංචි වැඩසටහන නිසා ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන් අපි ආදරය කරපු චරිත සමග කතා කරන්න ලැබීම අපිට ලොකු අවස්ථාවක් වුණා. එතනින් රේඩියෝ නිවේදිකාවක් විදිහට වැඩකටයුතු කිරීමේදීත් ඒක ජීවිතයට හොඳ අත්දැකීමක් වුණා. රේඩියෝ නිවේදිකාවක් විදිහට කතා කරන්නේ කොහොමද, රූපවාහිනී නිවේදිකාවක් සහ රේඩියෝ නිවේදිකාවක් වෙනස් වෙන්නේ කොහොමද, වැඩසටහන් නිෂ්පාදනය වෙන්නේ කොහොමද වගේ දේවල් එතනින් අපිට ඉගෙන ගන්න ලැබුණා.
හිරුෂිගේ අනාගත බලාපොරොත්තුව?
නීතිඥවරියක් වෙන්න තමයි පොඩි කාලේ ඉඳලාම හීන දැක්කේ. උසස් පෙළින් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවස්ථාව ලැබිලත් මම ඒක මග ඇරලා විවෘත විශ්ව විද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගය කරා. ඊටපස්සේ මම නීතිවේදී උපාධිය හදාරන්න පටන් ගන්නවා. හැබැයි මම ආසා කරා නිවේදිකාවක් වෙන්නත්. ඒක නිසා තමයි පොඩි කාලේ ඉඳලාම නිවේදනයට සම්බන්ධ වුණේ.
ඔබ අනාගතයේදී නීතිඥවරියක් වූවාට පසුව නිවේදන කටයුතු සහ කලා කටයුතු අත් හරිනවාද?
මම නීතිඥවරියක් වෙන්න පොඩිකාලේ ඉඳලාම ආස කරත් නිවේදනයටත් මම ආදරය කරා. ඒක නිසයි ළමා නිවේදිකාවක් විදිහට වැඩසටහන් ඉදිරිපත් කරේ. ඒකට පුංචි පැංචි ගොඩක් උපයෝගී වුණා. මම හිතනවා ඉදිරියටත් මම නිවේදන කටයුතු සහ කලා කටයුතු අත් හරින්නේ නැතිව සමබරව කරගෙන යයි කියලා.
මේ ගමනේදි මතක් කළ යුතු පිරිසක් ඇතිනේ. ඒ අය ගැන කිව්වොත්?
ඔව් මුලින්ම මතක් කරන්න ඕනේ මගේ පවුල. අම්මයි තාත්තයි මගේ හැමදේකටම ළඟින් ඉන්නවා. එතකොට අක්කයි මල්ලිලා දෙන්නයි එහෙමයි. ඊටපස්සේ මතක් කරන්න ඕනේ ඉසුරු පුලස්ථි අයියාව, ප්‍රදීප් මහේෂ් මාමාව, දෙරණ නිෂ්පාදන කණ්ඩායම, ලක්සිරි සර්ව, එතකොට මගේ පාසලේ යාළුවෝ, පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු මේ හැමදෙනාවම මම මේ වෙලාවේදී මතක් කරනවා සහ ස්තූතියි කරනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද