නිළියක් විදිහට මාව හඳුන්වනවා නම් මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-31-ent-138

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිස වර්තමානය වනවිට වෘත්තීමය රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ධනංජනි බණ්ඩාර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් තුළින් ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින ධනංජනි ඒ පිළිබඳව අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.

 

ක්ෂේත්‍රයට ඔබ එන්නේ?

2017-01-31-ent-1372013 වසරේදියි. ක්ෂේත්‍රයට මුලින්ම ආවේ නිරූපිකාවක් විදිහට. ඡායාරූප ශිල්පියෝ කිහිප දෙනෙක් මට ඔවුන්ගේ පොටෝ ෂුට්වලට කතා කළා. ඊට පස්සේ ඒ වැඩ හරහා මාව බොහෝ පිරිසක් හඳුනගත්තා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට වුණත් දැන් ඔබ රංගන ශිල්පිනියක්?

ඔව්, දැනට මම ටෙලි නිර්මාණ 7ක් විතර රඟපාලා තියෙනවා. ‘සුසමට පවා රහසින්’, ‘ඉඩ දෙන්න’, ‘සූරියබානු’ හා ‘දුර්ගනාත්නය’ දැනට මෙම පෙනී සිටි ටෙලි නාට්‍යය. තවත් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා ‘පාරාදිසේ’, ‘ධරණි’ හා ‘දුර්ගාත්ම’ කියන ටෙලි නාට්‍යය.

 

චිත්‍රපටයකටත් ඔබ මෑත කාලයේ සම්බන්ධ වුණා නේද?

‘Talking WITH the WING’ කියන චිත්‍රපටයේ තමයි මම රඟපෑවේ. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙත් මම. මෙම චිත්‍රපටය විශේෂත්වය නම් එය භාෂා ත්‍රිත්වයකින් හඬකවලා තියෙනවා.

 

වර්තමානය වනවිට ධනංජනි කියන්නේ නිරූපිකාවක්ද රංගන ශිල්පිනියක්ද?

රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වනවාට මම කැමතියි. මොකද, නිරූපණ කටයුතුවලට දැන් මම සම්බන්ධ වෙන්නේ නැතිතරම්. ඒ පැත්තෙන් ඉවත් වෙලා තියෙනවා. දිගටම රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි මගේ අදහස වෙලා තියෙන්නේ.

 

රංගන ශිල්පිනියක් විදිහට ඔබට තියෙන ඉලක්ක මොනවද?

නිළියක් විදිහට මම ආසයි ගොඩක්ම මගේ දායකත්වය සිනමාවට ලබා දෙන්න. වාණිජ්‍යමය චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න නම් මම කැමති නැහැ. අපේ රටේ දැන් ගොඩක් කලාත්මක චිත්‍රපට නිර්මාණය වෙනවා අඩුයි. කලාත්මක චිත්‍රපට කරන්නේ සීමිත අධ්‍යක්ෂවරු පිරිසක් පමණයි. ඒ කොහොම වුණත් මගේ අරමුණ රංගනය හොඳට හදාරලා හොඳ කලාත්මක නිර්මාණවලට දායකවෙන්න.

 

ක්ෂේත්‍ර ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් කලකිරීමෙන් ඉන්නේ.

 

ඇයි ඒ?

වැඩකට කතා කරද්දී ඒ වැඩේ ගැන දැනගන්න ස්ක්‍රිප්ට් එකක් නැහැ. දෙන ස්ක්‍රිප්ට් එකෙත් ඩයලෝග් විතරයි තියෙන්නේ. නළුවෙක්ට නිළියක්ට වැඩ කතා කළාහම ලැබෙන සැලකිල්ල අඩුයි. හොඳ නම් ගොඩක්ම අඩුයි මේ ක්ෂේත්‍රය තුළ.

 

උදවු කළ පිරිසකුත් ඇති?

උදවු කරපු අය නම් ගොඩක් ඉන්නවා. ඒ අතරින් ගිහාන් හෙට්ටිආරච්චි අයියාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඒ වගේම හැම කලා නිර්මාණයක් සඳහා සම්බන්ධ කරගත්ත අධ්‍යක්ෂවරු සියලු දෙනාටත් මේ වෙලාවේදී මගේ ස්තුතිය පිරිනමන්න අවශ්‍යයි. එයාලාගේ උදවුවෙන් තමයි මම මේ තැනට ආවේ.

 

බුද්ධික සේනාධීර/ඡායාරූප - රණුක විජේවර්ධන

 

2017-01-31-ent-135
2017-01-31-ent-136