නිළිය කියන කෙනා හරි ගෞරවණීය චරිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-212

දෙවනි ඉනිම ඔස්සේ රසික ආදරය ලබමින් ජනප්‍රිය සම්මාන හිමි කර ගනිමින් පුංචි තිරයේ කැපී පෙනෙන චරිතයක් ලෙස ඇයව හැඳින්විය හැකිය. නමින් ඇය නයනතරා වික්‍රමආරච්චි. මෙවර තරු කතා බහ ඇයත් සමගිනි.

 

දෙවනි ඉනිම එක්ක තාමත් කාර්යය බහුලයි නේද?2019-07-08-ent-213

ඔව්ඔඔව්. දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ වැඩ සහ තවත් චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා ඒ වැඩකටයුතු කිහිපයක් එක්ක තමයි කාර්යය බහුල වුණේ.

 

දෙවනි ඉනිම ටෙලි නාට්‍යය එක්ක දීර්ඝකාලයක් සම්බන්ධ වෙලා ඉද්දී එපා වීමක් නැද්ද?

මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ දෙවනි ඉනිම හරහායි. මම ඒකත් එක්ක රැඳිලා ඉන්න ඕනේ කියලා මම හිතනවා. ඒවගේම මට එපා වීමක් නැහැ. ප්‍රේක්ෂකයන් මට ආදරය කරන්නේ ඒ චරිතය හරහායි. මං ඒ දෙයට ගරු කරනවා. එතනින් ලැබුණ දේවල් නිසා ඒ දෙයට මම පයින් ගහන්නේ නැහැ.

 

සම්මාන නම් දැන් ගොඩයි නේද?

ඔව් ඇත්ත. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. මම අද යම් කිසි තැනක ඉන්නවා නම ඒකේ සම්පූර්ණ ගෞරුත්වට හම්බ වෙන්න ඕනේ මගේ රසිකයන්ට. අපි කොච්චර නිර්මාණ වලට දායක වුණත් ඒ අය තමයි අපිව මේ තැන තියන්නේ. රසිකයන් නැතිනම් කලාකරුවෙක් බැබලෙන්නේ නැහැ. අපි කරන හැම නිර්මාණයම රසවිඳින්නේ ඔවුන් සහ ඒකේ හොඳ නරක කියන්නේ. ඒ නිසා මගේ ආදරණිය ප්‍රෙක්ෂකයන්ට මම හදවතින්ම ස්තූති කරනවා.

 

චිත්‍රපට ගැනත් කියමු බලන්න?

මං රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක් නම් එළිදැක්වූවා. ඒ එක දවසක අපි කියන චිත්‍රපටයයි. ඊට පස්සේ ‘මරීන් ඩ්‍රයිව්’ සහ ‘පාර්පෝර්ට්’ කියලා චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තව කලින් කරපු චිත්‍රපට දෙකක් එළිදක්වන්න තියෙනවා.

 

දෙවනි ඉනිමට අමතරව වෙනත් නාට්‍යය සඳහා දායක වෙන්නේ නැත්තේ ඇයි?

 

මම වැඩ ගොඩාක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ එතකොට හරියට එක වැඩක්වත් කරන්න බැරිවෙනවා කියලයි. චිත්‍රපට කෙටි කාල සීමාවයි. ඒ නිසා ගොඩක් ආසාවෙන් කරනවා. ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කියනනේ ලොකු වගකීමක්. ටෙලි නාට්‍යයක් කියන්නේ දීර්ඝ කාලයක් ඒ තුල රැඳලා ඉන්න ඕනේ කියන එකයි. ඒ නිසා තමයි මම දීර්ඝ ටෙලි නාට්‍යය බාර ගන්නේ නැත්තේ. හැබැයි කොටස් ගානක නිශ්චිත ස්ක්‍රිප්ට් එකක් තියෙන කොටස් 50 කට 60 කට සීමා වුණු හොඳ ටෙලි නාට්‍යයක් අවොත් අනිවාර්යෙන්ම බාර ගන්නවා. ඊට අමතරව චිත්‍රපට තමයි ගොඩක් වෙලාවට කරන්නේ. හැම නිර්මාණයක් බාර ගන්න එක හොඳයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා සීමා ඇතුව නිර්මාණ බාර ගන්නේ.

 

වර්තමාන කලා ක්ෂේත්‍රය පසුබෑමක් නැද්ද?

කාලව කියන්නේ සිනමා සහ රූපවාහිනි කියන දෙකම අයිති වෙනවානේ. සිනමාව පැත්තෙ ලොකු පහුබෑමක ඉන්නවා කියලා අපිට අකමැත්තෙන් වුණන් පිළිගන්න වෙනවා. රූපවාහිනියේ වුණත් හොඳ නිර්මාණ සිද්ධ වෙන්නේ අඩුවෙන්. දැන් නිර්මාණ ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කලාව කියන දේ ගෞරවණීය වෘත්තීමයක් විදිහට කරගෙන යන්න අපහසුතාවයක් තියෙනවා. හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙනවා නම් හොඳ ගමනක් යන්න වෙනවා.

 

නවකයන් චෝදනා කරන කාරණාවක් තමයි ඉදිරියට යන්න අවස්ථා ලැබෙන්නේ නැහැ, එවැනි අවස්ථාවන් දෙන්න අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදකවරයා හෝ එවැනි පුද්ගලන් ලිංගික අල්ලස් බලාපොරොත්තු වෙනවා කියනවා?

අපි ප්‍රසිද්ධ මාධ්‍යයක වැඩ කරන පිරිසක්. ඔය ප්‍රශ්නය හරි පොදු ප්‍රශ්නයක්. ඕනෙම තැනක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. අපි දන්නවානම් ඉන්න ඕනේ විදිහ සහ ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම් කාටවත් බලපෑම් කරන්න බැහැ. අපි දන්නවා අපි කරන්න ඕනේ මොකක්ද කියලා. තමන්ගේ අතේ තියෙන වැඩක්. නිළිය කියන කෙනා හරි ගෞරවණීය චරිතයක්. බලෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. තමන්ගේ අතේ තමයි තමන්ගේ ගෞරවය රැකගෙන ජීවත් වීම තියෙන්නේ.

 

සමාජ මාධ්‍ය ඔස්සේ කෙනෙකුව ජනප්‍රිය කරන්නවා සහ නැති කරනවා?

සමාජ මාධ්‍ය හැමදේම කියලා හිතන විදිහට සමාජ මාධ්‍ය විසින්ම පොළඹවන එකමයි මෙතන තියෙන ප්‍රශ්නය. ඉස්සර කාලේ මේ දේවල් මුකුත් තිබුණේ නැහැ. ඉස්සර පත්තරයකින් කලාකරුවෙකුගේ ලිපියක් ගියාම ඒ තුළින් ඔහුගේ හෝ ඇයගේ දේවල් දැන ගන්නේ. එතන තමයි ඒ වටිනාකම තිබුණේ. ඉස්සර කාලේ කලාකරුවන්ට ආකර්ෂණයක් ගෞරවයක් තිබුණේ ඒ නිසයි. ඔවුන් නිතර පේන්න හිටියේ නැහැ. සමාජ මාධ්‍ය හොඳ දෙයක්. ඒක ගොඩාක් හොඳ විදිහට භාවිතා කරනවා නම් විතරයි. නමුත් අපි දැකලා තියෙන්නේ ඒකේ වැරදි පැත්ත විතරයි. අපි වුණත් කල යුත්තේ ඒ දෙයට ඕනාවට වඩා සම්බන්ධ වෙන්නේ නැතුව අපේ ජීවිත ගත කරන්න පුළුවන්. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මං හිතන්නේ ඕනෙම කෙනෙකුට මේ සමාජ මාධ්‍ය තුළ ගත කරන්න පුළුවන් කාලය අඩු වෙන තරමට හොඳයි කියලා මම විශ්වාස කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතයට එකතු කරන්න පුළුවන් ගොඩාක් හොඳ දේවල් තියෙනවා. හැමදේම තීරණය කරන්න ඕනේ අපි.

 

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ජීවිතේ ලොකුම බලාපොරොත්තු හැමවෙලාවේම සතුටෙන් ජීවත් වීමට ලැබෙන එකයි. පසුගිය කාලයේ ලංකාවට හිතපු නැති ප්‍රශ්නයක් වුණා. ඒ නිසා හරි ගැස්මක් ඒ දේ. ඒ දේවල් රටක වෙන එක ලොකු අපරාධයක්. දේශපානයට හෝ කාටවත් බැනලා වැඩක් නැහැ. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ. අපි හැම මනුස්සයෙකු ගැනම හිතලා වැඩ කරන්න ඕනේ. ජීවිතේ ෆැන්ටසි ලෝකයට වඩා සුන්දරත්වයක් තියෙනවා. මගේ බලාපොරොත්තුව සරල ජීවිතයක් ගත කරන එක විතරයි.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

Makeup and hair – hair by haroon / haroon shaideen

 

2019-07-08-ent-210 2019-07-08-ent-211