'නිස්සාර' ගීතය හැඩ කරපු හැඩකාර කෙල්ල
මේ දිනවල ජනප්‍රිය ගීතයක් තමයි අභිෂේකා විමලවීරගේ ‘නිස්සාර’ ගීතය. මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ මනෝජා ෆර්නෑන්ඩස්. ඇය සාරවිට කතාබහට එකතුවුණේ මේ විදියට.
මනෝජා ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම මනෝජා ෆර්නෑන්ඩස්. මම චන්දන වික්‍රමසිංහ සර්ගේ ඩාන්සින් ටීම් එකේ හිටියා. දැන් අයින් වෙලා ඉන්නේ. මම ගොඩක් ඩාන්සින් වැඩ කළේ. ඉස්සරහටත් ඩාන්සින්වලින් යමක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මේ දිනවල අභිෂේකා විමලවීරගේ ගීතයක් නිසා ඔයාව දකින්න ලැබෙනවා. ඒ ගැන කියමු?
‘නිස්සාර’ ගීතය මගේ දෙවැනි ගීතය. මගේ පළමු මියුසික් වීඩියෝ එක තමයි ඉමේෂා මුතුකුමාරිගේ ගීතයක්. ඒකට කතා කළේ අජන්ත ඒකනායක අයියා. ‘නිස්සාර’ වීඩියෝ එකට කතා කළේ චමිල් පතිරණ අයියා. මේ ගීතයෙන් මම ගොඩක් මිනිස්සු අතරට ගියා. ඇත්තටම මට සතුටුයි මේ වගේ හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන.
අද ගොඩක් නිර්මාණ බිහිවෙන්නේ රැල්ලට. ඒ අතරින් මේ ගීතය ගැන මොකද හිතන්නේ?
මේක මට හම්බ වුණු තෑග්ගක්. අද මේ වගේ විශිෂ්ට නිර්මාණ බිහි වෙන්නේ නැහැ. බිහිවෙන්නේ අඩුවෙන්. ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක මට භාග්‍යක්.
මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?
මම ඩාන්සින් කරන්නේ. මම තවම ඉගෙන ගන්නවා. ඒක නවත්තන්නේ නැහැ. ඩාන්සින් වැඩත් අතරේ හොඳ නිර්මාණයක් ලැබුණොත් තෝරා බේරාගෙන කරනවා.
මේ දේවල්වලට ගෙදරින් ලැබෙන දායකත්වය කොහොමද?
අපේ පවුල කොහොමත් කලාවට බරයි. මුල් කාලේදි අම්මා අකමැති වුණා. ඩාන්සින් නවත්තලා මේ වැඩ කරනවාට. ඒත් දැන් බනින්නේ නැහැ. තාත්තා තේරුම් කරලා දීලා තියෙන්නේ. දැන් අම්මා මාත් එක්ක හැම වැඩකටම එනවා. දැන් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.
නිරූපණය හෝ නර්තනයට හැදෑරීමක් අවශ්‍යයි නේද?
ඔව්. මම දැනට නර්තනය හදාරනවා. හැමෝම කියනවා මට මේ පැත්තත් ඉගෙනගන්න කියලා. ඩ්‍රාමා කියන දේත් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම ස්ටේජ් ඩ්‍රාමා එහෙම කරලා තියෙනවා. හොඳටම කරලා නැහැ. ඒ නිසා ඇක්ටින් ගැන ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ටෙලි නාට්‍යයකට හෝ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?
ඕනෑම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. මම බොළඳ නිර්මාණවලට කැමති නැහැ.
මනෝජාට නිර්මාණයක් තෝරාගනිද්දී ගෙදරින් බලපෑමක් තියෙනවාද?
ගෙදරින් දන්නවා මම වැරැදි දෙයක් කරන්නේ නැහැ කියලා. කොහොමත් වැඩකට කතා කරපු ගමන් අම්මාටයි තාත්තටයි කියනවා. ඊටපස්සේ එයාලා කැමති වුණාම තමයි වැඩ කරන්නේ.
අද නිරූපිකාවෝ කැමති නිවේදිකාවක් වෙන්න. ඔයාටත් ඒ කැමැත්ත තියෙනවාද?
මම ප්‍රසන්ටින් කරලා නැහැ. මම හිතනවා මට ඒකත් පුළුවන් ඇති කියලා. ඉදිරියට ආවොත් කරලා බලනවා.
වෘත්තීය වශයෙන් තෝරා ගන්නේ මොන වගේ ක්ෂේත්රයක්ද?
මම බිස්නස් සයිඩ් එක තමයි වෘත්තීයක් විදියට තෝරාගන්නේ. ඩාන්සින් කළොත් ඩාන්සින් ගුරුවරියක් වෙන්න තමයි වෙන්නේ. නමුත් මම ගුරු වෘත්තියට ආසාවක් නැහැ.
මනෝජාගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ ඩාන්සින් වැඩ කරගෙන හොඳ නිර්මාණයක් ආවොත් භාරගෙන ඉගෙනීම් කටයුතුත් කරගෙන හොඳ විදියට ජීවත්වෙන්න තමයි බලාපොරොත්තුව.
අවසාන වශයෙන් මතක් කළොත් අතහිත දීපු අයව?
මගේ අම්මායි, තාත්තයි, මහේෂ් ගංගනාත් අයියා. එයා තමයි මගේ ෆොටෝස් ගොඩක් කළේ. එතකොට චමිල් පතිරණ අයියා. අභිෂේකා අක්කා. එයා මාව සිලෙක්ට් කළේ නැත්නම් මට මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ නැහැ. මට උදවු කරපු හැමෝටම මම ස්තූතියි වෙනවා.
Dilan Chryshantha