නිෂ්පාදිකාවක් විදිහට අද මම සාර්ථක වෙලා තියෙනවා
රංගන ශිල්පිනියක් සේම වර්තමානයේ ටෙලි නාට්‍යය නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරන ප්‍රමිලා සුරංගනි සමගින් ‘සාරවිට’ අපි මෙවර කතා බහා කළේමු. මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ප්‍රමිලා ඉදිරියේදි ඇය විසින් රංගනයෙන් දායක වූ හා නිෂ්පාදනය කළ තවත් කලා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ඔබට දැකගත හැකිය.
ඔබ වර්තමානයේ වැඩිපුරම දායකත්වය දෙන්නේ රංගනයටද? එහෙමත් නැත්නම් නිෂ්පාදනයටද?
මම වැඩිපුරම දායකත්වය දෙන්නේ නිෂ්පාදනයට. මොකද, මම මගේ නිෂ්පාදනය කරන නිර්මාණය වල තමයි ගොඩක් දුරට රඟපාන්නේ.
දැනට ඔබ නිෂ්පාදන කළ නිර්මාණ හා රංගනයෙන් දායක වුණ නිර්මාණ මොනවද?
දැනට මා විසින් වාසුළි කන්ද, මෝසම් සුළඟ, වාලුකා, මඩොල් කැලේ වීරයෝ කියන ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවායේ මම රංගනයෙනුත් දායක වෙලා තියෙනවා. මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වන සද තරු මල් කියන ටෙලි නාට්‍යයෙත් මාව දකින්න පුළුවන්.
කලාවට සම්බන්ධ වෙන්න ඔබගේ කැමැත්තක් ඇති වුණේ කොහොමද?
මම පුංචි කාළේ ඉඳන්ම කලාවට ගොඩක් ආසයි. ඉතින් ඒ හීනය තමයි අද මගේ මේ හැබෑ වෙලා තියෙන්නේ. මගේ උනන්ඳුව උත්සාහය කැපවීමේ ප්‍රතිපල අද මට හම්බ වෙලා තියෙනවා. රංගනය ගැන වගේම නිෂ්පාදන කටයුතු හැමදේම මම ඉගෙන ගත්තේ තනිවමයි. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
ඔබ ගැන ප්‍රේක්ෂකයෝ කතාබහ කළ නිර්මාණ මොනවද?
මම ගැන ගොඩක් කතා වුණ නිර්මාණ නම් වාලුකා නාට්‍යය. වාසුළි කන්ද ටෙලි නාට්‍යයේ චාපා කියන චරිතය, මේ දිනවල විකාශය වන සද තරු මල් ටෙලි නාට්‍යයේ මා ඉදිරිපත් කරන චරිතය ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරන චරිත බවට පත් වුණා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් සඳහනක් කරමු?
දැනට මම නිෂ්පාදනය කළ හා දායක වුණ නිර්මාණ විකාශය වෙලා ඉවරයි හා විකාශය වෙමින් පවතිනවා. අලුත් නිර්මාණයක් ගැන තවම හිතලා නැහැ. බලමු ඊළඟ නිර්මාණයට තවමත් මම සූදානම් නැහැ.
ඔබ වඩාත් සාර්ථක නිෂ්පාදිකාවක් විදිහටද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක් විදිහටද?
නිෂ්පාදිකාවක් විදිහට තමයි මම ගොඩක්ම සාර්ථක. රංගනය ගැන තවමත් හිතමින් සිටින කෙනෙක්. මම හිතනවා ඉදිරියේදි ඒ පැත්තත් මගේ සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා.
උදව් කළ අය කවුද?
මගේ ජිවිතේ මට විශේෂ කෙනෙක් හිටියා. එයා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. හැබැයි එයා මේ රටේ කෙනෙක් නෙමෙයි. ඔහු නිසා අද මම නිෂ්පාදිකාවක් බවට පත්වෙලා ඉන්නවා. ඒ වගේම නම් වශයෙන් කියන්න බැරි බොහෝ පිරිසක් මට ඉන්නවා උදව් කරපු අය අතරේ. මට ගොඩක් udau කරපු අය. ඒ අයවත් මන් ඒ හැම දෙනාවම මම මේ මොහොතේදී මතක් කරනවා. මගේ අලුත්ම ටෙලි නාට්‍යය සද තරු මල්. මේ නිර්මාණය කරන්න ගොඩක් මට උදව් කළේ රවින්ද්‍ර විජේරත්න අයියා හා තරංග දිසනායක අයියා. ඒ දෙන්නාව විශේෂයෙන්ම මම මතක් කරනවා.
බුද්ධික සේනාධීර