නිෂ්පාදනය දෙයියො දීපු වරමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201109Hot (1)දිනවල හමුවන්නෙ ‘සඳතරුමල්’ නාට්‍යයේ ප්‍රින්සි ලෙසයි. ප්‍රමිලා සුරංගනි සේනාධීර ඇයගේ නාමයයි. ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණියේ, වාසුලිකන්ද, වාලුකා, මෝසම් සුළඟ, මඩොල් කැලේ වීරයෝ යන නාට්‍ය නිෂ්පාදකවරිය ලෙසයි. එහිදී වාසුලිකන්ද සහ වාලුකා නාට්‍යවල රඟපෑ චරිත සමග වැඩි දෙනෙක් අතරට ගිය ප්‍රමිලා මේ දිනවල, අපට හමුවන්නේ රවීන්ද්‍ර විජේරත්නගෙ, සඳතරු මල් නාට්‍යය සමගයි. එහි ‘ප්‍රින්සි’ අක්කා නමින් රංගනයේ යෙදෙන අතර, නිෂ්පාදිකාව වන්නේද ඇයයි. මේ කතාබහ ප්‍රින්සි වූ ඇය සමගයි. 

‘ප්‍රමිලා’ කියන්න ද? සුරංගනී කියන්න?

‘ප්‍රමිලා’ කියලා තමයි බොහෝ දෙනා දන්නෙ.

ගම?

කළුතර

පවුලේ විස්තර එහෙම?

අම්මා නැහැ, තාත්තයි අක්කලා තුන්දෙනයි. අය්යලා දෙදෙනයි. නංගියි මල්ලියි. මමයි මම පවුලේ හයවැනියා.

මොනවගේ පවුලක්ද?

සාමාන්‍ය පවුලක්.

ඉගෙන ගන්නෙ මොනවගේ අරමුණක් ඇතිවද?

පුංචි කාලයේ ඉඳලාම කලාවට ආසයි.

ඒකට විශේෂ හේතුවක් තිබුණද?

ආසාව තමයි. අද මේ වන විට ඒ ආසාව තමයි ඉටුකර ගෙන තියෙන්නෙ. ලොකු වෙද්දි ඒ සිහිනය කරා යන්න කැප වුණා.

ඉගෙනීමට දක්ෂ වුණේ නැද්ද?

දක්ෂ වුණා. ක්‍රීඩාවලට තමයි වඩා දක්ෂ වුණේ. කළුතර සිරි සීවලි මහා විද්‍යාලයට ගියේ. පාසලේදී ක්‍රීඩා තරුවක් වුණා.

මොන වගේ ක්‍රීඩා ඉසව් ද කළේ?

පොදුවේ සෑම දෙයක්ම වගේ කළා. උස පැනීමට දක්ෂ වුණා. දිව්වා, අත්පන්දු ක්‍රිකට් පවා කළා. කොටින්ම කිව්වොත් එල්ලේ පවා ක්‍රීඩා කළා.

මුලින්ම ආවේ රඟපෑමට ද? නිෂ්පාදනයටද?

රංගනයට ආවේ. නිෂ්පාදනය කියන්නෙ දෙයියෝ දීපු වරමක් මට. මම කළ සෑම නිර්මාණයක්ම විකාශය වෙලා ඉවරයි. දැනට යන්නෙ මේ “සඳහරා මල්” විතරයි. සිරස ටීවි එකේ සවස 6 ට විකාශය වෙනවා. එය රවින්ද විජේරත්න මහතාගේ අධ්‍යක්ෂණයක්.

මුලින්ම රඟපෑවෙ?

පොඩි පොඩි චරිත වලින් පටන්ගෙන අහම්බෙන් නිෂ්පාදිකාවක වුණේ. ඒ අතරෙදි වාලුකා නාට්‍යයේ චරිතය සහ වාසුලිකන්දේ චාපා ලෙස වැඩි දෙනෙක් හඳුනා ගත්තා. මඩොල් කැලේ වීරයෝ නාට්‍යයේ ‘සකුණි’ ටීචර් ලෙස ජනප්‍රිය වුණා.

‘සඳ තරු මල්’ නාට්‍යයේ චරිතය?

‘ප්‍රින්සි’ අක්කා

මේක මොන වගේ චරිතයක්ද?
ළමයි එක්ක සිටින ළමුනට හරියට කරුණාවන්ත චරිතයක්. බොහොම ආදර්ශවත් කතාවක්.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

පටන් ගැනීමේ සිට මේ දක්වා ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි.

අපි කතා කරමු ඔබගෙ නිෂ්පාදන කටයුතු ගැන? ඔබ කිව්වනෙ ඒක දෙයියෝ දුන්නෙ කියලා? ඒ ගැන කියමු ?

රඟපාන්න ආසාවෙන් ආ මම නොහිතපු විදියට ඒ අවස්ථාව ලැබුණෙ.

‘ප්‍රමිලා’ කිව්වාම කොහොම චරිතයක් ද?

මම කාගේවත්ම කිසිම දෙයක් හොයන්නෙ නැති, මගේ පඩුවෙ ඉන්න බොහොම පිනට දහමට කැමති පාඩුවේ සිටින සංවේදී හිතක් තියෙන කෙනෙක්.

‘ප්‍රමිලා’ ට දස්කොන් හමුවෙලා ද?

තවම එහෙම නැහැ.

මම අහන්නෙ ඔබගෙ ප්‍රේමය ගැන?

තිබුණා. දැන් මේ මොහොතේ තනිකඩයි

‘ප්‍රමිලාට’ ආදරය දැනෙන්නෙ කොහොමද?

තමන්ට - තමන් විශ්වාස වගේම අපි ආදරය කරන කෙනාට මා ගැන විශ්වාසය තියෙන්න ඕනෙ. එයා නිතරම මා එක්කම කතා කරන, මට උදවු කරන අවබෝධය තියෙන සහ රැකවරණය දෙන කෙනෙක් වෙන්න ඕනෑ. ඇත්තම කිව්වොත් මට ආදරය බොහෝම අවශ්‍ය කෙනෙක්.

ඒ කියන්නෙ ඔබ ඉතා ආදරණීය චරිතයක්?

අනිවාර්යයෙන්ම ඔව්. මම හැමෝටම ආදරෙයි.

‘ප්‍රමිලා’ ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?

සමහර අවස්ථාවලදී අපි හිතන දේ වෙනවා. සමහර වෙලාවලදී වෙන්නෙ නැහැ. කොහොම වුණත් ජීවිතය කියන්නෙ අභියෝගයක්. ඒ එන අභියෝගවලට මුහුණ දෙන්නෙ හරිම ආසාවෙන්. මම ජීවිතය හදා ගත්තෙ මගේ මහන්සියෙන් සහ කැපවීමෙන්. උනන්දුවෙන්.

ඒ කියන්නෙ ජීවිතයට බය නැහැ?

අනේ නැහැ. අභියෝගවලට මුහුණ දෙන්න ඕනෑ. අපි හරි නම් කරන්නෙ හරි දේ නම්, බය වෙන්න ඕනෑ නෑ. ජීවිතය හදාගන්නෙ මගේ මහන්සියෙන් සහ කැපවීමෙන්, උනන්දුවෙන්.

ඒ කියන්නෙ ජීවිතයට බය නැහැ?

අනේ නැහැ. අභියෝගවලට මුහුණ දෙන්න ඕනෑ. අපි හරි නම් කරන්නෙ හරි දේ නම් බය වෙන්න ඕනෑ නැහැ.

සඳ තරු මල් - ප්‍රින්සි අක්කගෙ දෙබසක් කියමුද?

“අම්මගෙ ආදරේ හරියට හඳ එළිය වගෙයි. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැහැ”

ඔබ නිෂ්පාදනය කරන ඒවාගෙ හැර වෙන නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

පසුගිය දිනවල ආරාධනා ලැබුණා. ඒත් මම වඩා ආසා කරන්නෙ මගේම නිෂ්පාදන වලදි රඟපාන්න විතරයි.

මේ ක්ෂේත්‍රය ගැන හිතෙන්නෙ කොහොමද?

වෙලාවකට කළකිරෙනවා.

හේතුව?

විවිධ පුද්ගලයන් සමග කටයුතු කරන්න තියෙන්නෙ. ආසාධාරණකම් වෙද්දි ඒවා ගිහින් දරා ගන්නවා. ඒ ශක්තිය මට තියෙනවා. 

මේ මොනවත් නොකළා නම්?

එහෙනම් මම විදේශගතවෙලා ඉන්න තිබුණා. පසුගිය කාලයේ එහෙම විදෙස්ගත වෙලා හිටියා.

අද ඔබ සතු වෙන දක්ෂතා?

නටන්න පුළුවන්. නර්තනය හැදෑරුවා.

නිර්මාංශ චරිතයක්ලු නේද?

ඔව් මස් මාංශ කන්නෙ නැහැ.

ඇයි නිර්මාංශ වුණේ?

මම ආගම දහමට දෙවියන් අදහන කෙනෙක්. කූඹියෙකුටවත් හිරිහැරයක් කරන කෙනෙක් නෙවෙයි. කුඩා කාලයේ ඉඳලා මම එහෙමයි.

ප්‍රින්සි වූ “ප්‍රමිලාට” තව වෙන මොනවද කියන්න තියෙන්නෙ?

සඳතරුමල් අධ්‍යක්ෂණය කරන රවීන්ද්‍ර විජේරත්න අය්යාට සහ එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන තරංග දිසානායක අය්යාටත්. රචනය කරන ගයාන් හෙට්ටිආරච්චිටත්, මගේ ස්තුතිය පුදන්න කැමතියි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ