නිවේදිකාවක් නොවුණ නම් මම නිළියක් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200509Bagya-(4)ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව තුළ නිතර දකින භාග්‍යා දිනුම්පුර සමගින් ‘සාරවිට’ අපි මෙවර කතා බහ කළේමු. 22 වැනි වියෙහි පසුවන භාග්‍යා පාසල් කාලයේ සිටම නිවේදනයට දක්ෂතා දක්වාද ඇත. මේ ඇය අප ඇසු ප්‍රශ්නවලට දැක්වූ ප්‍රතිචාරයන්.

 

නිවේදිකාවක් ලෙස ඔබේ ගමනේ ආරම්භය සිදු වුණේ කොහොමද?

පළමුවැනි වසරේ ඉඳලා මම පසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයට ගියා.  මම උසස් පෙළ විභාගය අවසන් වූ පසු මාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඊට පස්සේ මම පෞද්ගලික රූපවාහිනි නාළිකාවත් සමග සම්බන්ධ වෙලා වැඩ කළා. පස්සේ තමයි දැනට සේවය කරන සිරස රූපවාහිනි නාලිකාවට සම්බන්ධ වුණේ. දැන් මම එහි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට සේවය කරනවා.

 

නිවේදන වෘත්තියට යොමු වුණේ හිනයක් මතු වුණේ කවද ඉඳලාද?

පොඩි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණා. පාසල් කාලේ මම පාසලේ විවිධ වැඩසටහන්වලට නිවේදිකාවක් විදිහට සහයෝගය දීලා තිබුණා. සමහරක් විට ඒ ලැබුණ පන්නරය තමයි මාව නිවේදිකාවක් කරන්න හේතු වුණේ කියලා හිතෙනවා.

 

දැනට ඔබ දායක වෙන වැඩසටහන් මොනාවද?

මේ දිනවල නම්  සම්පූර්ණ වෙලාව යොමු කරලා තියෙන්නේ ප්‍රවෘත්ති අංශය වැඩවලට.. ඒ අතරේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් මම වැඩ කරනවා.

 

නිවේදනය දැන් ඔබගේ වෘත්තිය වෙලාද?

මගේ වෘත්තිය වෘත්තීය මාධ්‍යවේදිණියක් විදියට කටයුතු කිරීම. නිවේදනය කියන්නේ එහි එක් කොටසක් පමණයි.

 

නිවේදිකාවක් නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

නිවේදිකාවක් නොවුණා නම් බොහෝ විට මම රංගන ශිල්පිනියක් වෙයි. මොකද, මම ඒ වෘත්තියට අදටත් ලොකු කැමැත්තකින් ඉන්නවා.

 

ඒ කියන්නේ රංගනය පැත්තට යොමු වීමේ බලාපොරොත්තුවක් ඔබට තියෙනවා කියන ඒකද?

ඔව්, රඟපාන්න කැමැතයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම ඒ බොහෝවිට ඒ නිර්මාණයට එකතු වෙලා වැඩ කරයි.

 

සිනමාවටද? පුංචි තිරේටද ඔබ වඩා කැමති?

විශේෂයක් නැහැ. මොන අංශයෙන් වුණත් හොඳ නිර්මාණයක් ලැබුණොත් එය භාරගන්නවා.

 

ප්‍රේක්ෂකයෝ ඔබව අඳුනනවාද?

ඔව්, දැක්කොත් කතා බහ කරනවා. මම හිතනවා යම් පිරිසක් අතර මම ජනප්‍රියයි කියලා.

 

ඉදිරි ඉලක්ක මොනවද?

නිවේදිකාවක් විදිහට වගේම මාධ්‍යවේදිනියක් විදිහට ඉදිරියට එන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

උදව් කළ අය ගැනත් සඳහනක් කරමු?

පළමුවෙන් මගේ අම්මයි තාත්තයි, පවුලෙ හැමෝම යාලුවෝ හැමෝම අද මම මේ ඉන්න තැනට එන්න උදව් කළා.

බුද්ධික සේනාධීර

20200509Bagya-(1) 20200509Bagya-(2) 20200509Bagya-(3) 20200509Bagya-(5) 20200509Bagya-(6) 20200509Bagya-(7) 20200509Bagya-(8)