නිවේදනය සියලු දෙනාමට කරන්න බෑ
කුඩා කල සිටම නිවේදන කටයුතු සිදුකරන ඇය ඉංග්‍රීසි මෙන්ම සිංහල මනා ලෙස හැසරවීමට ඇති හැකියාව හා දක්ෂතාව මත ඇය වසර 07 කට ආසන්න කාලයක් නිවේදන ක්ෂේත්රයේ රැඳී සිටින්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය නමින් සාෂා සනාරි කරුණාරත්නය. ඇගේ තොරතුරු පැවසීමට ‘සාරවිට’ සමගින් එක්වූ මොහොතකි මේ.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම ශාෂා සොනාලි කරුණාරත්න. මම දැනට නිවේදිකාවක් ලෙස තමයි වැඩකටයුතු කරන්නේ. ඒ TV1 නාළිකාවේ Roba Eve කියන වැඩසටහන ඇතුළු තවත් වැඩසටහන් කීපයක් කරනවා.
වෘත්තීය වශයෙන් නිවේදිකාවක් වන්නේ කොයිකාලේ ඉඳන්ද?
මම 2010දි තමයි මුලින්ම නිවේදනය ආරම්භ කරන්නේ. මම උසස්පෙළ කරලා අවසන් වුන අවුරුද්දෙම English නිවේදිකාවක් ලෙස තමයි මම ඉදිරිපත්කිරීම් පටන්ගන්නෙ. Prime TV එකේ ළමා වැඩසටහනකින් තමයි වැඩකටයුතු ආරම්භ කළේ. අවුරුදු 17දී මගෙ පළමුවැනි වැඩසටහන පටන්ගන්නවා. ඉන් පසු අවුරුද්දකින් විතර පසුව මම CSN ආයතනයට සම්බන්ධ වුණා. එහිදීත් English Presenter කෙනෙක් විදියට තමයි වැඩ කළේ. CSN ආයතනය සිංහල Chanel එකක් විදියට වෙනස් වුනාම මටත් සිංහල භාෂාව ඉගෙන ගෙන සිංහල Presenter කෙනෙක් වෙන්න වුණා.
සිංහල භාෂාව ඉගෙනගෙන?
මම Lyceum ජාත්‍යන්තර පාසලට ගියෙ. මගේ පළමුවැනි භාෂාව ඉංග්‍රීසි භාෂාව. සිංහල නිවේදනය කියන එක ටිකක් වෙනස්. මට සිංහල හොඳට කතා කරන්න පුළුවන්. අපි ගෙදර කතා කරන්නේ සිංහල. ඒ වුණාට සිංහල Presenting කිව්වාම ඒ Style එක වෙනස්නෙ. සිංහල භාෂාව හසුරුවන විදිය වෙනස්. ඒ හැසිරවීමේ ක්‍රමය ඉගෙනගන්න වුණා.
පාසල් යන කාලේ ඉඳන්ම නිවේදිකාවක් වෙන්න ආසාවෙන්ද වැඩකටයුතු කළේ?
නෑ. කිසිම අදහසක් තිබුණේ නෑ නිවේදිකාවක් වෙන්න. මගේ සංගීතමය පවුල් පසුබිමක් තියෙන්නේ. මගේ තාත්තා Musician කෙනෙක්. Musicවලට තමයි මගේ මුල ඉඳන්ම තිබුණ Target එක. දැනුත් Target එක මියුසික් තමයි. නිවේදිකාවක් ලෙස පළමු ජොබ් එකට යන්න මගේ තාත්තා තමයි මාව දිරිමත් කළේ. Musician කෙනෙක් විදියට මිනිස්සුන්ට, කැමරාවට බය නැති වෙන්න ඕනේ.
නිවේදන කටයුතුවලදී ලබන අත්දැකීම් මොනවගේද?
නිවේදනය ගැන හිතාගෙන හිටියේ කතා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. හරිම ලේසියි කියලා. කතා කරන ඕනෙම කෙනෙක්ට නිවේදනය කරන්න පුළුවන් කියලා මම හිතාගෙන හිටියෙ. නිවේදනයේදී ගොඩක් සාමාන්‍ය දැනීම අවශ්‍ය කරනවා. පෙර සූදානමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. මම අකමැතියි දෙයක් බාගෙට කරන්න. ඒ නිසා මම අනිවාර්යයෙන්ම කරන දේ 100෴ කරන්න උත්සාහ කරනවා. නිවේදිකාවක් ලෙස රැකියාවක් කරන නිසා තමයි මගේ ඒ තත්ත්වයත් හැදිලා තියෙන්නේ.
ක්ෂේත්රයට ආවේ නිවේදනය පිළිබඳව හැදෑරීමක් කරලාද?
නෑ. පොඩ්ඩක්වත් නෑ. මට කිසිම Plan එකක් තිබුණේ නෑ නිවේදිකාවක් වෙන්න. මම ඒ පිළිබඳව හදාරලත් නෑ. මම මේ අවුරුද්දේ Journalism ඩිප්ලෝමා එක කොළඹ විශ්වවිද්‍යාලයේ. එයත් ඉංග්‍රීසි භාෂාවෙන් කළේ. මට Film Directing වලට කැමැත්තක් තියෙනවා. Film Directing Diploma එක කරන්න කලින් තමයි Journalism එක කළේ.
වෘත්තීය නිවේදනයෙන් මිදිලා ඉදිරියේදී වෙනත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවාද?
නිවේදනය අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යනවා. නමුත් සංගීතයට මේ අවුරුද්දේදී වැඩි තැනක් දෙනවා.
සංගීතය පැත්තෙන් ඉදිරි වැඩකටයුතු?
දැනටමත් පියානෝ සහ ගිටාර් ප්ලේ කරනවා. නමුත් ගීතමය පැත්තෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුව තියෙන්නේ.
අතහිතදුන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මගේ පළමුවැනි Screen Test එකට උදවු කරන්නේ චින්තක මලිත් කියලා ITN එකේ හිටපු එඩිටර් කෙනෙක්. ඔහු නැතිනම් මම අද Presenter කෙනෙක් නෙවෙයි. මට ගොඩක් උදවු කළ යසාරා අබේනායක, TV1 නාළිකාවේ සහ මාත් එක්ක වැඩ කරපු සෑම නිෂ්පාදකවරයෙකුටම ස්තූතිවන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Romesh Danushka