නිරූපිකාවෝ දැන් ගණන් ගන්නේ නැහැ
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන ටෙඩි චමි සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණේමු. නිරූපිකාවක් ලෙස චමි කටයුතු කළද ඇයගේ කැමැත්ත හා උනන්ඳුව වැඩිපුර ඇත්තේ රංගනටය. මේ ඇය අපිට දැක්වූ අදහස් කිහිපයක්.
ක්ෂේත්රයට ඔබ අලුත් ?
ඔව්, නිරූපිකාවක් විදිහට මම වැඩ කරන්න අරගෙන දැනට මාස අටක් විතර වෙනවා. මම වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් නෙමෙයි. ඒ හින්දා නිරූපිකාවක් කියන ලේබලයෙන් මාව හඳුන්වන එක වැරදියි. නිරූපිකාවක් වෙන්න කළින් මම මියුසික් විඩියෝවකත් රඟපාලා තියෙනවා.
දැනට ඔබ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවාද?
මේ වනතෙක් වැඩිපුර දායකත්වය දීලා තියන්නේ ඡායාරූප වලට පෙනි හිටපු එක. ඊට අමතරව පෝය දිනක විකාශය වුණ %සසර අත්හැර මග^ කියන පෝ දින නාට්‍යයේ රංගපාලා තියෙනවා. ඒ වගේම මා කළින් මා සඳහන් කළ මියුසික් විඩියෝවට දායක වෙලා තියෙනවා. එය තවත් නොබෝ දිනකනි ්විකාශය වේවි කියලා හිතනවා.
පුංචි කාලේ හිනේ දැක්කේ?
නිළියක් වෙන්න. ඒත්, කාලයත් එක්ක ඒ හිනේ නැතිවුණා තිබුණ කාර්යබහුලත්වයත් එක්ක. කොහොම හරි දැන් මට ආයෙත් ඒ වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් අනාගතයේ තියෙන ලොකුමඉලක්කය තමයා රංගන ශිල්පිණියක් විදිහට කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන එක.
නිරූපිකාවන්ට වර්තමානයේ ලංකාව තුළ තියෙන පිළිගැනීම කොහොමද?
දැන්නම් නිරූපිකාවක් කිව්වාහම කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඉස්සර හිටිය නිරූපිකාවක් එක්ක සංසන්දනය කරද්දි අද ඉන්න නිරූපිකාවන් ඉතා පහළ මට්ටමක ඉන්නේ. ඒ ගැනලොකු කණගාටුවක් තියෙනවා.
උදව් කළ අය?
මගේ ළඟින්ම ඉදගෙන මට ගොඩක්ම උදව් කරන්නේ රුචි. දුමිදු තමයි මාව මුලින්ම කැමරාවක් ඉස්සරහාට ගේනාවේ. ඉමේෂ් අයියා, ගිතෙන්ද්රර් අයියා මට නිතරම ගොඩක් උදව් කරනවා. තව ගොඩක් අය ඉන්නවා. නම් නොකිවාට ඒ අයත් ආදරයෙන් මතක් කරනවා මේවෙලාවේ.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ඉමේෂ් නුවන්දක