නිරූපිකාවක් වුණ එක ගැන මා තුළ තියෙන්නේ ආඩම්බරයක්
වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරන සෙව්වන්දි ගුණසිංහ සමගින් අද ‘සාරවිට’ කතා බහ මෙළෙස දිග හැරියෙමු. වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයකට මේ වනවිට රංගනයෙන් දායක වී ඇති සෙව්වන්දි කාලයක් රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කළ අයෙකි.
නිරූපිකාවක් විදිහට සෙව්වන්දි කාර්යබහුලද?
තරමක්. නමුත්, මම ගොඩක්ම මගේ නිදහස නැති කරගන්නේ නැහැ. දැනට වුණත් මම වැඩ කරන්නේ තෝරගෙන. මේ දිනවල ගොඩක් දුරට මම දායක වෙන්නේමනාලියන් දැක්මවල් වලට. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම දායක වුණා.
කාලයක් ඔබ රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා නේද?
ඔව්, ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. රඟපාන එක කාර්යබහුලයි. ඒ හින්දා රඟපාන එක මම අත්හැරියා. මොකද, මම නිදහසේ ඉන්න කැමති කෙනෙක් හින්දා.
නිර්මාණ ගොඩක දායක වුණ ඔබට මතකේ රැඳෙන නිර්මාණත් ඔය අතර ඇති?
‘කොමර්ෂල් බැංකු’ ආයතනය වෙනුවෙන් කරපු වෙළෙඳ දැන්වීම. ‘රෝසා කහට’, ‘සෙංකඩගල ෆීනැන්ස්’, අර්ෆිකො ෆර්නිචර්ස්’, ‘ඩයලොග්’ කියන වෙළෙඳ දැන්විම් එහෙමත් ගොඩක් අය අතර ජනප්‍රිය වුණා.
නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?
එහෙම කියලා හිතුවේ නැහැ. ඉබේම ලැබුණ ආරාධනා මත ඒ සඳහා යොමු වුණා කිව්වොත් හරි.
නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවාද?
අනිවාර්යයෙන්ම තෝරා බේරා ගැනීමක් කරනවා. දැනට මම කරපු හැම නිර්මාණයක්මත් එහෙමයි.
තෝරා ගන්නවා කියලා අදහස් කරන්නේ?
නිර්මාණයේ ගුණාත්මක බව. අනෙක් දේවල් පස්සේ මම යන්නේ නැහැ. මුදල වුණත් මට ගැටළුවක් නැහැ නිර්මාණය හොඳ නම්.
නිරුපිකාවකට අද සමාජයේ තියෙන්නේ මොන වගේ පිළිගැනිමක්ද?
ඒකා ඉතින් කෙනාගෙන් කෙනා අනුව වෙනස් වෙනාවා. දෙයක් හරියට දැනගෙන ක්ෂේත්රයට එන අය පොටෝග්රැෆර් කෙනෙක් අල්ලගෙන පොටෝ ටිකක් කරලා සමාජජාල වල දාලා ප්‍රතිචාර ටිකක් ලැබෙන කොට නිරූපිකාවක් වෙනවා කියලා. ඒක නිරුපණය දැනගෙන කරන අයට ලොකු අවාසියක්. වර්තමානයේ ගොඩක් ඉන්නෙ එහෙම අය.
නිරූපිකාවක් කියන කොට හැමෝම බලන්නේ අමුතු කෝණයකින්?
මට නම් හැබැයි අද වෙනතුරු කිසිම බලපෑමක් වෙලා නැහැ. මුණට කවුරුත් මුකුත් කියලාත් නැහැ. නිරූපිකාවක් වුණ එක ගැන මා තුළ තියෙන්නේ ආඩම්බරයක්.
ඉදිරිය කොහොමද?
ඉදිරියට නිරූපණය වෘත්තියක් ලෙස කරගෙන යනවා. ඒ අතරේ පෞද්ගලික ජීවිතයක්, කලා ජිවීතයත් සමබරව ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවා.