නිරූපිකාවක් නොවුණා නම් අද ගයාත්‍රි කියලා කෙනෙක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-134

නිරූපිකාවක් ලෙස කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණවූ ගයාත්‍රි කාංචනමාලි මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නීය. ඉදිරියේ කලා නිර්මාණ බොහොමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පිවිසීමට බලාපොරොත්තු වෙන් සිටින ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙසේ %සාරවිට^ සමගින් සංවාදයක නිරත වූවාය.

 

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි නේද?

2017-12-29-ent-130"කොළඹ සන්නිය" චිත්‍රපටයේ රීමේක් චිත්‍රපටයට පසුගිය කාලයේ දායක වුණා. ඒක තමයි මගේ පළමු සිනමා රංගනය. ඊට අමතරව තවත් ටෙලි නිර්මාණ දෙකකට පසුගිය දිනවල රංගනයෙන් දායක වුණා. ලබන වසරේ මුලදී තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල නිරූපණ කටයුතු නිසා තමයි ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ.

 

එතකොට දැන් ගයාත්‍රි කියන්නේ නිරූපිකාවක්ද? නිළියක්ද?

මම කැමතියි මාව නිරූපිකාවක් විදිහට හඳුන්වනවට වඩා රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වනවා නම්.

 

නිරූපිකාවක් විදිහට තමයි ඔබ මේ ක්‍ෂේත්‍රයට ආවේ. මොකද ඒ ගැන හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මොකද නිරූපිකාවක් නොවුණා නම් අද ගයාත්‍රි කාංචනමාලා කියලා කෙනෙක් ගොඩක් අය හඳුනන්නේ නැති වෙයි. නිරූපිකාවක් විදිහට ක්‍ෂේත්‍රයට ආපු නිසා තමයි මට මේ තරම් කලා කටයුතුවලින් ඉදිරියට එන්න ලැබුණේ කියලා මට නිහතමානීව සතුටු වෙන්න පුළුවන්.

 

ඔබ දායක වුණ කලා නිර්මාණ ඉදිරියට එන්න තියෙනවද?

මම හිතන්නේ %‘කොළඹ සන්නිය’ අලුත් චිත්‍රපටය බොහෝ විට ඉතා ඉක්මනින් තිරගත වේවි කියලා. ඒ වගේම මා අර කලින් සඳහන් කරපු ටෙලි නිර්මාණත් විකාශය වේවි.

 

ඉදිරිය ගැන කතා කළොත්?

චරිතාංග නිළියක් ලෙස කලා ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යන්න මම කැමතියි. ඒ වගේම නිරූපිකාවකට වඩා රංගන ශිල්පිනියක් ලෙස වැඩි  දායකත්වයක් ලබා දෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා.

 

උදවු කරපු අය?

උදවු කරපු අය නම් ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් මගේ අම්මා, තාත්තා හා පොඩි අයියා. ශාන් අයියා, ඉමේෂ් නුවන්දක, දුමින්ද පෙරේරා, මගේ යහළුවෝ. ඊට අමතරව කලා ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිසක් ඉන්නවා මට උදවු කරපු අය. ඒ හැමෝම මේ අවස්ථාවේදී මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

2017-12-29-ent-128 2017-12-29-ent-135  2017-12-29-ent-133 2017-12-29-ent-132 2017-12-29-ent-131  2017-12-29-ent-129