නිරූපිකාවකට වටිනාකම තියෙන්නෙ රූපය හොඳින් තියෙන තරමටයි
සත්‍ය - අසත්‍ය - මිථ්‍යා - ප්‍රබන්ධ - කටකතා, මේ ඔක්කෝම එකතු කරගෙන බූඩි කීර්තිසේන අපූරු ටෙලි කතාවක් නිර්මාණය කරලා තියෙනවා. ‘ඩයලොග් විනෝදේ’ ඇප් හරහා ඔබට එය නැරඹීමට පුළුවනි. සමාජයට සත්‍ය අවැසි යුගයක බූඩි කළ මෙම නිර්මාණය සඳහා මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, දිනක්ෂි, දසුන්, සචිනි, දර්ශන් ධර්මරාජ් ඇතුළු ප්‍රවීන සහ දක්ෂ ශිල්පීන් රැුසකගේ දායකත්වය ලැබෙනවා රූමස්සල කොටස් 10කින් සමන්විතයි. මේ ප්‍රවීන පිරිස අතර රංගනයෙන් ප්‍රථම වරට එක් වූ ලක්මාලි මලදුගල එක්ක කතාබහකටයි අද අපේ සූදානම. 2016 විවාහක රූ රැුජින වූ ඇය ආසියානු ජාත්‍යන්තර තරගය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කළා.
ලක්මාලි සුගන්ධිකා මලදුගල
ගම් පළාත එහෙම?
උපන් ගම පොලොන්නරුව. හැදී වැඩුණෙ සහ ඉගෙන ගත්තෙ කොළඹදී.
මොන වගේ අරමුණක්ද තිබුණෙ?
පවුලේ අය ව්‍යාපාරවලට සම්බන්ධ නිසා ඒවා කරගෙන හිටියොත් හොඳයි කියලා හිතුවා. විවාහවෙලා සිටියදීත් ව්‍යාපාර කටයුතු ගැන තමයි හිතුවෙ. කලාවට පැමිණීමේ ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ඒත් ආසාවක් තිබුණා. නමුත් රොසෑන් ඩයස් සහ වාසනා දන්තනාරායන මහත්මීන් නිසා විවාහක රූ රැුජින තරගයට ඉදිරිපත් වුණාම මට බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. දුර්වලතා අඩුපාඩු හදාගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් අපේ පවුලේ අය මම රූ රැුජින තරගයකට යනවට කැමැත්තක් තිබුණෙ නැහැ. මුලදි ඒ නිසාම මට උදව් කළෙත් නැහැ. ඒත් පසුව එයාලගෙ ආශිර්වාදය ලැබුණා. මගේ උනන්දුව නිසා කලා ක්ෂේත්රයට සම්බන්ධවීමට ආසා කළා. ඒ විදියට තමයි මේ ගමන යන්නෙ.
මොන විදියටද කලාවේ ගමනක් යන්න හදන්නෙ?
ලංකාවේ ඕනෑම ක්ෂේත්රයකදී ඒ කෙනා තමුන් යෙදෙන අංශයේදී එක් රාමුවකට කොටු වෙනවා. ?ම්ප් නිරූපිකාවක ලෙස මම බොහෝදුරට කටයුතු කළා. හැමෝම කිව්වෙ චිත්‍රපට ක්ෂේත්රයට එන්න කියලයි. ටෙලි ක්ෂේත්රයටත් ආරාධනා ලැබුණා. මොඩල් කෙනෙක් ලෙස ස්ථාවරත්වයක් හදාගෙන සිටි නිසා රඟපෑමේදී හොඳ දෙයක් ලැබෙන තෙක් බලා සිටියා. ඒ බලා සිටි සිහිනය ඉටුවුණේ බූඩිගෙ රූමස්සල සමගයි.
රූමස්සල ගැන කිව්වොත්?
ඒක හරි අපූරු කතාවක්. අද්භූත කතාවකුත් වගෙයි. මිනිසුන්ගෙ ජීවිත අවුල් කරනවා වගේම, සුරංගනාවියක ලෙස පෙනී සිටිනවා. අපි මේක නරඹලාම බලමු. හරි අපූරු නිර්මාණයක්.
දැන් ලක්මාලිගෙ අරමුණ දිගටම රංගන ක්ෂේත්රයේ රැඳෙන්නද?
මම කලාවට හරිම ආදරෙයි. මගේ ව්‍යාපාරය කරන අතරේ මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගන්න හැකිතාක් උත්සාහ ගන්නවා. මට මේ ගමන එන්න ක්ෂේත්රයේ සිටින විලාසිතා නිර්මාණ ශිල්පීන් වගේම තවත් බොහෝදෙනා උදව් කළා. රූමස්සල නාට්‍යයේ රඟපෑමට ලැබුණේ ප්රවීනයින් පිරිසක් සමගයි. ඒ අයගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. ඒ හැමෝටම මගේ ප්‍රණාමය පුදන්න ඕනෑ.
ලක්මාලිගෙ පුද්ගලික විස්තර කිව්වොත්?
මම විවාහකයි. චතුර පෙරේරා සැමියගෙ නමයි. අවුරුදු හයක දියණියක සිටිනවා. එයා දැන් පාසල් යනවා. ගෘහණියක් මවක් ලෙස මගේ කාර්යය ඉතා උපරිමයෙන් කිරීම තමයි මගේ අරමුණ. සියල්ලටම වඩා සියයට සීයක්ම දියණියට කැපවීම තමයි මගේ අරමුණ. ගෙදරට අවධානය දෙන ශක්තිමත් කාන්තාවක් කියලා මම හිතනවා.
කලාවට හිතගියේ ඇයි?
මෝස්තර නිරූපිකාවක ලෙස ලංකාව වගේ රටක සතුටු විය හැකි දේ අඩුයි. ආපස්සට හැරී බැලූවාම ඒ ගැන තෘප්තිමත් නැහැ. නිරූපිකාවකට වටිනාකම තියෙන්නෙ, ඇය ඇයගෙ ස්වරූපය හොඳින් තියාගන්න තරමට විතරයි. නමුත් රංගන කලාව එහෙම නැහැ. අත්දැකීම් ලබන තරමට ඉදිරියට යන්න පුළුවනි. මම ඒ වෙනුවෙන් ලැබුණු අවස්ථා මුලදී අහිමිකර ගත්තා. එදා ඒ අවස්ථා බාරගත්තා නම්, මීට වඩා දුරක් ගිහින්.
ලක්මාලිට කැමරාව ඉදිරියට රඟපෑමට ගිහාම ඇති වූ හැඟීම මොන වගේද?
ලොකු බයක් ඇතිවුණේ. ඒක ඇත්තටම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. දවසින් දවස ඉගෙන ගන්න තියෙන දෙයක්. මම මොඞ්ලින් කරන්න ආවෙත් ඉගෙන ගෙන. බ්‍රයන් කර්කෝවන් සහ රොසෑන් ඩයස් යන ප්රවීනයින් එහිදී මට බොහෝ සෙයින් උදව් කළා. එයාලා තමයි නිරූපණයේදී මගේ ගුරුවරු වුණේ. රංගනයේදී බූඩි වගේ ප්‍රවීන සිනමාකරුවකුගේ නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.
ලක්මාලි ඔබ කොහොම කෙනෙක්ද?
ටිකක් විතර තරහා යනවා. ඒත් කෙළින් තීරණ ගන්න කෙනෙක්. වෙලාවට වැඩ නොකෙරුණාම තමයි මට කේන්ති යන්නෙ.
විලාසිතා නිර්මාණය - කුමාර කරව්දෙනිය
හැඩගැන්වීම - චම්මි කුමාර
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ