නිරූපිකාවකට අද ලොකු පිළිගැනීමක් හා වටිනාකමක් තියෙනවා
නිරූපණ ක්ෂේත්‍රය තුළ වර්තමානයේ සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් ලෙස අනු නිකි හඳුන්වා දිය හැකිය. නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කර ඇති නිකි වර්තමානයේ වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ සිය අලුතෙන් අරඹන්නට සූදානම්ව ඇති ව්‍යාපාරික කටයුත්ත සඳහාය. "සාරවිට" තරු කතා බහට එක්වූ නිකී සිය අලුත්ම තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු.
මේ දවස්වල මොකද කරන්නේ නිකී?
අලුත් වැඩ කිහිපයක් ප්ලෑන් කරගෙන යනවා. මගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තකට මුල පුරන්න තමයි දැනට මගේ ලොකුම සැලැස්ම වෙලා තියෙන්නේ.
ව්‍යාපාරික කටයුතු නිසා නිරූපණ ක්ෂේත්‍රයට තිත තියන්නද සූදානම?
නැහැ. එහෙම අදහසක් නැහැ. ව්‍යාපාරික කටයුතු කරන අතරතුරදී නිරූපිකාවක් විදිහට වැඩ කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
පසුගිය දවස්වල පැජන්ට් එකකටත් සහභාගී වුණා නේද?
ඔව්, මැජස්ටික් පැජන්ට් එකට. මාර්තු 17 වැනිදා ගලදාරි හෝටලයේ තමයි මේක තිබුණේ. මේ පැජන්ට් එකේදී මට %මිස් කැට්වෝක්^ කිරූළ දිනාගන්න පුළුවන් වුණා. ඒ ජයග්‍රහණය මගේ නිරූපණ දිවිය තුළ මා ලබපු ඉතා ඉහළ ජයග්‍රහණයක් කියන්න පුළුවන්.
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්, නාට්‍යය වගේ දේවල් වලට පසුගිය කාලේ දායක වුණා ඔබ?
පැජන්ට් එක නිසා මාස කිහිපයක් මම කාර්යබහුල වෙලා හිටියා. ඒ හින්දා කලා නිර්මාණ වලට දායක වෙන්න බැරිවුණා. නමුත්, ආරාධනා ලැබිලා තියෙනවා කලා කටයුතු කිහිපයකට සම්බන්ධ වෙන්න. පැජන්ට් එකත් ඉවර නිසා දැන් ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙනවා.
නිරූපණය පැත්තට ඉඩක් දිලා නැද්ද?
මොන දේ කළත් මම වැඩිපුර තැනක් දිලා තියෙන්නේ මගේ නිරූපණ වෘත්තියට. ඒකට කවමදාකවත් මම අඩු තැනක් දෙන්නේ නැහැ. එදත් අදත් ඉදිරියටත් මගේ මුලික අවධානය හා වැඩිපුර කැමැත්ත තියෙන්නේ නිරූපණ වෘත්තියට.
ඒ කියන්නේ නීකි කියන්නේ "සුපර් මොඩල්" කෙනෙක්?
තම නම් නැහැ. නමුත්, ලඟදීම මම ඒ තත්ත්වයට එනවා. ඒකම මට විශ්වාසයි.
නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොපමණ කල්ද?
දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
මේ ගෙවුණු කාලය නිරූපිකාවක් විදිහට මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. පුංචි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණ දෙයක් තමයි නිරූපිකාවක් වෙන එක. ඉතින් ඒ තැනට අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නිරූපිකාවක් විදිහට ලොකු ගමනකුත් අද මම ඇවිල්ලා තියෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ එක්ක නිතරම වගේ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා යමක් ඉගෙන ගත්තා කියලා හිතනවා. ඉතින් ගොඩක් සතුටුයි මට.
නිරූපිකාවක් කිව්වොත් අද ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති චරිතයක් නේද?
එහෙම දෙයක් ඉස්සර තිබුණත් දැන් එහෙම දෙයක් නැහැ. අද සමාජය දියුණුයි. නිරූපිකාවකට අද ලොකු පිළිගැනීමක් හා වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ජනක කුමාර